අලුතෙන් පත්වූ උසස් අධ්‍යාපන ඇමති තුමා උසස් අධ්‍යපනය වෙනුවෙන් වැදගත් තීරණයක් පසුගිය කාලයේ ගනු ලැබුව. ඒ අප රටෙත් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමයි. එමෙත් මෙයට විශේෂයෙන් වෛද්‍යවරු මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් විරෝධය දක්වමින් මේ දින වල බොහෝ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නව.
මේ අය දැනට උසස් අධ්‍යාපනය ලබමින් හෝ ලැබූ අය. තමන්ගේ අනාගතය සාදාගත් අය. ඒ අය තමන්ගේම බාල සහෝදර සහෝදරියන් ඉදිරියේ පන්ති වලදී වැඳ ඉල්ලාසිටින්නේ තමන් වෙනුවෙන් උද්ගෝශණ කරන ලෙසත්ය. එහෙත් ඔවුන් එම උද්ගෝශණ වලට එන්නේ නැත. ඔවුන් ඔවුනගේ වැඩවලය. මේසේ ඔවුන් අපව උද්ගෝශණයන්ට පොලබවන්නේ අපගේම අනාගතයට විරුද්ධවය. නමුත් මේ අයට පන්තිවල කථාකිරීමටවත් සමහර ගුරුවරු ඉඩ දන්නේ නැ. ඒ අපගැන සිතාය. එවන් ගුරුවරුන්ගේ ක්‍රියාව අගය කල යුතුය. උදාහරණයක් විදිහට අපගේ පන්තියක් ගතහොත් සමාන්‍යයෙන් මෙම පන්තියක ලමුන් 3000-5000 ක් සිටිනලෙස සිතමු. මේ අයගෙන් කී දෙනෙක්ට රජයේ විශ්ව විද්‍යාල වලට යා හැකිද? බැරි උන අය කරන්නේ මොනවද මේවා මේ අය සිතලා නැතුවයි අපිට කථාකරන්න එන්නෙ. සාමාන්‍යයෙන් උසස්පෙල S සාමාර්ථ 3ක් ලබාගත් සිසුවෙක් උසස් අධ්‍යපණයට සුදුද්සෙක් ලෙස සැලකුවත් අපගේ රටේ ඇති අවාසනාව මේ සඳහා ඉඩ හා සම්පත්ය. එම නිසා වැඩිම ලකුණු ලබාගන්නා අය මෙම විශ්ව විද්‍යාල වරම් ලබයි. එවිට අනෙක් අය බලන් සිටිය යුතුද? එයට රජයේ සම්පත් නැතිනම් හොදම ක්‍රමය පෞද්ගලිත විශ්ව විද්‍යාල ආරම්භ කිරීමයි. ඉතින් අපගේ අනාගතය වෙනුවෙන් විරුද්ධව අප නැගී සිටිය යුතු නැත. අපට රජයේ විශ්ව විද්‍යාල වරම් නැතිඋවහොත් තව මාර්ගයක් තෝරාගැනීමට ඇති බැවිනි.
