මොබිටෙල් මේ දවස්වල එන්න එන්නම අල වෙ‍වී තිබ්බ නිසා වෙන්න ඕනෙ ඒ අය ඒ අයගෙ පද්ධතිය අප්ග්‍රේඩ් කරල. මීට දින දෙක තුනකට කලින් තමා මේක කරල තියෙන්නෙ. ඒත් මම ඉන්න හරියටනම් එච්චරම හොදක් පේන්න නෑ. කීප සැරයක් මොබිටෙල් එකෙන් කථාකරල දැන් යාවත්කාලීන කලා, හරිද අහනව. ඒත් මමට වෙනසක් නෑ. රෑට නිතරම විසන්ධි වෙනව. දැන් මොබිටෙල් වැඩි භාවිතයන් නැති නිසා අවුලක් නෑ. හැබැයි තව මාස දෙකක් ඇතුලත තව යාවත්කාලීන කිරීමක් එනවලු. එතකොටවත් හරි‍ගියොත් ගොඩ

දැන් බොහෝ දෙනෙක් කථාවෙන එකක් තමා උපහාර හා බ්ලාස්ටර් පැකේජ නවත්වන එක ගැන. මේ ගැන මොබිටෙල් ආයතනයනම් නිල වශයෙන් ප්‍රකාශ කරල. මේ 14 වෙනිදායින් පසුව නැවත අලුත් උපහාර හෝ අක්‍රිය වෙච්ච උපහාර ලබානෙගත හැකි බව. සමහර විට උපහාර විසන්ධි ‍වුන අය නැවත ලබාගනී කියල මේහෙම කලාද දන්නෙ නෑ. හැබැයි ඩයලොග් එකෙන්නම් සද්දයක් නෑ තාම.

ඒත් මේ එක දිගට දුරකථන ගාස්තු අඩුකිරීම නිමා බොහෝ ආයතන වල අර්බුද තියනව කියල TRC එක ඒකට පියවර ගන්න යනවලු. ආයතන කඩාවැටීම නවත්වන්න. ඒ වගේම ස්ථාවර දුරකථන ගාස්තු සංශෝධනයකුත් ලගදිම එයි වගේ. නිල ‍නොව ආරන්චියක් යනව, හැම ඇමතුමෙන්ම රු 2/- ගානෙ ආරම්භක ගාස්තුවක් ගන්න යන කථාවක්. ඒත් ඒ ගැනනම් දන්නෙ නෑ

මම හිතන්වෙ TRC එක මේ තරගය අඩු කරන්න වගේ යන්නෙ. ඒකෙන් පාඩුවනම් ඔය තරගය නිසා ලාබ ලබන පාරිභෝගිකයන්ට. ඒත් අනවහ්‍යය තරගයක් නිසා ආයතන කඩාවැටීමන් උනත් පාඩු අපිට. රේස් එකෙන් එක්කෙනෙක් අයින් උනොත් උනුසුම අඩුවෙනව. TRC එක මේ තරගය අඩුකරන්න හදනව වගේම මේ සේවා වල ගුණාත්මක භාවය මනින්නත් යම් පියවරක් ගත්තොත් හොදයි වගේ. අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල මේ හැම එකේම. සමහර ජාල හැම වෙලේම කාර්ය බහුලයි, සමහර ඒවගෙ නිතර නිතර බිදවැටීම්, සම්බන්ධ වෙන්න බෑ, අන්තර්ජාලය ‍‍හොදටම ස්ලෝ. මේ අය කියන්නෙ 3.6, 7.2 කියල, ඒත් ඒ වේගය තියා ඒකෙන් බාගයක්වත් එන්නෙ නෑ. මොබිටෙල් මේදවස් වල යක්කු ගස් නගින වෙලාවට නම් 1.8 mbps විතර එනව. ඒත් අපිත් රෑ නිදිමරන්න ඕනෙ. නැතිනම් මේ අයට දෙන්න පුලුවන් අවම අගය ගැන ප්‍රචාරය ගෙනියන්න ඕනෙ.

කුරුණෑගලත් සමහරු ඉන්නව 14.4mbps ඩොන්ගල් හොයන් එන අය. තව සමහරු 3.6 ඒව එපා, 7.2 ඩොන්ගල් එකක් දෙන්න. මොබිටෙල් එකේ 7.2 දෙනව, දැන් ඒ අය 28.8 ත් දෙන්න යන්නෙ කියනව. ප්‍රචාරය නියමට ගෙනියව. ඒත් ගුණාත්මක භාවය ගන්න දෙයක් නෑ.

Update

බ්ලාස්ටර් එකත් නවත්වනව 14න් පස්සෙ. ඉන්පසු අලුත් පැකේජ එයි. ඒත් මොබිටෙල් නොමිලේ කථාකාලයක් දෙන අනෙක් පැකේජ නවත්වන්නෙවත් නෑ වගේ

Mobitel Upgrade සහ උපහාර නැවැත්විල්ල

15 thoughts on “Mobitel Upgrade සහ උපහාර නැවැත්විල්ල

  • July 11, 2010 at 11:29 pm
    Permalink

    TRC එකෙන් ආපු නියෝගයක් හින්දා උපහාර/බ්ලාස්ටර් පැකේජ් දෙන එක නවත්තන්න යනව කියල මට නම් ආරංචි උනේ..

    Reply
    • July 12, 2010 at 12:34 pm
      Permalink

      ඔව්. මේව ඔක්කොම වගේ TRC එකේ වැඩ. එයාල මැදිහත් වෙලා

      Reply
  • July 12, 2010 at 3:35 am
    Permalink

    Anuradhapura ට මොබිටෙල් ස්පිඩ් එක 22kbps Dialog 1.0Mbps Airtel 1.0mbps මෙහෙම බලනකොට මොබිටෙල් වැඩක්ම නැ Internet තියා Call SMS ගන්න පුලුවන්ද එකක් වත් බැ උන් උපහාර විතරයි නෙමෙයි සිම් විකුනන එකත් නැවොතුවොත් හොදයි. නැත්තම් ර්‍රටත් වඩා අල වෙයි

    Reply
    • July 12, 2010 at 12:36 pm
      Permalink

      කුරුණෑගලට‍ එයාටෙල් 3G නෑ. ඒත් ඩයලොග් නම් ස්පී‍ඩ් මොබිටෙල් වලට වඩා හොදටම හොදා‍. මොබිටෙල් වල නිතර නිතර ඩිස්කනෙක් වෙනව. ස්පීඩ් එකත් හුගක් අඩුයි

      Reply
  • July 12, 2010 at 8:13 am
    Permalink

    මගෙ යාලුවෙක් මේ ලඟදි ඩයලොග් සිම් එකක් ගන්න කොල්ලුපිටියෙ ශාඛාවට ගිය වෙලාවෙ ඒකෙ හිටපු වග කිවයුතු නිලයක් දරණ පුද්ගලයෙක් කියලා තියෙනවා Blaster නවත්වන යන කතාවක්. අපරාදෙ කියන්නෙ මට යාලුවත් එක්ක යන්න බැරි වුනා. ගියානම් කතාව අහගෙන එනවා

    Reply
    • July 12, 2010 at 12:38 pm
      Permalink

      එහෙනම් ඇත්ත වෙන්න ඇති.

      Reply
  • July 12, 2010 at 8:38 am
    Permalink

    අද ෙමාබිෙටල් නිසා ලංකාෙව් ෙවනත් කිසිදු දුරකථන ජාලයකට ඔවුන් ලබා ෙදන පහුකම් සදහා මිල අඩු කිරිමක් ලබා දිමට ෙනාහැකි වී තිෙබ්.අැයි mobitel ෙම් තරම් අාත්මාර්ථකාමී………..

    Reply
    • July 12, 2010 at 12:41 pm
      Permalink

      ආත්මාර්ථකාමී කම කෙසේ වෙතත්, මිල අඩු කම නිසා ජාලයට දරාගන්න බැරි ග්‍රාහකයන් පිරිසක් ඉන්නව. ඒකෙන් ගුණාත්මක බාවය නැතිවෙන එකයි වෙන්නෙ. එක්කො ජාලය දියුණු කරන්න ඕනෙ. නැත්නම් කටිටිය පාලනයක් අවශ්‍යයි

      Reply
  • July 12, 2010 at 9:51 am
    Permalink

    මෑතක ඉදන් මොබිටෙල් සේවය ඉතාමත් දුර්වලයි. අපේ ප්‍රදේශයේ සෑම කෙනෙක්ම පාවිච්චි කරන්නෙ මොබිටෙල් ඒ වෙනත් විකල්පයක් නොමැති නිසා. කිහිප වරක්ම ඔවුන්ට පැමිණිලි කලත් තවමත් විසදුමක් නැහැ.දින කීපයකට කලින් ලිඛිතවත් දැන්වීමක් කලා. trc එක බඩේ අමාරුවට පොල් මුඩු ගහනවා වගේ වැඩක් කරන්නෙ. එයාල මේ තරම් සිම් නොමිලේ දෙන එක පාලනය කරන් නැහැ ඒවගෙම එක් කුළුණකට කොතරම් පාරිභෝගික ප්‍රමාණයක් දරා ගන්න පුළුවන්ද කියන එකත් කිසිම පාලනයක් නැහැ. අන්තර්ජාල වේගය ගැන කතා කරල වැඩක් නැහැ. ඉහල පරිපාලනය මේව කියවල තීරණයක් ගන්නවා නම් හොදයි. නැත්නම් ‍ඔක්කොම බංකොලොත් වෙලා යන්න කියල තමයි කියන්න තියෙන්න. මොකද යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ?

    Reply
  • July 12, 2010 at 12:47 pm
    Permalink

    ඒකනම් හරි. ඒත් මෙයාලට ‍ඒව පේන්නෙ නෑ. ගුණාත්මක භාවයක් සමහර විට දන්නෙ නැතිව ඇති 😛

    Reply
  • July 12, 2010 at 6:42 pm
    Permalink

    sir please send this Mobitel Upgrade සහ උපහාර නැවැත්විල්ල news in english ?? i can’t understant singalam

    Reply
    • July 12, 2010 at 9:19 pm
      Permalink

      @Gowritharan,

      The TRC has intervened (on the pleas of operators like Mobitel/Dialog to put a stop to packages giving free calls like Blaster&Upahara. Thugh Mobitel & Dialog introduced such packages to counter the migration to Airtel.
      So from 15th July no NEW packages like Upahara or Blaster is available for subscription- however those who have already subscribed can continue to enjoy such facilities

      Reply
      • July 12, 2010 at 11:37 pm
        Permalink

        Mobitel have several free call packages like Double M. But Dialog only have one. Its Blaster.

        Reply
        • July 13, 2010 at 9:28 am
          Permalink

          thank you sir now i understand thank you so much

          Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *