ම‍ට මේ ආරන්චිය කීවෙ චානුක වත්තතේගම, ඒත් පෙරේදා සවස සිට මගේ අඩවිය ස්ථාපනය කර ඇති සර්වරයේ දෝෂයක් නිසා අද තමයි දාන්න වෙන්නෙ. දැන් ඩයලොග් සමාගමත් තම පාරි‍භෝගිකයන්ට මොබිටෙල් 3G Daily Delight වගේ පහසුකමක් දැන් හදුන්වා දෙනව. ඒක තමා Prepaid Broad Band කි‍යන්නෙ. මෙක හැබැයි‍ මේක වෙනස තියෙන්නෙ මේ සබදතාවයේ මිනුම් සිදුකරනුයේ අනෙක් ජංගම දුරකථන අන්තර්ජාල සේව මෙන් භාවිතා කරන ධාරිථාවට නොව කාලයටයි.
මේකෙ මුල්ම තේරීම රු 20/- න් පටන් ගන්නෙ. රු 20/- මිනිතුතු 30 ක සැරිසැරීම් කාලයක් ලබාදෙන අතර එය දිනය ඇතුලත ඕනෑම ලෙස පැය භාවිතා කල හැකිය.
නෙක් පැකේජය රු 50/- ක් වන අතර මෙමගින් පැය 2ක සැරිසැරීම් කාලයක් ලබාදෙන අතර එම පැය දෙක දින තුනක් තුල ඕනෑම වේලාවක භාවිතා කල හැකිය
අනෙක් පැකේජය රු 400/- ක් වන පැය 24 ක සැරිසැරීමක් ලබාදෙන පැකේජයයි. එය සතියක කාලයක් වලංගුයි.
මෙහි ඇති විශේෂත්ය නම් මෙම සබදතාවය 3G Daily Delight මෙන් නොව භාවිතයට දිනකට වඩා කාලයක් ලබාදීමයි.
එමෙන්ම මෙය පසුගෙවුම් වල සක්රිiය කිරීමට “KBB ලෙස 678ට කෙටිපණිවයක් යොමුකිරීමෙන් මෙය සක්රිුය කරගත හැකිය. උදා “KBB 20”
පෙරගෙවුම් වල සක්රිකය කිරීම‍ට “KBB“ පමණක් යොදා 678 වෙත කෙටිපණිවිඩයක් යොමුකල යුතුයි. මගේ හැගීම අනුව ඒසේ යොමුකල විට රු 20/- තේරීම වෙන්න ඕනි සක්රි7ය වෙන්නෙ
එමෙන්ම මෙම සබදතාවය සක්රිටය කරගත් පසු අන්තර්ජාල සම්බන්ධවන APN (Access Point Name) ගොනුව kitbb ලෙසයි යෙදිය යුත්තෙ
හැබැයි ඩයලොග් සමාග‍ම පවසන විදිහට මේකට වෙනමම සිම් පතක් ලබාගතයුතුයි කියලයි පාරිභෝගික සේවාව කියන්නෙ. දත්ත සිම් පතක්. නැතිනම් තිබෙන සබදතාවය මාරුකල යුතුයිලු. ‍ඒත් එහෙම කලාම මේකට ඇමතුම් ලැබීමක් නෑ. ඒ අතින් මොබිටෙල් නම් පහසුයි. මේකෙ විකාර කියවනව . ඒත් ඩ‍යලොග් වෙබ් අඩවියෙ FUP තිබෙන බව පැවසුවත් මෙයාලගෙ පාරිභෝගික සේවාවනම් කියන්නෙ මේකට FUP නෑ කියලයි. ඒ අතින් විතරයි වාසිය. අ… තව වාසියක් ‍නෙවේ පහසුකම්ක් දෙනව. මෙයාලගෙ වෙබ් අඩවියෙන් අපේ භාවිතය පරික්ෂාකල හැකියි. වාසිනම් එච්චරයි වෙන්න ඕනි. ඔය කීවට අපේ පෙරගෙවුම් සිම් වලටත් ‍වැඩඩ දන්නෙ නෑ. මම තාම දාල බැලුවෙ නෑ.
මේකෙ වේගය 1.2Mbps කියලයි කියන්නෙ. ඒ වගේම තමා මෙයාලගෙ මොබිටෙල් වගේ ක්ෂණිකව සක්රිෙය වෙන්නෙ නෑ. ඒකට එයාල උපරිම පැය 4 ක් ඉල්ලනව. පැය 4න් සක්රිවය නොවුනොත් පාරිභෝගික සේවාව අමතන්නලු. මම මගේ ඩයලොග් පෙරගෙවුම් සබදතාවයක් රු 10/- තිබියදීත් මෙය සක්රිණය කිරීමට කෙටිපණිවිඩයක් යැවුව. හැබැයි මෙයාලගෙ පාරිභෝගික සේවාවෙන කීව වගේ මගෙ සබතාවෙ කිසිම මාරැකිරීමක් කලේ නෑ. ඒත් මෙයාලගෙන් කෙටිපණිවිඩයක් ආව තව පැය 4ක් ඇතුලත සක්රිාය වෙයි කියල. මාර පහසුකම.

Dialog Prepaid Broadband start from Rs 20/-
Tagged on:

14 thoughts on “Dialog Prepaid Broadband start from Rs 20/-

  • February 26, 2009 at 1:20 pm
    Permalink

    1 ඉදිරියේදි තව ගෑස් බහීවි කොල්ලො…!
    2(දින 2ක් මාලින්ද‍ගේ අඩවියට මොකද වුනේ?)
    3-සක්්‍රිය? සක්රිණය? සක්‍රිය.අහෝ සිං,, !

    Reply
  • February 26, 2009 at 2:45 pm
    Permalink

    පැය 4ක්???? ඒ කියන්නෙ අපි පැය 4කට කළින් දැනගෙන ඉන්න ඕන internet access කරන්න ඕන කියලා… හික් හික්… Mobitel හොඳයි. වෙනම සිම් එකක් ගන්නත් වෙනවා. මේකෙ ගණන් හිටන් වැඩියි වගේ ම‍ට නම්.

    Reply
  • February 27, 2009 at 6:00 am
    Permalink

    මේක තියෙන පෙර ගෙවුම් සිම්පතටත් වැඩ කරනවා. මට නම් KBB යවපු ගමන් සක්‍රීය වුනා. අදාල ගාන ගහලා යවපු ගමන් user name , password එවනවා. එකෙන් ලොග් වුනාම වැඩ. අදාල කාලය භාවිතා කරන තුරු සාමාන්‍ය GPRS සේවාව අක්‍රීය වෙනවා. ඒ නිසා වෙනත් ගානක් කැපෙන්නේ නැහැ

    Reply
  • March 4, 2009 at 3:56 am
    Permalink

    එහෙම එකකුත් තියෙන එත හොඳයි.

    දවස පුරාම පොඩි වැඩක් (Chat ටගේ) නම් මොබිටෙල් පාවිච්චි කරනවා.
    මොනව හරි බාන්න තියෙනවා නම් මේක දානවා..

    හික්. හික්.. 😀

    Reply
  • March 6, 2009 at 9:09 am
    Permalink

    මට ADSL ගැන මිසක් mobile broadbrand ගැන දැනීමක් නැහැ.
    මගේ ගාව KIT prepaid sim එකක් තියනවා. මොඩම් මොකුත් නැතුව ඒකෙන් broadband internet connect වෙන්න පුලුවන්ද?

    පියවර ටික කියනවද?

    Reply
  • March 6, 2009 at 9:44 am
    Permalink

    පුලුවන්. එක්‍කො ෆෝන් එකෙන් යන්න පුලුවන්. නැත්තම් ෆෝන් එක පරිගණකය හා සම්බන්ධ කරල ඒකෙ තියන මොඩම් එකෙන් ෆෝන් එක හරහා සම්බන්ධ වෙන්න පුලුවන්

    Reply
  • March 7, 2009 at 5:20 am
    Permalink

    “ෆෝන් එක පරිගණකය හා සම්බන්ධ කරල ඒකෙ තියන මොඩම් එකෙන් ෆෝන් එක හරහා සම්බන්ධ වෙන්න පුලුවන්”

    මේ ක්‍රමය ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද? (මගේ ෆෝන් එක Sony Ericsson W800i)

    Reply
  • March 8, 2009 at 12:51 pm
    Permalink

    හරි ලේසියි. මුලින්ම දුරකතනයෙ Internet Settings හදල වැඩද බලන්න.
    ඉන්පසු දුරකතනය Phone Mode එකෙන් සම්බන්ද කරන්න.
    Drivers දාන්න.
    Dial Up Connection (Control Panel> Network Connections> Create New Connection [side pane]) එකක් හදන්න දුරකතනයෙ Data Modem එක තෝරල
    එක ඉවර වෙලා. Dial (Start> Connect to> [connection name] ) කරන්න
    අන්කයට *99***x# ලෙස දෙන්න. මෙහි x ලෙස 1 සිට ඉහලට දගෙන යන්න. මෙකෙන් කියන්නෙ දුරකතනයෙ Internet Settings එකේ අන්කය
    වැඩ නැත්තම් *99***1# සිට *99***2# ලෙස ඉහලට එකෙන් එක Dial කරල බලන්න

    නෙත්තම් PC Suit එකෙ Connectivity වලින් Connection එකක් හදන්න පුලුවන්. එකෙන් දුරකතනයෙ සැකසුම් කියවල හරි සැකසුම තෝර්න්න තියෙන්නෙ

    Reply
  • March 10, 2009 at 10:44 am
    Permalink

    හරි ලබන සති අන්තයේ ට්‍රයි කරල බලන්නම්.

    ගොඩක් ස්තූතියි.

    Reply
  • March 10, 2009 at 12:04 pm
    Permalink

    නැතිනම් ඔය දුරකථන මාදිලියෙ සමහර විට ඇති Connectivity වල කොහෙහරි USB Internet වගේ එකක්. ඒක On කරල ඒකට හරි අන්තර්ජාල සේවා සැපයුම් සැකසුම් තේරැවහම එයා Phone Mode සම්බන්ධ කල විට ස්වයංක්‍රියව අන්තර්ජාලය හා සම්බන්ධ වෙනව. අපිට අලුත් නෙට්වර්ක් කාඩ් එකක් හරහා යනව වගේ යන්න පුලුවන්

    Reply
  • March 14, 2009 at 4:20 am
    Permalink

    Mobitel M3 modem ekakin meka karanna puluwanda? 2GB finish wela godak kal.

    Reply
  • March 14, 2009 at 10:23 am
    Permalink

    බෑ. මොබිටෙල් වල අයකරන්නෙ භාවිතය අනුව. කාලය අනුව අය කරන එකම දැනට ඇති එකම ජංගම දුරකථන ජාලය ඩයලොග්. ඒත් මේ සේවාවෙ විතරයි.

    Reply
  • June 16, 2012 at 5:45 pm
    Permalink

    I appreciate you taking the time to talk about them with people. 553405

    Reply

Leave a Reply to Malinda Cancel reply

Your email address will not be published. Required fields are marked *