මීට ටික කලකට පෙර මොබිටෙල් සමාගම විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් නිතුත්කල මොබිටෙල් රු 20 කාඩ්පත් මතක ඇතිනෙ. මේවැනි අඩුමුදලකට ඉස්සෙල්ලාම මොබිටෙල් සමාගම තමා ප්‍රථම වථාවට 20ක් නිකුත් කලේ. ඒක නිසාත් ලේසිය, පහසුව නිසාත් මේ කාඩ්පතට හොද අලෙවියක් තිබ්බ. සාමාන්‍යය 50,100ට වඩා මෙක ජනප්‍රය උනා. අතේ තියන ගානකට කාඩ් ගන්න පුලුවන්. ඒ වගේම Daily Delight වගේ සේවාවන් ගද්දි ගානට දාගන්න මේක හොද විසදුමක්. අතේ සතේ නැති උනත් 20ක් දාගන්න කාට උනත් පුලුවන්. 50 ක් 100 ක් හොයාගන්නවට වඩා 20ක් හොයාගන්න බැරිකමක් නෑනෙ. ඒ වගේම ඔය මල් කඩද්දි එහෙම රු 10 ක් යවනවට වඩා කාඩ් එකක් යවන එක ලේසිය්. වගේම ලාබයි. මොකද රු 10 ක් ස්මාට් ශෙයා එකෙන් යවද්දි රු 2.62 ක් විතර කැපෙනව. ඒත් කාඩ් එකේ පින් යවද්දි එහෙම වෙන්නෙ නෑනෙ. ශත 32ක් විතරනෙ කැපෙන්නෙ. ඒත් කඩවල අය මේ කාඩ් එකට දක්වන්නෙ අඩු සැලකිලි. බොහෝ කඩවලට 20 කාඩ් ගන්නෙ නෑ. ඒත් සමහර ඒවගෙ තිබයනව. දැන් අවුල මේ කඩවලත් දැන් කාඩ් නෑ. මීට දින කීපයකට කලින් කීව පුතා ආයෙ 20 කාඩ් එන්නෙ නෑ කියල. නමුත් අනෙක් කඩවල තිබ්බ. දැන් ඒ කඩවලත් 20 ඒව නෑ. අහපුවහ කීවෙ ඒවගෙ ලාබය අඩු නිසා ගෙන්වන්නෙ නෑ කියල. ඒකෙන් වෙන්නෙ බොහෝ දෙනා අපහසුතාවයට පත්වන එක. සාමාන්‍යයෙන් රු 100 කාඩ් එකකට රු 4 ක ලාබයක් තිබ්බ. ඒ කියන්නෙ රු 20 ට ඇත්තෙ ශත ගානක්. මොනව උනත් දැන් මේ කාඩ් එක හොයාගන්න නෑ. මොබිටෙල් එකෙන් අහල යාලුවෙක්. එයාල කියල කාඩ් හිගයක් තියනව. ඒක ටික කලකින් හරියයි. අපි අඩුව පුරවන් යනව කියල. මොනව උනත් කඩවල අය කියන්නෙ ආයෙ 20 නෑ කියල.
මොබිටෙල් අවමගාස්තුව රු 50 දක්වා වැඩිකරයිද?
අපරාදේ, මමත් ගොඩක් පාවිච්චි කරන්නේ 20 කාඩ් තමා.
Pingback: Tweets that mention මොබිටෙල් අවමගාස්තුව රු 50 දක්වා වැඩිකරයිද? | Malinda's Blog - මාලින්දගේ සටහන -- Topsy.com
අපරාදේ!
20 card nethiunata 20 Reload thiyanawa. Samahara Kadawa nan 20 Danne
Ne eth Apinan Danawa.
Mobitel Den Ala wela Apita thibba Sim Comisan ekatha Adu karala.
කොහෙද 20ට රීලෝඩ් හුගක් තැන් දාන්නෙ නෑනෙ. සමහර අයනම් දානව.