එමෙන්ම මෙම වෛද්‍යවරුන් බියව සිටින්නේ තමන්ගේ ප්‍රදේශයට තවත් වෛද්‍ය වරයෙකු පැමිණේයැයි බියෙන් මිස වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය ගැන නොවේ. මේ අය ලාංකීය වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය ගැන සිතනවානම් ඇයි තම රජාකාරී වෙලාවෙත් මේ අය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වල සල්ලි හම්බකරන්න වෙහෙසෙන්නෙ?. උදේ 8 ට එන්න ඕනෙ එක එන්නෙ කීයටද? යන්නෙ කීයටද? දවල් විවේකය පුද්ගලික රෝහලේ කොච්චර වෙලා ගන්නවද? මෙහෙමද ගුණාත්මක භාවය වැඩිකරන්නෙ. ඔවුන් අධ්‍යපණයට වෙහෙසූ ආකාරය බලන විට මේ ආකාරයෙන් මුදල් හම්බකල යුතුය. පහසුකම් ලැබිය යුතුය. එසේම හදිස්සි අවස්ථා වලදී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානත් ප්‍රයෝජනවත් වේ. මේ සියලල්ම නියමාකාරයෙන් කිරීමේ හැකියාව ඔවුන්ට ඇත. නමුත් ඔවුන් මුලු තැන දෙන්නෙ තම රජකාරියට නොව මුදල් හම්බ කිරීමටය. අප රටේ බොහෝ විට රජයේ රෝහල් වල පොලිම්වල සිට බෙහෙත් ගන්න එන්නේ දුප්පත් අයය. මේ අය කථාකරන්නෙ මෙම අධ්‍යාපණයෙන් දුප්පතුන්ගේ අධ්‍යාපන අයිතීන් නැතිවෙනව.. දුප්පතා මහන්සි වී ලබාගත් තැන නැතිවෙනව කියයා. එහෙත් මේ රෝහලට බෙහෙත් ගන්න එන දුප්පතා ගැන සිදුවාද මේ අය. එසේ සිතනවානම් මුලින් හරියට රාජකාරීය කර ඒ අයට වෙදකම් කල යුතුය. අඩුම තරමින් දුප්පත් කෙනෙක් වෙනුවෙන් සැත්කමකට මේ සා මුදලක් සොයන්න එන්න.. නැතිනම් ගෙඩගන්න අමාරුයි කියනවා මිසක් තමන්ගේ ගානින් කීප දෙනෙකුට හෝ සහනයක් දීමට මොවුන් සිතනවාද…. සල්ලි නැතිනම් ලෙඩාට සොරි. සැම විටම මුදල් මත්තෙ නැහෙමින් දුප්පතුන්ට වඩා සල්ලි ගැන සිතන මේ අය මොකද මේ එකපාරම වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවයත් දුප්පත් අය ගැනත් සිතන්නෙ? එලියෙන් දුප්පත් කමයි, ගුණාත්මක භාවයයි දාගෙන මේ අය මේ අයගෙ මඩිය තදකරගන්න හදපු ක්‍රමයක් මිස වෙන මොකක්ද. මේක අත්මාර්ථමී කම නොවේද? නමුත් මේසේ නොකරන ඉතා ගුණ යහපත් දොස්තර මහතායයි කිය හැකි අයද නැතිවාම නොවේ. ඒත් මේ කෑ ගහන අයගෙන් බහුතරය ඒසේ නොවන අයය. ඇත්තෙන්ම මේ අයත් දැන් ව්‍යාපාරයක් කරගෙන යයි. මාලු මුදලාලි “කෙලවල්ලා 400 යි.. සාලයා 200යි “ කියා කෑ ගසයි. ඒ අතර “ …. දොස්තර මහතා …. කාමරයේ. එයාගෙ ගාන රු 750යි. එයා හොද ඇගේ අමාරුවට” මේක දැන් සේවාවක් නොව ව්‍යාපාරයක් කරගත් අයද ඇතිබව මෙවන් නිවේදන වලින් සිහිනොවන්නේ කාටද? මාලු මුදලාලි මාලු විකුණයි. දොස්තර වෙදකම විකුණයි. හොද මාලු සල්ලි ඇති අයට. පොඩි මාලු නැති අයට. දුප්පතුන් ගැන සිතන අය කර ඇත්තේ මේකම නොවේද? ඒ අය කවුද කැමති තම ව්‍යාපාරයට තවත් කෙනෙක් බාධා එල්ල කරනවාට. ඒ වගේම මේ අය කියන මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් එන අය කෑගහන අය තරම් සුදුසුකම් ලත් අය නොවේ. එහෙත් ඒ ගැටලුව ඔවුන්ට ඇති එයින් වැඩේ වැදගත්කම මොකක්ද? මේ අයට වඩා අලුත් අය හොදයිනම් ලෙඩ්ඩු ඒ අය ගාව යයි. නැතිනම් මේ අය ගාවට එයි. ඒක සමාජය විසින්ම විසදයි. එවිට ඒ විශ්ව විද්‍යාල වල ඉල්ලුම අඩුවෙයි. අනික විදේශ විශ්ව විද්‍යාල සුදුසුකම් නැති අයට තම නමින් සහතික දීල තමන්ගේ නම බාල කරගන්න කැමති වෙයිද? මේ අය බය මේවට නොවේ අලුතින් එන එය මේ අයට වඩා හොදවෙයි කියල. රෝගීන් මේ අයට වඩා හොද අයගෙන් බෙහෙත් ගනී කියලයි.
ඒවා එසේ තිබියදී මේවා ගැන ලියන සමහර සහෝදරයයි කියාගත් අය කියන්නේ මේවාට මුදල් දී ගිය විට පාඩම් කර මහන්සී වී ඉගනගත් අයට ඇති වටිනාකම මොකක්ද යන්නය. එමෙන්ම ඒ අය පිලිගන්නා සත්‍යයක් වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් දෙන අධ්‍යාපනය රජයේ ඒවට වඩා හොද බැවින් එය අසාධාරන නිසා නැවැත්විය යුතු බවය. එහෙත් තවකෙක් අධ්‍යාපනය ලබනවාට ඇයි මේතරම් අකමැති. ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල උසස්පෙල කරන සියලුදෙනාට ඇතුලුවිය හැකි පරිදි ඉඩ ඇතිනම් මෙසේ කීවාට කම් නැත. බොහෝ දෙනා දන්නා දෙයක් නම් ලංකාවේ හොදම විශ්ව විද්‍යාලය වන මොරටුව විශ්ව විද්‍යාලයත් දැනට ලෝක ශ්‍රේණිගත කිරීම් වල 2500ට ත් වඩා පහලින් ඇති බව. මේ මීට වසර කීපයකට පෙර හොදව විශ්ව විද්‍යාලයකි. එයට ද හේතුව මේවාගේ සම්පත් සීමා වීමයි. සමහර සිලබස් පරණ වීමයි. ඒවා නව තාක්ෂණය හා මුසුව නිතර නිතර අලුත් නොවීමයි. එහෙත් පෞද්ගලික විශ්ව විද්‍යාල වල එම තත්වය නැත. විදේශ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් මේවා කරගෙන යන නිසා ඔවුන්නේ නිතර නිතර අලුත්වන පාඨමාලා මෙන්ම සිලබස්ද අප රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට හිමිමේ. එය තරගයකි. තරගයෙන් ප්‍රතිලාබ අපගේ සිසුන්ටය. හරියට ජංගම දුරකථන තරගයෙන් ගාණ අඩු වෙන්නෙ සේවාව හොද වෙන්නෙ පාරිභෝගිකයට වැගේ. එමෙන්ම ඒ ඒ ක්ශේත්‍රයන්ට ප්‍රවීන විදේශ දේශකයන්ගෙන් ඉගනීමේ වරද අප සිසුන්ට හිමිවේ. මේ අය විරුද්ද මේකටය. මේ ලගදි පුවත්පතක ගිය ලිපයක් කියවූ මට සම්පූර්ණයෙන් වැටහුනේ මේ ලියන කෙනා කොච්චර ආත්මාර්තකාමීද කියයි.
විදේශ විශ්ව විද්‍යාල තමන්ගේ නමින් සහතිකයක් එම පිලිගත් ගුණාත්මක භාවයෙන් පහල අයට අපරටේ වගේ විවිද අයගේ ඕනෑ එපාකම් වලට දෙන්නේ නැත. ඔවුන් නිතරම බලන්නේ ඔවුන්ගේ නාමයේ කීර්තියයි. ඔවුන්ගේ නම ඇති විශ්ව විද්‍යාලයකින් සුදුසුකම් අඩු කිසිම කෙනෙක් එලියට එනවාට ඔවුන් කැමති නැත. එමෙන්ම මේ ලෝක ශ්‍රේණිගත වල අප පහලට යන්නත් විදේශ විශ්ව විද්‍යාල ඉහලට එන්නත් අර අය කියන හේතුම තිබිය හැකිය. සිලබස්… සම්පත්.. දේශකමඩුල්ල… ඒවාගේ ගුණාත්මක භායයයි. ඉතින් ඒවා අපේ අයට හම්බෙනවාට ඇයි මේතරම් විරුද්ද? එයින් අපගේ රටින් විදේශ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගිලිහී යන සම්පත් මෙන්ම අපේ වැඩි පරිසකට මීට වඩා උසස් අධ්‍යාපනයක් ලැබීමේ වරම් හිමිවේ. රජයේ විශ්ව විද්‍යාල වල ඉඩ මදිවෙන අයට අධ්‍යාපන වරම් හිමිවේ.
එමෙන්ම අප රටේ බොහෝ දෙනා දන්නේ මෙන්ම අප රටේ ලබාදෙන්නේ BSc, MSc වැනි උපාදිය. එහෙත් මෙම් නව විශ්ව විද්‍යාලවලින් දෙන උපාධි අප අසා නැතිවාට BSc, MSc උපාධි වලට වඩා පිලිගන්නා උපාදිද ඒවාට සමාන පිලිගැනීමක් ඇති උපාදිද ඇත. ඒව අප රටේ අය අසා නැති නිසා මේවා වැඩක් නැති උපාදි කියා මේ අය කෑගසයි. තවද මේවාගේ අපේ වගේ ප්‍රශ්ණ ඇසුවහොත්, ගුරුවරයා කෝප කලොත් අසමත් කරන රටාවක්ද නැති ව පෞද්ගලික විශ්ව විද්‍යාල දැන් බහුලය.
තවද මේ කියන ආකාරට අපේ රටේ විශ්ව විද්‍යාලවලින් එන මේ අය අනෙක් හැමෝම ඇයි තමන්ට හොද කල නොහැකි රෝගීන් විදේශයන්ට යවන්නෙ. ඒ ඒ එට වල අධ්‍යාපණයට පින්සිදුවන්න අපට වඩා උගත් අය ඒ රට වල සිටීමයි. එය අධ්‍යාපනය නිසා සිදුවූවක්. එම අධ්‍යාපනව අප රටේ අයත් ලැබුවහොත් යම් වරදක් තිබේද
තවද කිව යුතු යමක් ඇත. මේ කෑගහන අයත් පිලිගන්න එක් සත්‍යයක් නම් රජයේ ඒවාට වඩා මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපණයේ ගුණාත්මක භාවය වැඩි. නමුත් ඒවාට දුප්පත් මහන්සිවෙන කෙනාට ඇතුලු විය නොහැකිය යන්නය (නමුත් මේ අයට මල් කඩන්න දුරකථන බිල බදින්න, කාඩ් දාන්න සල්ලි ඇත. ඒවා විශ්ව විද්‍යාල වලට එන බිල්පත් තොගයෙන් දැකගත හැකිය). එහෙත් මෙම විශ්ව විද්‍යාල වල බොහෝ ප්‍රමාණයක් ශිෂ්වත්ව පිරිණමයි. මේ අයට ඕනෙනම් පොඩ්ඩක් මහන්සි වෙලා මේ සම්පූර්ණ නොමිලේ ශිෂ්වත්වයකට උවත් උරුමකම් කිව හැකිය. නැතුව අනිත් අයට වල කැපීමවත්, ආත්මාර්ථකාමී තුලින් තමන් මෙන්ම තම රටටද ඇතිවෙන යහපතක් නැත.
විශ්ව විද්‍යාල පහසුකම් සෑදිය යුත්තේ ඉල්ලුමට අනුව නොව සැපයුමට අනුවය.
ලංකාවේ ජනගහනය කීයද, එහි වැඩිවීම කීයද, ජනගහනය සහ දොස්තරලා අතර අනුපාතය කොච්චර විය යුතුද, අනුපාතය දැන් කීයද, හිඟයක් ඇතිද, ඇතිනම් එය පුරවන්නේ කොහොමද යන ප්‍රශ්ණ වලට පිලිතුරු සොයා බලා ජාතික සැලැස්මක් සෑදූ විට චෛද්‍ය පීඨවලට කී දෙනෙක් ඇතුලත් කර ගත යුතුද යන්න ගැන තීරණය කළ හැකි වේ.
අන් වෘත්තීන් සඳහා ද මෙලෙස සැලසුම් කළ යුතුය.
එහෙම නැතුව බයෝ කරන හැමෝම දොස්තරලා කර ඇති තේරුමක් නැහැ නේද?
බයෝ කරන හැමෝම දොස්තර වෙලා වැඩක් නෑ. ඒත් වෙනත් ක්‍රමයක් හරි තියෙන්න ඕනෙ ඒ අයට. දැන් උපාධිය කියන්නෙ උසස්පෙල වගේ සුදුසුකමක් වෙලා නිසා. ඔය විශ්ව විද්‍යාල වලින් දොස්තර වරු විතරක් නෙවේනෙ එන්නෙ. මෙම දොස්තර ගැන විතරක් කථාකලේ ඒ අය වැඩිපුර කෑගහන නිසා.ඒ වගේම තමා වැඩිපුර දොස්තරල ආවට අවුලක් නෑ. දක්ෂ අය වෙනත් රටවලට යයි. නැතිනම් සැපයුමට ගානට දොස්තරල ආවහම තරගයකුත් නෑ. හරියට ඒකාධිකාරය වගේ. විඩිපුර ඉද්දි හොද අය ගාවට යයි. අනිත් අය හැලෙයි. හරියට දේශීය දේවල වලට ඉඩ දෙනව කියල නරක හැම එකම තියන්. ගුණාත්මක භාවයෙන් වැඩි ඒව නවත්වන එක යුක්ති සහගත නෑනෙ.
උදාහරණයක් විදිහට උසස්පෙල A3 නොගන්න ඕනෙතරම් අය ඉන්නව ඒ ඒ ක්ෂේත්‍රයන්ට A3 අරන් යන අයට වඩා දක්ෂ. සමහරුන්ට අනෙක් රටවලට ගිහින් ඉගන ගන්නව. ඒ සමහර අය එකක් තරගයට ඉන්නෙ දියුනු රටවල රටේ පලනෙනිය.. දෙනෙනිය වගේ අය.
ඒ අය රජයේ විශ්වවිද්‍යාල බලන් හිටියනම් ඒ තැන අද නෑ නේද?
අනික දැනට පිලිගන්න දෙයක් තමා උසස්පෙලත් ඉස්සර හොද මිමික් උනාට දැන් තියන ක්‍රමවේද, විශයන් එකක් ඒක හොද මිමික් නෙවේ. ළමයි හැමෝම එක රැල්ලෙ ඇදන් ගිහින් පිරිසක් විශ්ව විද්‍යාල වලට අරන් අනික් අය අත අරිනව. ඒ අයට කරගන්න දෙයක් නෑ. මේ අත ඇරෙන අය උසස් අධ්‍යාපනයට සුදුසු නැති අය කියලද කියන්නෙ
“එමෙන්ම මෙම වෛද්‍යවරුන් බියව සිටින්නේ තමන්ගේ ප්‍රදේශයට තවත් වෛද්‍ය වරයෙකු පැමිණේයැයි බියෙන් මිස වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය ගැන නොවේ”
මේක ඔබ හිතන් ඉන්න කතාවක්. ලංකාවේ දුෂ්කර පළාත් වල කිලෝමීටර 10 – 20 ඇතුලත ඉන්නේ එක වෛද්‍යවරයෙක් විතරයි. මේ ප්‍රදේශ වලට කොච්චර වෛද්‍යවරු ආවත් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වලට එන රෝගීන් ගේ අඩුවක් නම් නැහැ. ඔබට මෙලෙස ප්‍රකාශ කිරීමට ඇති මූලාශ්‍රය කුමක්ද කියා දැන ගන්නත් කැමතියි
“නමුත් ඔවුන් මුලු තැන දෙන්නෙ තම රජකාරියට නොව මුදල් හම්බ කිරීමටය.”
මෙය ඔබේ වෛරී ප්‍රකාශයකි. රජයේ වෛද්‍යවරුන්ගෙන් බහුතරය (55% පමණා පුද්ගලික සේවයේ නොයෙදෙයි. විශේෂයෙන්ම කුඩා දරුවන් සිටින වෛද්‍යවරියන් පුද්ගලික සේවයේ යෙදෙන්නේම නැත.
“අඩුම තරමින් දුප්පත් කෙනෙක් වෙනුවෙන් සැත්කමකට මේ සා මුදලක් සොයන්න එන්න.. නැතිනම් ගෙඩගන්න අමාරුයි කියනවා මිසක් තමන්ගේ ගානින් කීප දෙනෙකුට හෝ සහනයක් දීමට මොවුන් සිතනවාද….”
ඔය කියන විදියට සේවය කරන වෙනත් වෘත්තිකයන් ඉන්නවාද? ඔවුන් එසේ නොකරන්නේ මන්දැයි නො අසන්නේ ඇයි? ඔබ වැනි මෘදුකාංග පිළිබඳව කටයුතු කරන අය කී දෙනෙක් දුප්පත් පාසල් සඳහා මෘදුකාංගයක් නොමිලේ නිපදවා දී තිබේද? පළමුව ඇසේ පොල් පරාලය ගැන සැලකිලිමත් වන්න. ඉන්පසුව අනුන්ගේ පොල් කෙඳි ගැන සැළකිලිමත් විය හැකිය.
“ඒ වගේම මේ අය කියන මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් එන අය කෑගහන අය තරම් සුදුසුකම් ලත් අය නොවේ. එහෙත් ඒ ගැටලුව ඔවුන්ට ඇති එයින් වැඩේ වැදගත්කම මොකක්ද? මේ අයට වඩා අලුත් අය හොදයිනම් ලෙඩ්ඩු ඒ අය ගාව යයි. නැතිනම් මේ අය ගාවට එයි. ඒක සමාජය විසින්ම විසදයි”
මේක හද්දා ගොන් පාට් කතාවකි. වෛද්‍ය උපාධියක ගුණාත්මක භාවය මැනීමට සමාජයට බාර දෙනවා නම් රටකට වෛද්‍ය සභාවක් අවශ්‍ය නැත. අනික් අතට මෙවන් ප්‍රකාශයක් කිරීමට ඔබ වෛද්‍ය සේවය ගැන දන්නේ මොනවාදැයි කියා ඇසීමටත් සිත්වේ. එසේම යම් පුද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් ගුණාතමක නැති අවට තීරණය වීමට ජීවිත් කීයක් බිල්ලට දිය යුතුද? ඒ ලේබලය එන්නේ කී දෙනෙක් මැරුණු පසුද? ඒ මැරෙන අයගේ අයිතිවාසිකම් ගැන කියන්නේ කුමක්ද? විධ්‍ය උපාධියක ගුණාත්මක තත්වය අනුව ඒ ඒ රටවල් වල විද්‍ය සභා ඒවා පිලි ගනී. මාලබේ පුද්ගලික වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය ලංකාවට නොගැලපෙන තරම් පහත් නිසා වෛද්‍ය සභාව මගින් එම උපාධිය පිළි නොගනී. ඒකට ඉතින් වෛද්‍යවරුන්ට දොස් කීමෙන් පලක් නැත. මන්ද මේ අය පිස්සු නටා ලෙඩුන්ගේ ලෙඩ වැඩි කළ පසු ඒ පව් වලට කර ගහන්නට වන්නේ රජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන්ට බැවිනි.
මාත් පිලිගන්නව හරියට දොස්තර කෙනෙක්වත් නැති රෝහල් තිබෙන වබත්, දොස්තර කෙනෙක් කියන්නෙ මේ අයට සම්පතක්. එහෙම අඩු ප්‍රදේශ තියෙද්දිත් නේද මේ අය මේ කෑගහන්නෙ. තව දොස්තර වරු කීපයක් අවාහම එක්කෙනෙක් හරි ඒ ප්‍රදේශ වලට යන්න ඉඩකඩක් තිබෙනව. මා මේ අය මේ ලිපියෙන් මේ අය මෙසේ කෑ ගැහුවාට වෛද්‍ය වෘතිය ගැන නොසිතන බවට ඕනෙතරම් කරුණු ඉදිරිපත් කර ඇත.
මෙහි වෛද්‍ය වරියන් ගැන මා කථාකර නොමැති අතර මා පවසා ඇත්තේ පොදුවේ ඇති තත්වයයි. සාමාන්‍යයෙන් නගර බද දොස්තර වරු 10 ක් ගතහොත් එයින් 9ක්ම පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙයි
ඒ ආකාරයෙන් නොමිලේ සිදුකරන වෘතීන් ඕනෙතරම් තිබේ. ඔබ මෘදුකාංග ගැන කථා කරනව. දැනට මෘදුකාංග නිර්මාණ ශීල්පීන් කී දෙනෙක් නොමිලේ සිදුවන් FOSS මෘදුකාංග සඳහා තම දායකවය ලබාදෙනවාද. තව වෘතියක් ගතහොත් පන්ති වල බොහෝ ගුරුවරුන් පන්තියේ කාඩ් ගැනීමට නොහැකි සිසුන්ට නොමිලේ කාඩ් දෙන් අවස්ථා එමටයි. සමහර අවස්ථාවල ගුරුවරයා අවශ්‍යය ලමුන්ට එම කාඩ්පත් ලබාගන්නා ලෙස පවසන අතර, තව ළමුන් පිරිසක් මෙය ඉල්ලා ලබාගනී. ඒත් අපිට නිකමට සිතෙනවාද වෛද්‍යවරයෙකුගෙන් නොමිලේ බෙහෙත් ගන්න? ඒ දැන්ට අප සමාජය ඔවුන් ගැන සිතන ආකාරයයි. ඒ වගේමයි අනිත් පැත්තත්. යම් ලෙඩෙක් ගොඩ දැමූවිට ඒ දොස්තර හට දෙයියන්ට මෙන් සලකයි. මා මෙම ලිපියෙන් වෛද්‍ය වෘත්තිය හෑල්ලුවට ලක්කිරීමට උත්සහා දරා නොමැති අතර පෙන්වා දී ඇත්තේ ආත්මාර්ථකාමී හේතුවක් නිමා මේ අය ගෙන යන මේ ආත්මාර්ථකාමී වැඩපිලිවෙල ගැනයි.
ඉතින් වෛද්‍ය සභාව අදාල අධීක්ෂණ කටයුතු සිදුකරයි. මොකද මේවා තාම පටන්ගත්ත විතරයි. තාම වසරක්වත් ගියෙ නෑ.
“විදේශ විශ්ව විද්‍යාල තමන්ගේ නමින් සහතිකයක් එම පිලිගත් ගුණාත්මක භාවයෙන් පහල අයට අපරටේ වගේ විවිද අයගේ ඕනෑ එපාකම් වලට දෙන්නේ නැත. ඔවුන් නිතරම බලන්නේ ඔවුන්ගේ නාමයේ කීර්තියයි.”
කීර්තිමත් විශ්වවිද්‍යාල වලින් මේ උපාධි දෙන්නේ නම් එය සතුටට කරුණකි. නමුත් සිදු වන්නේ කොහේ හෝ මුල්ලක නමට පමණක් ඇති විශ්වවිද්‍යාලයකින් පහසුගෙවීමේ ක්‍රමයට උපාධියක් පිරිනැමීමයි. එසේම මෙකී කීර්තිමත් උපාධි ආයතන සෙල් ෆෝන් බිල් අඩු කරනවා වගේ තම අය කිරීම අඩු කරතැයි ලේඛකයා සිතන්නේ ඔහුට මේ ගැන අත්දැකීම් නැති නිසා විය යුතුය. හාවඩ් වැනි පිළිගත් සරසවියක වෛද්‍ය උපාධිය හැදාරීමට පාඨමාලා ගාස්තු ලෙසම රු. මිලියන 8ක් පමණ ගෙවිය යුතුය. මේ සායනික පුහුණුව සඳහා අය කරන මුදල් නොමැතිවය. රු. මිලියනයකට අප රටෙන් වෛද්‍ය උපාධියක් ලැබෙනවා නම් එය කොන්දොස්තර උපාධියක් විය යුතුය.
“තවද මේ කියන ආකාරට අපේ රටේ විශ්ව විද්‍යාලවලින් එන මේ අය අනෙක් හැමෝම ඇයි තමන්ට හොද කල නොහැකි රෝගීන් විදේශයන්ට යවන්නෙ. ඒ ඒ එට වල අධ්‍යාපණයට පින්සිදුවන්න අපට වඩා උගත් අය ඒ රට වල සිටීමයි.”
මෙය බිම පෙරළි පෙරළී සිනා විය හැකි ප්‍රකාශයකි. සමහර රෝගීන් පිටරට යැවීමට සිදු වන්නේ අදාල උපකරණ හිඟය මිස වෛද්‍ය වරුන්ගේ නොහැකියාව නොවේ. එසේම මෙකී තලයේ වෛද්‍යවරුන් පශ්චාත් උපාධි ලාභී විශේෂඥ වෛද්‍යවරු වෙති. උක්ත රටවල මේ ප්‍රතිකාර ලබා දෙන්නේ එකී විශෙෂඥ වෛද්‍යවරු මිස මේ ලේඛකයා ගේ සිහින ලොවෙහි පරිදි එම්.බී.බී.එස්. උපධිය පමණක් ඇති වෛද්‍යවරු නොවේ. පස්චාත් උපාධි ඒ රටවල් වල පවා ලබා දෙන්නේ රජයේ ආයතන මගින් හා රජයේ රෝහල් වල පුහුණුවෙනි. එනිසා මේ තර්කයේ ගත යුත්තක් ඇත්තේම නැත.
දැනට බොහෝ විශ්ව විද්‍යාල පිලිගත් විදේශ විශ්ව විද්‍යාල හා එක්ව බොහෝ පාඨමාලා සිදුකරනව. මම ඉහත පවසා ඇත්තේ ජංගම දුරකථන මේන් මේ පාඨමාලා වල ගාස්තු අඩුවෙනවා නොව ගුණාත්මක භාවය ඉහල යන බවයි.
බිම පෙරලෙන්න දෙයක් නෑ. දැනටත් බොහෝ රෝහල් වල විදේශයන්ගෙන් පැමිණි දොස්තර වරු ඉන්නව. ඒ වගේමයි අපිට ලංකාවෙ ලෙඩෙක් හොද කරගන්න බැරි ලෙඩකට රට යන්න වෙනවනම් සමහර රෝහල් ඒ වෛද්‍යවරු ලංකාවට ගෙන්වන පුලුවන්. මට අත්දැකීම් ඇතිවයි මෙසේ පවසන්නෙ.
“දැනටත් බොහෝ රෝහල් වල විදේශයන්ගෙන් පැමිණි දොස්තර වරු ඉන්නව”
ඇත්ත, අපි දැක්කා කොහොමද ඒ අයගෙ වැඩ කියල. ඇපලෝ එකේ විශේෂඥ වෛද්‍යවරු විදියට පෙනී සිටියෙ පශ්චාත් උපාධිය සම්පූර්ණ නොකරපු අය බවත් ඔප්පු වුනා.
විශේෂඥ වෛද්‍ය වරුන්ගේ හැකියාවන් පෞද්ගලික වෛද්‍යවිද්යාල සමග කිසිම සම්බන්ධයක් නැති බව මම කලින් විස්තර කළා. ඇයි සෙක්කුව වගේ එකම තැන කැරකෙන්නේ? මොන රටක වුනත් විශෙෂඥ වෛද්‍යවරු පුහුණු කරන්නේ රජයේ ආයතන වල. ඒ හින්දා නොගැලපෙන උදාහරණ අරගෙන බොරු කියලා තමන්ගේ මතය ඔප්පු කරන්න හදන්න එපා
ඒත් දැනට ලංකාවෙ බොහෝ වෛද්‍යවරු තමුන්ගෙ උපාදිය සම්පුර්ණ කරන්නෙ ලංකාවෙ නෙවේනෙ. රජයකට ඒක කරන්න බැයිනම් විදේශ විශ්ව විද්‍යාලවත් කරයිනෙ. මේ අය පිට රට ගිහින් කරන දේ තව ටික කාලෙකින් ලංකාවෙ ඉදන් කරගන්න එක කොච්චර හොදද
Youre so cool! I dont suppose Ive read anything such as this before. So good to get somebody with some original thoughts on this topic. realy we appreciate you starting this up. this fabulous internet site are some items that is required on the internet, somebody with slightly originality. beneficial function for bringing a new challenge on the world wide internet! 774366