මොබිටෙල් වේගය
මොබිටෙල් වේගය

දැන් මොබිටෙල් එපාම උන තැන අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධිකරල දැම්ම (කලින් මොබිටෙල් ගැන ලියපු ලිපි ලිපිය අවසානයේ) . ඒත් වෙන විකල්පයක් අවශ්‍යය නිසා තිබ්බ ඩයලොග් සිම් එකකට රීලෝඩ් එකක් දාල ගත්ත චෙක්කරල බලන්න ‍ඩයලොග්. වෙනදා 3G සිග්නල් පෙන්නන්නෙ නැති උනාට අද මෙන්න ‍එකපාර මොඩම් එකෙ නිල්පාට ලයි‍ට් එක පත්තු උනා. සිගනල් 1ක් විතර යන්තම් එනව 3G.

සංඥා අඩුවිට වේගය

දැන් 3G ත් තියන නිසා අන්තර්ජාල සම්බන්ධතාවය සක්‍රිය කරල ගත්ත යන්න කියල අන්තර්ජාලයට. ඒපාර එකපාර ‍හොද වේගයක් ඇවිත් ටිකකින ඩවුන්ලෝඩ් නැතිව ගියා.  බලද්දි සිග්නල් අවුලක්. ඒපාර USB වයරයක් අරන් එල්ලුව මොඩම් එක ජනේලයේ. ඒපාරනම් ඉස්සෙල්ලාට වාඩා සංඥා‍ තියනව. ආයෙ බලද්දි ඩයලොග් සයි‍ට්  එකට ගියාට අනිත්ව හිටපු ගමන් තමා ලෝඩ් වෙන්නෙ. කැඩි  කැඩි. වෙනස්කලා DNS ගූගල් වලට.ඒපාර නියමෙට වැඩ කරනව. හොද වේගයක් ආව.

SpeedTest
SpeedTest

ස්පීඩ් ටෙස්ට් දෙකක් දාල තව වෙලා තිබ්බ නිසා දැම්ම තිබ්බ ඩවුන්ලෝඩ් එකක්. ඒකත් හොද වේගයකින් බෑවෙනව. මොබිටෙල්ලගෙ මෙහෙම වේගයකු ඇවිත් තියෙන්නෙ බොහොම ඉස්සර කීප පාරක්.

IDM Download Speed around 258KBps
IDM Download Speed around 134KBps

වේබ් අඩවිත් හොද වේගයකින් ලෝඩ් වෙනව. බැරිම තැන මොබිටෙල් එක විසන්ධි කලාට මම හිතුවෙ වෙන ටෙලිකොම් ඇර වෙන විකල්පයක් නැතිව ඇති කියල. ඒත් දැන් ඩයලොග් තියන නිසා කේස් එකක් නෑ.  ඉස්සසර තිබ්බෙ නැති ටවර් එකකින් දැන් සිග්නල් එ‍න්නෙ. මොබිටෙල්ල ටවර් එකක් ගහල අහන හැමදාම ඉක්මනට ඒකට 3G දෙන්නම් කීවට තාම නෑ. ඒත් ලග පාත තියන ඩයලොග් ඒවගෙ තියනව. ඉස්සර ඒ කියන්නෙ අවුරුද්දකට විතර කලින් කුරුණෑගලික් කිලෝමීටරයක් ගියහම 3G නෑ මේ පැත්ත‍ට. ඒත් දැන් හොදා. ගන්න ඕනෙ ඉක්මනට ඩයලොග්ලගෙ පැකේජ් එකක්. මොබිටෙල්ලට වඩා‍ වේගය හහොද උනාට ගාත් පොඩ්ඩක් වැඩී තමා. මෙහාට එයාටෙල් කොහොමත් නෑනෙ 3G

මෑතකදි සිංහල බ්ලොග්කරුවන් අන්තර්ජාල අවුල් ගැන ලැයවුනු ලිපි

http://blog.malindaprasad.com/2010/01/13/mobitel-hsdpa-like-privet-bus/http://blog.malindaprasad.com/2010/01/13/mobitel-hsdpa-like-privet-bus/http://sinhala.kalingasblog.com/2010/01/10/success-kills-mobitel-hsdpa/http://blog.malinthe.com/2009/12/21/goodbye-mobitel-hello-dialog/http://blog.malinthe.com/2009/11/23/the-fall-of-mobitel/

Mobitel වලින් ඉවත්වීම හා Dialog SpeedTest

6 thoughts on “Mobitel වලින් ඉවත්වීම හා Dialog SpeedTest

  • February 24, 2010 at 7:05 am
    Permalink

    Dns kohomada wenas karnne kiyanawad aiya

    Reply
  • February 24, 2010 at 8:58 am
    Permalink

    හෆෝ.., මොබිටෙලට ගැන නං කියන්න වචන නෑ.

    (slt wimax ගැන ආරංචි එහෙම තියෙනව නං බ්ලොග් එකේ දාන්න)

    Reply
  • February 24, 2010 at 10:58 am
    Permalink

    @ Ravi
    Mobile Partner භාවිතා කරනවනම් ඒකෙ Profile Management එකේ Advanced වලින් ගූගල් DNS ලිපින දෙන්න පුලුවන්
    නැතිනම් වින්ඩෝස් වල හැදෙන Dialup සම්බන්ධතාවයේ Properties වල Network වල IP සකසන ස්ථානයේ DNS වෙනස්කරන්න පුලුවන්. හැබැයි එහෙම වෙනස් කරල Mobile Partner එකෙන් Connect කලොත් නැවත ඒ සැකසුම් මොබයිප් පාට්නර් එකේ විදිහට හැදෙනව

    Reply
  • February 24, 2010 at 10:56 pm
    Permalink

    dns වෙනස් කරන එක ගෑන ලිපියක් දාන්නකො

    Reply
  • February 25, 2010 at 12:45 am
    Permalink

    හරි විස්තර ඇතිව ලිපියක් ඉක්මනටම දාන්නම්

    Reply
  • April 12, 2010 at 1:30 pm
    Permalink

    මගේ ADSL BroadBand එකත් සවුත්තුයි
    Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
    දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
    අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
    කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
    අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
    ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
    අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
    අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

    අන්තිමට කතා කරලා කිව්ව,
    මට මේක එපා.කැන්සල් කරන්න කියල.
    කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
    කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ

    SLT ADSL- 512KB RS 2200/=

    Check My Speed Test @ Hambantota

    http://www.speedtest.net/result/779541827.png

    Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *