ටිකෙන් ටික අන්තර්ජාල ගුණාත්මක භාවය අඩුවෙන්න ගත්තහම TRC එක අන්තර්ජාල වේගය ගැන නිතර සෙවිල්ලෙන් ඉන්න වෙනමම ඒකකයක් පිහිටෙව්වෙ මීට මාස කීපයකට කලින්. (http://www.trc.gov.lk/about-us/events/151-trcsl-commences-broadband-qos-monitoring.html)   අනෙක් රාජ්‍යය ආයතන වගේ ආරම්භයෙන් නවතින්නෙ නැතිව එම ඒකකය නිතරම මේ ගැන සෙවිල්ලෙන් ඉදල තියෙන්නෙ. ඒ අය lirneasia කලාක් මෙන් දිනයේ සෑම වෙලාවකම බාගත කිරීමේ කරල ඒම වේගයන් සටහන් කරගෙන. හැබැයි lirneasia කලාක් මෙන් නෙවේ, TRC එක US සර්වරයකින් බාගත කිරීමේ වේගය පමණයි නිරීක්ෂණය කරල තියෙන්නෙ. ඒ උදේ 9 ඉදන් රෑ 12 වෙනකම්. මේකෙන් ලැබෙන ප්‍රථිපල මේ අය සේවා සපයන ආයතන සමග සාකච්චාකරල හොද සේවාවක් ප්‍රජාවට සැපයීමට කටයුතු කරගෙන යනවලු. ඒ අනුව සමහර සේවා සපයන ආයතන තම තමන්ගේ වැරදි හදාගෙන. කෙසේ වෙතත් මේ අය මෙම නිරීක්ෂණය ස්ථාවර අන්තර්ජාල සැපයුම් හා ජංගම අන්තර්ජාල සැපයුම් යන දෙවර්ගයෙම වෙන වෙනමම වේගය නිරීක්ෂණය කරගෙන යනවලු. හැබැයි ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල මේ අය පළමු අදිරයේදි නිරීක්ෂණයට යොදාගෙන තියෙන්නෙ අසීමිත අන්තර්ජාල සම්බන්ධතා විතරයි. මේ අය Volume Base අන්තර්ජාල සම්බන්ධතා මේ අදියරේදී යොදාගෙන නෑ. ඒව ඉදිරි පියවරේදී යොදාගන්නවලු.

මෙහෙම පරික්ෂා කරපු අන්තර්ජාල වේගය මේ අය ස්ථාවර සම්බන්ධතා වල මේ මාසයෙත්, ජංගම අන්තර්ජාල සම්බන්ධාතව ජනවාරි මාසයෙත් එලියට දාන්න බලාගෙන ඉන්නෙ. ඒ අනුව හොද ප්‍රථිපලයක් බලාගන්න පුලුවන් උනොත් හොදයි. හැබැයි ජංගම අන්තර්ජාල සම්බන්ධතා වල වේගය එකම තැනක ඉදන් පරික්ෂා කරන එකෙන් වැඩක් ගන්න අමාරුයි. මොකද එම සේවා සපයන ආයතන වලට පුලුවන් ඒ අවට විතරක් ගුණාත්මක භාවය හොද මට්ටමක තියාගන්න. ඒක ගැනත් හිතන්න වෙනව. මොකද ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල වේගය ප්‍ර දේශයෙන් ප්‍රෙද්ශයට වෙනස් වෙනව. ඒක නිසා ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල වේගය මනින්න වෙන  ක්‍රමක් හොයාගන්න වෙයි. නැතිනම් ප්‍රජාවගේ සහය ලබාගන්න ඕනෙ. අනික පළමු පියවරේදි ජංගම අන්තර්ජාල වල හොද ප්‍රථිපලයක් බලන්න බැරිවෙයි. මොකද මේ අය පලමු පියවරේ නිරීක්ෂණය කරල තියෙන්නෙ  Unlimit අන්තර්ජාල සම්බන්ධා විතරයි නිසා. බොහෝ ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල Unlimit බාගත කිරීම් දෙන්නෙ නෑනෙ. එක්කෙ Volume base, නැතිනම් Time Base ඒ දෙකම නැතිනම් FUP.

ආයෙ තව ගැටලුවක් තියෙන්නෙ ටෙලිකොම් එකේ User ලව Black List කරන එක. TRC එකේ සම්බන්ධතාවයත් Black List කරොත් හොද සීන් එකක් බලාගන්න පුලුවන් වෙයි. ඒත් අවුල තියෙන්නෙ ඔහොම ටික ටික බෑවට එහෙම වෙන්නෙ නැති එකයි. ඒ ගැනත් මොනව හරි කරනවනම් ලොකු දෙයක්.

ඒ වගේම වැදගත්ම දේ තමා TRC එක දැනට සැලසුම් කරගෙන යනව දේශීය අන්තර්ජාල වේගයේ අවම වේගය 1Mbps තත්වයක පවත්වගන්න. ඒකනම් ඉතා සුභ ආරංචියක්. හැබැයි මේ වේගය ප්‍රචාරයට විතරක් සීමා නොවේ සත්‍යය වශයෙන්ම ලැබෙනවද නැද්ද යන වගත් ගුණාත්මක භාවය ගැනත් සොයා බලනවනම් ලොකු දෙයක්.  ‍වේගය කියන්නෙ අපේ සම්බන්ධතා වල ගුණාත්මක භාවයේ එක් සාධකයක් පමණක් නිසා අනිත් සාධක ගැන සොයා බලනවනම් හොදයි.

ඒ සඳහා ප්‍රජාවගේ සහය වගේම lirneasia වැනි ආයතන විවිධ ප්‍රෙද්ශ වල සිදුකරන පරීක්ෂණ ප්‍රථිපලත් යොදාගන්නවනම් ලොකු දෙයක්. ඒකෙන් කොළඹට විතරක් සීමා නොවී මේ සේවාව දීප ව්‍යාප්ත වෙනව

TRC Broadband Speed Test Result will be publish this month

2 thoughts on “TRC Broadband Speed Test Result will be publish this month

  • December 12, 2010 at 9:15 pm
    Permalink

    Minimum Speed eka 1MB karala package danatamath SLT eken eliyata dala. eth eva unlimited nevi.

    SLT okkoma package 1MB or higher karai. unlimited eva na. ithin 1MB line ekak 7GB limit (free usage) ekak ekka aran wadak na.

    me package limit nokara FUP ekak (limit eken pasuwa 512 KB wage wenna deela) ho day time speed aduwata (wena ratawal wala wage) night time high speed wath dunna nam hari.

    Reply

Leave a Reply to pavithra Cancel reply

Your email address will not be published. Required fields are marked *