අපේ තියන මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග වල පිටපත් හුගක් ඒව හොර පිටවත්. ඒ කියන්නෙ වින්ඩෝස් හා ඔෆිස් වැනි බොහෝ වැදගත් මෘදුකාංගත්. එම නිසා ඒව හරියාකාරව ක්රැක් කිරීමට ලක් නොකර අන්තර්ජාලය ඔස්සේ යාවත්කාලීන කිරීමට බැහැ. ඒ වගේමයි හොද අන්තර්ජාල සබදතායක් නැතිවත් නිත්‍යානු කූල පිටපතක් තිබ්බත් අමාරු වැඩක්. අනික අන්තර්ජාලය නිවසේ නැති ඇය, HSDPA වැනි සබදතා භාවිතා කරන අයට තම පරිගණකය යාවත්කාලීන කැගැනීමට අපහසුයි. අපි වයිරස් ආරක්ෂක මෘදුකාංග වල නම් යාවත්කාලී කිරීම් වෙනමම බාගත කර ගෙවිත් දමාගන්නව. ඒ වගේ වින්ඩෝස් හා ඹෆිස් සංස්කරන වල යාවත්කාලීන කිරීම් අන්තර්ජාලය ඇති පරිගණකයකින් බාගත කර දමාගත හැකි. එසේම තම කාර්යාලයක වගේනම් මෙය පහසු වේවි. මන්ද, පරිගණක 10 ක් ඇතිනම් යාවත්කාලීන කිරීම් 10 වරක් නොබා එක වරක් පමණක් බාගත කර දමාගත හැකි.
තවද මෙහිදී WGA බාගත නොවෙන නිසා නීත්‍යානු කූල නොවන පිටපතක් උවත් යාවත්කාලීන වීම ගැටලුවක් නොවේ.
මුලුන්ම මේ සදහා අවශ්‍යය කුඩා ටූලය බාගත කරගන්න. (මෙම සබැදුමෙන්). ඉන්පසු තමාට අවශ්‍යය සංස්කරන තොරන්න. ඒ කියන්නෙ වින්ඩෝස් (විස්ට, XP හෝ වෙනත්) සංස්කරනය හා ඔෆිස් සංස්කරනයයි. මෙහිදී ඔෆිස් සංස්කරන කීපයක් හා වින්ඩෝස් සංස්කරන කීපයක් තෝරාගත හැකියි. එමෙන්ම එම සංස්කරන වල තෝරා ගැනීමට භාෂා කීපයකුත් තිබේ. කැමති මෘදුකාංග, සංස්කරන, භාෂා එකක් හෝ කීපයක් තෝරා අවශ්‍යය සැකසුම් දෙන්න. එනම් තමාට Dotnet Frame work බාගත කිරීමට අවශ්‍යයද, Service Pack භාගත කරගත යුතුද යන්න. මේ සදහා සැලකිය යුතු ප්‍රමාණයක් බාගත විය යුතුයි. ඉන්පස් තමාට මෙම සංස්කරන වෙන වෙනම තැටි ගත කරගැනීම‍ට ISO ගොනු ලෙස සැකසිය යුතුද යන වගත් ලබාදෙන්න. ඉන් පසු ආරම්භ කරන්න.

ct-updater

එවිට ඩොස් කවුලුවක් පැමිණ බාගත වේවි. විස්‍ටා වල සමහර වේලාවට දෝස මතුවී නැවත, නැවත උත්සහ කලොත් ප්‍රති පණ ගන්වන්න. මගදි ඇන හිටියහොත් නැවත ඇබන්න. එතැනිස්ට මතු සම්බන්ධ වේවි.

බාගත වී අවසන් ඌ වි‍ට ISO ගොනු ලෙස ලබාදුන්නානම් ISO ෆෝල්‍ඩරයේත් එසේ නොමැතිනම් Client යන ෆෝල්ඩරයේත් යාවත්කාලීන න ගොනු තිබේ. එහි හෝ ISO ගොනුවේ ඇති install Updates යන අයිකනය ධාවනය කිරීමේන් යාවත්කාලීන කරගත හැකි. කරල බලන්න.

බාගත කිරීමට

Install Microsoft Updates without Internet.

3 thoughts on “Install Microsoft Updates without Internet.

  • May 7, 2009 at 12:18 pm
    Permalink

    ටූලය download කරන ලින්ක් එක දාන්න අමතක වුනාද?

    Reply
  • May 7, 2009 at 12:27 pm
    Permalink

    සමාවෙන්න. පහලින් ලින්ක් එක තියනවා. දැක්කෙ නැහැ.

    Reply
  • May 8, 2009 at 10:02 am
    Permalink

    ඒක් පේන්නෙ නෑනෙ. ලිපිය මැද තියන සබැදුමට ලින්ක් එක දාල නෑ. හරි දැන් දාන්නම්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *