මේ අවුරුදු කාලෙ කවුරු කවුරුත් ඇදුම් ගන්න හා විවිධ දේවල් උත්සව කාලෙට ගන්න නගර වල සාප්පු සවා‍රියෙ යෙදෙනව. ඒක නිසා බොහෝ ප්‍රධාන නගර ඉතා කාර්ය බහුලයි. සෙනග පිරිල. මම ‍පෙරේදා (10) දින කීපයකට පසු නගරයට ගියා පොඩි වැඩක‍ට. සෙනග දැක්කහම එපා වෙනව. බස් එකේ යනකම් ‍යාලුවො කීප දෙනෙක් එකක් කෙටිපණිවඩ සංවාදයක ගියෙ. නගරයට ගියා විතරයි එකපාරට කෙටිපණිවඩ යන්නෙ නෑ. Sending Failed.  ඒ කියන්නෙ අපි යවන කෙටිපණිවිඩය මොබිටෙල්ලටවත් යන්නෙ නෑ. සලිලි නැතිඋනහම වගේ. ඒත් ඇතිවෙන්න සල්ලි තියනව. විනාඩි කීපයක් උස්සහ කලා. ඒත් එකම පණිවිඩය. මටත් හොදටම තදඋ‍නා. ඒ පාර ගත්ත යාලුවෙක්ට ඇමතුමක්. Dial බොත්තම ඔබපු ගමන් Error in Network Connection පණිවිඩය ඇවිත් විසන්ධි වෙනව. බොත්තම ඔබන පමාව විතරයි. එතකොටයි වැඩේ තේරුනේ. මොබිටෙල්ලට  මේ සෙනගට සේවාව සපයන්න බෑ. බොරුවට කෑගැහුවට.

දැම්ම වෙන දුරකථනයට සිම් එක. ඒත් එමමයි. ඒත් සමහර මොබිටෙල් වැඩ‍ (එකම ටවර් එකක නෙවේ). මට එන ඇමතුම් එන්නෙත් නෑ. බැරිම තැන ගන්න උත්සහ කලා මොබිටෙල්ලගෙ පාරිභෝගික සේවයට. දැන් මාසෙට ඇමතුම් දෙකයිනෙ නොමිලේ. ඒත් මේකෙ ලෙඩ වලට දවසට දෙකක් නොමිලේ දීලත් බෑ. මගෙ එකෙන් ගන්න බැරිම තැන යාලුවෙක්ගෙ එකකින් ගත්ත. පලවෙනි පාර අරන් ලෙඩේ කීව විතරයි විසන්ධි කලා හෝ උනා. ආයෙ ගත්ත. ඒ පාර අවුල කීව ගමන් “ඔබ ඇමතු අංකය වැරදි, අංකය පරික්ෂාකර නැවත අමත්න්න” කියල පටිගත කිරීමක්. ඒත් කලින් නිළධාරියෙක් කථා කලත් එකක්. මාර අවුල. මගෙ එකෙන් ඇමතුමක් ගන්න විනාඩි 20 ක් වත් උතසහ කරන්න ඕනෙ. කොහොම හරි මගෙ එකෙන්ම ගත්ත.

කථා කරපු කෙනා කීව දැන් ටිකක් ඉදන්ද තියෙන්, මොබිටෙල් අවුලක්. මෙහෙ පොඩි සැකසීමක් (Adjesment) එකක් කරන්න තියන. දුරකථනය විනාඩි 5ක් ඕෆ් කරල් ඔන් කරන්න කීව. මමත් කලා. වැඩේ හරි. ඒත් විනාඩි 5ක් ගියෙ නෑ. ආයෙ අවුල. ඒත් එහෙම උනහම පාරිභෝගික සේවයට ගන්නත් බෑනෙ. අල්ල දැමිම. එදා දවසම වාගේ දුරකථනය වැඩ නෑ.

එන ගමන් ගත්ත මේකට. ඒපාර කථාකරපු කෙනාට විස්තරේ කිව්ව. කලින් කෙනා කරපුවත් කීව. ඒත් ගත් කටටම කියපි අපේ අවුලක් නෑ. දුරකථනයෙ අවුලක් කීව. ඒක් හැමදාම කියන එ‍කනෙ. මම කීව මම දුරකථන මාරුකලා ඒත් එහෙමයි. ඒත් එකම ලෙ‍‍ඩේට දැන් ඔයාලගෙ අවුලක් නෑ කියන්නත් කලින් ලෙඩක්තියෙන්නෙත් කොහොමද කියල. එතකොට මේ ගැණු කෙනාට තද උනා. එයාලගේ ටවර් වලට දරාගන්න බෑ කිවට අහන්නෙම නෑ. අපේ පිටමයි ලෙඩේ දාන්නෙ. මමත් බැන්න. ඒ පාර කියනව එයාලගෙ කාර්යාලයකට ගේන්න කියල. මම ඇහුව ඔයාලගෙ තියන හැම ලෙඩඩටම අපි කාර්යාලයට දුරකථනය හරි මොඩම් එක හරි අරන් එන්න අපිට වෙන වැඩක් නැද්ද කියල. ඒත් අරන්මයි එන්න කියන්නෙ. තව ටිකක් බැනල මම තිබ්බ.

මෙයාල බොරුවට කෑ ගහල කරගන්න බැරි උනහම අපිට මොබිටෙල් එකට අරන්න එන්න කියන. ඒ අය මොනව හරි කරල ෂේප් වෙනව. ඉතින් හැමදාම මේ විදිහට අරන් යන්න අපිට මොබිටෙල් ශාකා වලට වෙන්වුන් වෙනමම බස් සේවයක් දැම්මොත් නරද? (ඒකටත් කට්ටිය වැඩිවෙලා දරාගන්න බැරිවෙයිද දන්නෙ නෑ J ). නැත්නම් අපිට මොබිටෙල් හරියෙන් ගෙයක් ගන්න වෙනව

අර දැයට කිරුලෙ වගේ මේ කාලෙට එක්කො ජංගම කුලුණක් ගහන්න ඕනෙ. නැතිනම් දැනුමවත් කරන්න ඕනෙ ඉන්න ගෙන් පාරිභොගික නිළධාරීන්වත්. එහෙමත් නෑ. අපි පිටම වැරුද්දක් හදල දාල ශේප් වෙනව‍. අනික මොබිටෙල් පාරිභෝගික සේවයෙ ඉන්න ගෑනු අයනම් ගොන් ගස්. මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. බොරු ගෙත ගොත කියනව. වැරුද්දක් තේරුම් ගන්නෙ නෑ. ඒත් ඒ අතින් පිරිමි අය හොදා. වැරුද්දක් පිලිගන්නව. තේරුම් ඇතිව වැඩේ කරල දෙනව. මුලින් ගෑනු කෙනෙක් අරන් බැරි අනාගන්න වැඩ පිරිමි අය හොදට කරන්ව. මට එහෙම කීප පාරක් වෙලා තියනව.

මේ ටවර් වලට දරාගන්න බැරි අවුල මොබිටෙල්ලගෙ තමා වැඩිම. වෙන ටවර් වලට මාරු උනහම අවුල නෑ. ඩයලොග් එකේ ඉදල හිටල ටිකක් තියනව. ඒත්‍ මොබිටෙල් නම් ‍ඊයෙ, පෙරේදා දවස් දෙකේම එකයි. අදත් එහෙම වෙයිද දන්නෙ නෑ.

මොබිටෙල්ලගෙ මුලින් අන්තර්ජාලය, දැන් ඇමතුම් හා කෙටිපණිවිඩ. සීමාව ඉක්මවා පාරිභෝගිකයේ වැඩි කරල ඒ අනුව සම්පත් වැඩි නොකිරීමේ පලවිපාක තමා. ඒත් එයාලට කීවහම ඒකත් අපේ වරදක්… මෙහෙම ගත්තහම මෙයාල නමට විතරද මොබිටෙල්. ගන්න පුලුවන් ගුණාත්මක සේවාවන් එකක්වත් නැද්ද?

Mobitel අනුව Network Busy අපේ වරදක්. ඒක නිසා Mobitel Office වෙත Bus Service එකක්

34 thoughts on “Mobitel අනුව Network Busy අපේ වරදක්. ඒක නිසා Mobitel Office වෙත Bus Service එකක්

  • April 11, 2010 at 7:23 pm
    Permalink

    එක අතකට ජාලයේ සම්පත් වැඩි නොකරන්නෙ “ලංකාවෙ මිනිස්සු වැඩිදෙනෙක් එක ම ජාලය වැඩිකාලයක් පාවිච්චි නොකරන නිසා වෙන්න ඇති. ඩයලොග් දැන් සම්පත් අතිරික්තයක් ඇතිවෙලා තියෙනවා සේවාදායකයින් ගණනට වඩා සම්පත් භාවිතය වැඩි නිසා. මොකද කාලෙකට කලින් තිබුණ සේවාදායකයින් ගණනට වඩා අඩු ගාණක් දැන් ඩයලොග් පාවිච්චි කරන නිසා.. සමහරුන්ට එනම ජාලය ඇතුලෙම සිම් කීපයක් තියෙනවා. ඒත් පාවිච්චි කරන්නෙ එකයි”

    ඒත් ඉතින් සිම් විකුණනවානම් ඒ විකුණපු සිම් ගාණට හරියන්න ජාලය හදන එක ජාලයේ වගකීම. මොකද අපි සිම් එකක් ගන්නෙ අපිට ඕන වෙලාවට පාවිච්චි කරන්න මිසක් “ජාලය කාර්යබහුල නැති වෙලාවට පාවිච්චි කරන්න නෙවෙයි නේ”

    A-1 පාර සම්පූර්ණයෙන් 2-G ආවරණය කරපු එකම ජාලයක් වත් ලංකාවෙ නැති කොට වෙන තැන් ආවරණය කරයි කියන්නෙ කොහොමද..?

    Reply
    • April 12, 2010 at 12:59 am
      Permalink

      දැන් අපිට ඇමතුම් ගන්න වෙලා තියෙන්න ජාලය කාර්ය භහුල නැති වෙලා‍වට. මොන හදිස්සිය ආවත් එකමයි

      Reply
  • April 11, 2010 at 7:28 pm
    Permalink

    සහතික ඇත්ත.මොබිටෙල් කට්ටිය දෙන්නෙ නං ටෝක්…ඒ වුනාට කන්නෙ පාන්….
    මුන්ට කොච්චර කීවත් බෑන්ඩ්විත් එක මදි කියල තේරුං ගන්නෙ නං නෑ ජීවිතේට.
    ඒ උනාට පොර ටෝක් දිදී කොච්චරවත් සිම් බෙදනවා…සමහර ටවර් අප්‍ඩේට් කරලත් නෑ.පොඩ්ඩැත්තං ටවර් බිසී…

    “මොබිටෙල් පාරිභෝගික සේවයෙ ඉන්න ගෑනු අයනම් ගොන් ගස්. මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.”
    සිරා කථාව…

    Reply
    • April 12, 2010 at 1:01 am
      Permalink

      මෙහෙනහ් අදත් තත්වය එකයි. යාලුවෙක් ටවුන් එකට ගියා. මිනිහගෙ දුරකථනයට ගන්න බෑ. එනකම් ඉන්න වෙයි

      Reply
  • April 11, 2010 at 10:49 pm
    Permalink

    එක වෙලාවකට අපේ internet එකෙත් එහෙම වෙනව. Mobitel service තමයි.

    Reply
    • April 12, 2010 at 1:02 am
      Permalink

      අන්තර්ජාලය ගැන කියන්න දෙයක් නෑ. මම අන්තර්ජාල පැකේජය අයින් කලා

      Reply
  • April 11, 2010 at 11:03 pm
    Permalink

    itin bena bena inne netiwa wena network ekakata maaru una nam harine. (&)
    😛

    Reply
    • April 12, 2010 at 1:04 am
      Permalink

      Internet නම් අයින් කලා. ඉදල හිටල 3G Daily Delight වලින් යනව. නැතිනම් ඩයාලොග්. ඒත් යාලුවො හුගක් මොබිටෙල්. ඒක නිසා මාරු උනේ නෑ. කට්ටියම එකක් මාරුවෙන්න ඕනෙ

      Reply
  • April 11, 2010 at 11:06 pm
    Permalink

    කොහොම හරි පාරිභෝගික සේවයෙ ඉන්න ගෑනු ළමයින්ට බැන්න කියල වැඩක් වෙන්නෙ නැහැනෙ මල්ලී… එයාල කරන්නෙත් රස්සාවක් නේ. ප්‍රශ්නය කෙලින්ම ගිහින් ආයතනයට පැමිණිලි කරන්න…

    Reply
    • April 12, 2010 at 1:07 am
      Permalink

      එහෙනම් එයාල පාරිභෝගික සේවයක් දාල ඉන්නෙ මොකටද? ඒක තියෙන්නෙ පාරිභෝගිකයගෙ ගැටලු විසදන්න මිසක් එක එක ඒව කියල බේරෙන්න නෙවේනෙ. එයාලට බැයිනම් එයාල අදාල අංශයකට ඒක දාන්න ඕනෙ. ටෙලිකොම් එකේ එහෙම දාන්නෙ. එයාලට බැයිනම් ඒ අංශයට දානව ඇමතුම.
      අනික මේ ලෙඩ හැටිය‍ට අපිට මොබිටෙල් ආයතනයට යන්න ගියොත් වෙන වැඩක් නැතිවෙයි. ඇමතුම් ගන්න ගියොත් බිලක් නැතිවෙයි. මොකද අනිත් අංක වලට ඇමතුම් ගාස්තු අයකරනව

      Reply
  • April 12, 2010 at 12:14 am
    Permalink

    මම ඉන්නෙ මහරගම.මෙහෙත් පමුනුවට රෙදි ගන්න එන සෙනග ගෑන කතා කරන්න ඔන නෑහෙනේ…. මෙහෙනම් මොබිටෙල් වල ඔය කියන කිසිම අවුලක් නෑහෑ……නියමෙට වෑඩ….!!!!!!

    Reply
    • April 12, 2010 at 1:09 am
      Permalink

      මෙහෙ අදත් එකයි. ටවුන් එකේ ‍ඇමතුම් බෑ. නග‍රයෙන් පිට මම හිටියත් දුරකථනයෙන්වත්, පරිගණකයෙන්වත් අන්තර්ජාලයට සම්බන්ධවෙලා විනාඩි 2ක් ඉන්න බෑ. විසන්ධි වෙනව

      Reply
  • April 12, 2010 at 1:24 am
    Permalink

    මගේ එකත් සවුත්තුයි
    Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.
    දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.
    අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.
    කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.
    අවිල්ල වයර් ටික මාරු කරල ගියා.
    ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.
    අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.
    අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

    අන්තිමට කතා කරලා කිව්ව,
    මට මේක එපා.කැන්සල් කරන්න කියල.
    කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.
    කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ.

    Dialog හරි Airtell වලට හරි මාරු වෙන්නයි මම හිතාගෙන ඉන්නෙ

    Reply
    • April 12, 2010 at 12:06 pm
      Permalink

      එහෙම තමා. අර ලංකාබෙල්ලත් ඔහොම වැඩක් කලා. එතකොට මම කලේ විසන්ධි කරන්නෙ නැතුව ඔහෙ යන්න තියෙන්න ඇරීම. වෙන කරන්න දෙයක් නෑ. බැදගත්තනම් බෙරේ ගහන්න වෙන තත්වයක් දැන් තියෙන්නෙ. අඩු ගානෙ බෙරේ හොඳනම් කමක් නෑ 😛

      Reply
  • April 12, 2010 at 1:08 pm
    Permalink

    ආපෝ LankaBell ගැන නම් කතා කරන්න එපා.දේශිය කියල දෙන්නේ.
    මට මරන්න හිතුනා.ඔන්න ම0 කිව්ව LankaBell නම් ගන්න එපා.
    මම මුලින්ම ගත්තෙත් LankaBell තමා.
    බිල 15,000 පැනලා.මට නඩු දානව කියල ලියුම් ආව.
    අන්තිමට තත්තගෙන් බැනුම් අහල සල්ලි අරගෙන ගෙව්ව.
    පස්සෙ ගෙදර ඇවිත් එක පොලොවෙ ගහල,
    SLT ADSL වලට මාරු වුනා.දැන් අවුරුද්දක් වෙනව,දැන්නම් ජනවාරි මාසෙ ඉදන් වාතයක්,
    AirTell වලට මාරු වෙන්නයි හිතගෙන ඉන්නේ.කො ඉතින් හම්බන්තොටට සිග්නල් නෑනෙ,

    SLT BroadBand- 512KB Rs 2200/=

    Speed Test
    http://www.speedtest.net/result/779530528.png

    Reply
    • April 12, 2010 at 11:53 pm
      Permalink

      අපෙත් ලංකාබෙල් දෙකක් තියනව. දෙකටම ඇමතුම් ගන්නතු බෑ. එන්නෙත් නෑ. ඒ පාර අයින් කලා.
      මුලින් 14,000/- ස් ගානක් ගෙවල ගත්තෙ. ඒක නිමා ආයෙ ගෙවන්න ගියෙ නෑ. අතඇරල දැම්ම. ඒ පාර මේ අය අවුරුදු දෙකක් විතර එක ‍දිගට වාරික එකතු කර කර ගෙදරට බිල් එව්ව. නඩු දානව කියලත් එව්ව. ඒව ගනම් ගත්තෙ නෑ. මේ අය නඩු දානවනම් කීදෙනෙක්ට දාන්නද? තාම දන්න එක්කෙනෙක්ටවත් දාලත් නෑ. අනික විසන්ධිකලාම මේ අය ඔක්කොම අරන් යනව. එතකොට අර 14,000/- ගෙවල තියෙන්නෙ අංකෙටද?
      එකක බිල එවන්න එපා. කරදරයි කියල ලියුමක් දැම්ම. මොකද ඒක අයින් කරන්න කලින් දුරකථනයෙ ලෙඩක් ඇවිත් අපි ඇන්ටනා වයරයේ බිත්තියෙ ක්ලිප් ගැලෙව්ව කියල හදන්න බෑ. රු 2500ත් ද කොහෙද ගෙවන්න කීව. ඒක නිමා අයින් කලේ. ලියුමෙන් පස්සෙ ඒ අය කෝල් කලා. අපි හදල දෙන්න භාවිතා කරනවද ඇහුව. මම කීව ඇමතුමක් හදිස්සියට ගන්නත් බැරි, එන්නෙත් නැති එකක් මොකටද කියල. ඒ පාර ඊට අ‍වුරුද්දකට විතර පස්සෙ ඇවිත් ඒව ගලවන් ගියා. ගිහින් ටික කාලෙකින් මෙන්න ලියුමක් ආව බඩු වල වන්දියයි තව මොනවද කියල රු 10,000තට වැඩි ගානක්. එකක් වත් ගෙව්වෙ නෑ. නඩු දැම්මෙත් නෑ.
      මේ අය බොරුවට හුගක් අය කරන්න දක්ෂයි. පොඩ්ඩක් කථා කලොත් ඒවගෙන් බාගයක් විතර අඩු කරගන්න පුලුවන්. මම ලියුම දාපු පාර රු 9000කට ආසන්න තිබ්බ බිල එයාල වැඩිපුර අය කරල කියල රු 5000ක් ආසන්නයට අඩු කරල තිබ්බ

      Reply
  • April 12, 2010 at 1:55 pm
    Permalink

    ඩයලොග් කියල වෙනසක් නෑ. ඔය තරම්ම නොවුණත් කෝල් එකක් එකපාරින් ගන්න බැරි වෙලාවල් තියෙනව. විනාඩි කීපයකින් ඉබේම කෝල් එක විසන්ධි වෙන වෙලාවල් තියෙනව. සමහර වෙලාව‍ට හෝල්ඩ් වෙනව. මේව කිව්වට වෙන වැඩකුත් නෑ. මොකද අවුල වෙන වෙලාව කියන්න බෑ.

    Reply
    • April 12, 2010 at 11:58 pm
      Permalink

      මොබිටෙල් වල වෙලාවකට විතරයි හදිස්සියට ඇමතුමක් ගන්න පුලුවන්. අනිත් හැම වෙලාවෙම බෑ. මම ඩයලොග් සුද්ද කරනව නෙවේ. ඒත් මොබිටෙල් වලට සාපේක්ෂව ඩයලොග්‍ හොදා. මොබිටෙල් දිගටම ලෙඩ දෙද්දි ඩයලොග් ඉදල හිටල තමා. ඇමතුම් විසන්ධි වෙන එක මටත් වෙලා තියනව.
      අනික ඩයලොග් හුගක් වැරදි කීවහම හදාගන්න ටිකක් හරි උත්සහයක් හරි දෙනව. බයිනව අඩුයි. ඉස්සර පෙරගෙව්ම් පාරිභෝගිකසේවයේ ඉන්න අය ටිකක් තදින් කතාකරන්නෙ. ඒත් පසුගෙව්ම් අය හොදයි. හැමවෙලාවෙම හොයල බලල කථාව. ඒක නිසා මම දිගටම පසුගෙවුම් එකට ගත්තෙ පස්සේ ඒක බ්ලොක් කලා පෙරගෙව්ම් අය‍ට. දැන් වැඩිය පාරිභෝගික සේවයට කථාවක් නෑ. මොකද දැනට මොබිටෙල් භාවිතා කරන නිසා. ඒත් දැන් ඉක්මනටම වෙන එකකට මාරුවෙන්න වෙයි. මෙහෙම අවුල් තියන දුරකථනයකින් ඇති වැඩේ මොකක්ද?

      Reply
  • April 12, 2010 at 2:35 pm
    Permalink

    මමත් මොබිටෙල් පාවිච්චි කරන්නේ..මම නුවර.සමහර වෙලාවට මාර විදිහට අල වෙනවා..අපේ රටේ මේ සේවාවන් ලබා දෙන ආයතන ගුණාත්මක බව ගැන නොසිතීම කනගාටුයි..සමහර වෙලාවට Arcade එකකට ගිහින් හොදට කියල දෙන්න හිතෙනවා…

    Reply
    • April 13, 2010 at 12:01 am
      Permalink

      ඒ අයත් එකමයි. මොකද කියල වැඩක් නෑ. බේරෙන්න හරි දක්ෂයි. හුගක් වෙලාවට ඒ අයයෙ කාර්යාල හරියෙ ලෙඩ අඩුයි. එක්කො පොඩි රිපීටර් හරි ටවර් හරි ගහල.
      අපේ ගෙවල් හරියෙ අවුලක් කීවොත්… ආ මල්ලි මම ඊයෙත් ඒ පැත්තෙ ගෙදරක පරික්ෂාකලා කිසි අලයක් නෑ…
      ඉතින් අපි මොනව කියන්නද? එයාල ගෙවල් පැත්තට එද්දි එයාලගෙ ඒවට අලයක් නැතිනම්ත කාර්යාලයෙත් අලයක් නැතිනම් අපි අල ගැන කථා කිරිමෙන් පලක් තිබේද?

      Reply
    • April 13, 2010 at 12:02 am
      Permalink

      එසේම වේවා….!

      Reply
  • April 12, 2010 at 7:11 pm
    Permalink

    ම් ම් ….මේකට වෙනකරන්න දෙයක්නැ සිම් කිපයක් භාවිතාව හැර.හැබැයි මම නම් උපහාර මෙහෙම වෙලානැ තාම.

    Reply
    • April 13, 2010 at 12:03 am
      Permalink

      මේ ලෙඩේ උපහාර වලට මම කීප පාරක් බැලුව. ලොකු අවුලක් තිබ්බෙ නෑ. ස්මාට් ඒවට තමා අවුල

      Reply
  • April 13, 2010 at 9:03 am
    Permalink

    mata thibune sms awula witarai bt echcharama ne..!!!

    Reply
  • April 14, 2010 at 10:19 am
    Permalink

    sms විතරයි කියන්නෙ. අද අවුරුද්දට කට්ටියට සුභ පැතුම් SMS යැවුව. ඒත් 10න් 1 කටවත් ඩිලිවරි රිපෝට් නෑ. කලින් එහෙම නැතිවෙන එක මොබිටෙල් වල සාමාන්‍යය දෙයක්. ඒත් එක පණිවිඩය කීප සැරයක් යුව්වහම යනව. මේ පාර එහෙමවත් නෑ.
    රිපෝට් නැති උනාට ඒව හුගක් ගිහින්. සමහර ඒව දෙක ‍තුන යුව්ව. දැන් පැය 3-4ක් ගියත් ඒවට රිපෝට් ආවෙ නෑ. එන පාට‍කුත් නෑ වගේ

    Reply
  • April 14, 2010 at 3:49 pm
    Permalink

    අපි ඔක්කොම එකතු වෙලා පොඩි පහේ යූනියන් පාරක් අන්තර්ජාලය ඔස්සේ හදාගම්මු………උබල ඒ වෙලාවට කථාකරන පාරිබෝගික සේවා නිලධාරියාගෙ නම ලියාගනින්……..ඊට පස්සෙ වෙලාව…..ප්‍රදේසය…..දෝසය කෙටියෙන් ලියාගෙන පස්සෙ ලියුමක් දැමීම……කොම්ප්ලේන් දැමීම….වගේ ආතල් ටිකක් දමල බලමු…..මචන් ටෙලිකොම් එකෙන් ලොකු ගානක් වියදම් කලත් ඕනම දෙවල් වෙනස් වෙන්නෙ නැති එක මාරම ගැටලුවක්………

    Reply
  • April 14, 2010 at 7:22 pm
    Permalink

    > මහරජතුමාහෙ අනුහසින්ද දන්නෙ නෑ, මේ ඔක්කොම අවුල් ආවෙ ෆිල්ටරේ දුවන්න ගත්තාම නේද ?

    ඒකේ පොඩි ඇත්තක් තියනවා, මොබිටෙල් අල වෙන්නත් හේතුව මේකයි, මොබිටෙල්
    දුවන්නේත් SLT හරහා නේ !

    Reply
  • April 15, 2010 at 2:16 pm
    Permalink

    අපි රුපියලකට සත 30ක් විතර ලොකු ටැක්ස් එකක් ගෙවනව රජයට……ඉතින් ටී.ආර්.සී වගෙ ආයතනත් තියනව……ඔයාලට ලොකු අයිතියක් තියනව කොලිටි එක ගැන කොම්ප්ලේන් දමන්න…..

    Reply
    • April 16, 2010 at 11:38 am
      Permalink

      TRC හුගක් වෙලාවට ඉන්නෙ දුරකථන සමාගම් වල ආරක්ෂාවට වගේ. ඇයි දුරකථන සමාගම් කෙලින්ම බෝලෙ පාස් කරන්නෙ TRC එකට. එයාල තමා කරන්නෙ කියල. එහෙම බැලුවහම කොහාටද කියන්නෙ…
      ටැක්ස් ගද්දිනම් ඔව නෑ…

      Reply
  • April 29, 2010 at 3:37 pm
    Permalink

    ඔය අංශයෙ නම පාරිභෝගිකයන්ට කෙලවීමේ අංශය කියල වෙනස් කරන්න වෙයි.
    මටත් ඔය දේම තමයි උනේ. පෙර ගෙවුම් එකකින් ගත්තම පොඩ්ඩක් ඉන්න කියල දෙපාරම කට් කරා. නිතරම මමයි වැරදි කියල ඒත්තු ගන්නන්න හැදුවේ. මමත් අතඇරියෙ නෑ.

    අනික ශාඛාවකට එන්න කිවුවත් ෂේප් න්‍යාය ලස්සනට දානවා.
    “සර් අද හවස 5ට කලින් කොහොම හරි හදනවා”
    ඒත් නෑ ඉතිං බස් දාල වැඩක් වෙන එකක් නෑ.

    ඒක ගැන දීග පෝස්ට් එකක් ලිවුවා. http://goo.gl/2dQz

    Reply
  • September 16, 2010 at 9:13 am
    Permalink

    mala painawa ape de nisa mobitel gaththa dan eyelama apita arinna enewa …
    tahwath awulak thiyanawa e thama call ekaka innadi SIGNAL drop wela cl eke cut wenawa …bull shit

    Reply

Leave a Reply to indikz thushara Cancel reply

Your email address will not be published. Required fields are marked *