මුලින්ම ගූගල් මැප් එකේ ලංකාවෙ සැටලයිට් රූප විතරයි තිබ්බෙ. දැන් ටික කලකට පෙර ලංකාවෙ ප්‍රධාන මාර්ග හා ප්‍රධාන නගර වල සිතියම් ගූගල් මැප් එකේ හදාගෙන යන බවක් දැක්ක. ඒත් මේ සිතියම් තිබ්බට අපට අවශ්‍යය මාර්ගය සොයගන්න. එනම් අපිට කුරුණෑගල සිට නුවර යම් ස්ථානයකට මාර්ගය දැනගන්න අවශ්‍යයයැයි කියමු. ඒ ‍සේවාව මෙතෙක් කල් ලංකාව තුල තිබ්බෙ නෑ. ලංකාවෙ අපිට ලංකාවෙ සිතියම් විතරයි බලන්න පුලුවන්. ඒත් දැන් අපිට අවශ්‍යය ස්ථාන දෙක දුන්නහම අදාල මාර්ගය, දුර, දල වශයෙන් වෙලාව, හා හැරෙන්න ඕනෙ යන්න ඕනෙ පාරවල් ගූගල් මැප් එකේ දෙනව. මම හිතන්නෙ මේක දවස් කීපයකට පෙර ඉදන් තියෙන්න ඇති.
ජංගම දුරනථනයෙ Google Map තියනවනම් හදිස්සියට කටිටියගෙන් අහන්න ඕනෙ නෑ, ඒවගේම GPS තියන දුරකථන වලින් වැඩ ගන්න ලේසි වෙයි. හැබැයි තාම Street View කියන සේවාවනම් නෑ. ඒකත් ලගදිම එයි.
මට මේක අද කණාවට හමුඋනේ. කාලිංග අයිය 13 වෙනිද තියන වැඩමුලුව තියන තැන මැප් එක දාල තිබ්බ. ඒකෙ රේණුකා හෝටලයෙ විස්තරය බලද්දි කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ඉදන් මීටර් 800 ක් දුරින් කියල තියනව. එ‍තකොට තමා ‍මේක කරල බලන්න හිතුනෙ.
මේකෙන් කුරුණෑගල ඉදන් උනත් ගන්න පුලුවන් මාර්ග විස්ත‍රය. මම හිතන විදිහට තාම දෙන්නෙ සාමාන්‍යය මාර්ග විස්තරය විතරයි. දුම්රිය මගින් පෙන්වන්නෙ නෑ. බොහෝ දුරට නිවැරදිව විස්තර ‍තියනව. ඕනෙ උනොත් හොයල බලන්න.

මේ ලින්ක් එක මම බලපු විස්තරය
http://maps.google.com/maps?f=q&source=s_q&hl=en&geocode=&q=Renuka+City+hotel,+colombo&sll=37.0625,-95.677068&sspn=54.928982,79.013672&ie=UTF8&hq=Renuka+City+hotel,&hnear=Colombo,+Sri+Lanka&z=14&iwloc=A&cid=13074399835183943025

Google Map Direction On Sri Lanka

12 thoughts on “Google Map Direction On Sri Lanka

  • February 10, 2010 at 6:53 am
    Permalink

    මේකනම් බොහොම ප්‍රයෝජනවත් දෙයක්. මට Google Maps සෑහෙන්න උදව් වෙලා තියනවා මේ නොදන්න රටේ පාරවල් හොයාගන්න. දැන් ඉතින් ලංකාවට ආවහමත් පාරවල් අහ අහ ඉන්න ඕනේ නෑ, ඇඩ්ඩ්‍රස් එක ගත්ත ගියා.

    Reply
  • February 10, 2010 at 7:13 am
    Permalink

    ඒක හරි. ඒත් තාම හුගක් ලිපිණ මේකෙ නෑ. පුලුවන් අය පුලුවන් ඒව ඇතුලත් කරන්න තියෙන්නෙ

    Reply
  • February 10, 2010 at 7:14 am
    Permalink

    මේකනම් වටින කියන දෙයක්…දැන් ඉතින් තනිවම හොයාගෙන යන්න පුලුවන්…

    Reply
  • February 10, 2010 at 10:01 am
    Permalink

    හුඟක් වටිනව. මේක එන්නෙ කොයි කාලෙද කියල බල බල හිටියෙ. බොහොම ස්තුතියි තොරතුරට.

    Reply
  • February 10, 2010 at 10:07 am
    Permalink

    එලකිරි වගේ වැඩ! ඇත්තටම කවුද මේවා කරන්නේ? කවුරු වුනත් හරිම ප්‍රයොජනවත්! වගේ ගෝලීය දැවැන්තයන්ට විතරද මේ තාක්ශණය තියෙන්නෙ? මේ දේවල් එක්ක අපිට මොනවද කරන්න පුලුවන් ?

    Reply
  • February 10, 2010 at 10:08 am
    Permalink

    හැබැයි ඉතිං මේකෙ කියන ඒවම විශ්වාස කරන්න යන්න එපා. මම ඉන්න හක්මණ ඉඳන් මාතරට යන්නෙ කොහොමද කියල අහල බැලුවම කියනවා හක්මණ – කඹුරුපිටිය – තිහගොඩ – මාතර කියන මාර්ගයේ යන්න කියලා (නගර නම් වලින් කීවෙ නැහැ, මාර්ග අංක වලින් කීවෙ.). නමුත් කෙලින්ම හක්මණ – තිහගොඩ (හරහා) – මාතර යන්න පුළුවන් ගමන. ඒ නිසා නොදන්න පළාතක මේකම විශ්වාස කරනවට වඩා, ළඟ ඉන්න කෙනෙකුගෙන් විමසීම තවමත් වඩා විශ්වාස දායකයි.

    Reply
  • February 10, 2010 at 10:27 am
    Permalink

    @බුධාජීව: ඒ පාර කිව්ව එකට වඩා දුරින් අඩුද දන්නෑ?

    Reply
  • February 10, 2010 at 10:27 am
    Permalink

    @ බුධාජීව
    ඒක වෙන්න පුලුවන්. තාම ලංකාවට හදුන්වල දීල දින කීපයයිනෙ. පිටරටක වගේ ගැහුවොත් විකල්ප පාරවල්, එක එක ROOT, බස් වෙලාව, දුම්රිය වෙලාව වගේම මාර්ග තදබදයත් තියනව. ලංකාවෙ තාම එහෙම දියුනු නෑනෙ. අනෙක් රටවල මෙන් මේකට ගූගල් සමාගමට රජ්‍යය අංශවල ලොකු සහයකුත් නෑනෙ. ඒ වැරදි ඒ අයට කීවනම් හරි. ඒ අය හදයි

    Reply
  • February 11, 2010 at 1:11 am
    Permalink

    මේක නම් බොහොම වටිනවා. තව ටික දවසකින් එහෙනම් වාහන වල සවිකරන පාර කියන යන්ත්‍ර එහෙම ලංකාවෙත් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. අපූරුයි!
    මේකෙ දක්වන දුර ප්‍රමාණ නම් නිවැරදියි. නමුත් මේකෙ දක්වන වෙලාවලට නම් අපිට intercity බස් එකක ගියත් යන්න බෑ. මං කළුතර ඉඳං කොළඹට බැලුවා, මි.36යි ලු. රේසින් කාර් එකක වගේ යන්න වෙයි මි.36න් යන්න. 😀

    Reply
  • February 11, 2010 at 1:18 am
    Permalink

    ඉස්සර ඩයලොග් සමාගම හදුන්වල දුන්න නැවිගේටරය තහනම් කලානෙ. මේකට එහෙම කරන එකක් නෑ. නොකියා නැවිගේ‍ටර් දුරකථන වල නියමෙට මේක බලාගන්න පුලුවන්

    Reply
  • February 20, 2010 at 11:41 am
    Permalink

    මේක පාවිච්චි කොරන හැටි පොඩ්ඩක් කිව්ව නං හොඳයි නේද

    Reply
  • February 20, 2010 at 2:42 pm
    Permalink

    ඒක හරි ලේසියි. පරිගණකයෙනම් Maps.google.com වෙත යන්න. ඒකෙ මැප් එක සර්ච් කරල හරි සිතියමෙන් හරි හොයාගන්න ඕනෙ පටන් ගන්න තැන. එතන රයිට් ක්ලික් කරල Direction From Here යන එක ක්ලික් කරන්න. එවිට වම්පස තීරුවෙන් Get Direction යන්න එයි. අවසානය ටයිප් කර හෝ සිතියමේ සොයා Direction To Here යන්න ලබාදෙන්න. නැතිනම් කෙලින්ම සිතියමේ උඩ ඇති Get Direction ලබාගෙන එහි ලිපිණ දෙක ලබා‍දීමෙන්ද සොයාගත හැකිය

    Reply

Leave a Reply to Malinthe Cancel reply

Your email address will not be published. Required fields are marked *