කොච්චියෙ යන්න එන්න පටන්ගත්තට පස්සෙ නිතර ඇතිවෙන ගැටලුවක් තමා කාලසටහන්. ඒ සඳහා දුම්රිය දෙපාර්ථමේන්තුවේ වෙබ්අඩවියේ කාලසටන් සියල්ල ප්‍රකාශය කරල තියනව. නමුත් මේ අඩිවියට දුරකථනයෙන් යන එක ගැටලුවක්. ඒකෙ තියන ෆෝම් එක පුරවන එකත් ගුටලුවක්. මේක නිමා ඒ කාල සටහන් වලින් පොඩි වෙබ් අඩවියක් හැදුව.  මුලින් මේක සස මගේ අවශ්‍යයතාවයට හැදුවෙ. ඒකට කුරුණෑගල, පොල්ගහවෙල හා කොටුව කාළසටහන් දාල මම ඕනෙ උනහම බලාගන්නව. මොකද හදිස්සියට පාරෙ තොටේදි රේල්වේ වෙබ් අඩවියට යන්න දුරකථනයෙන් බෑනෙ. අනිත් හේතුව තමා දුම්රිය ස්ථානයට කථාකරල හැම වෙලාවෙම කාල සටහන් අහන එක කරදරයක්. වැඩි විස්තර අහද්දි ඒ අයටත් තදවෙනවනෙ. රෑට , උදේ පාන්දර ඒ සේවා වැඩ නෑ. ඒක නිසා තමා මේ විදිහට ජංගම දුරකථන වලින් යන්න වෙබ් අඩවිය හැදුවෙ.

කාල සටහනින් සටහන කොපි කරන එක කරදරයක් නිසා පොඩි මෘදුකාංගයක් හැදුව. ඒක මාර්ගයෙන් තෝරාගත් කාලටහන් ස්වයංක්‍රියව ලෝඩ් වෙලා අනිත් කෑලි හලල, මට ඕනෙ ඒව විතරක් මට ඕනෙ ෆෝමැට් එකට හරවල ඩේට බේස් එකට දාගත්ත. සියලු දුම්රිය ස්ථාන වල ඒව දාන්න තාම පහසුකම් නෑ. මෘදුකාංගයෙන් පැය කීපයක් ඇතුලත ඒ සියල්ල බාගත කරල දුන්නත් ඒව දාන්න වෙබ් අවකාශයක් තාම නෑ. ඩේට බේස් එක විතරක්  මෙගා බයිට් 200-300 ත් විතර.  ඒක නිසා මුලින් තෝරාගත් කීපයක් දැම්ම.

මේක කවුරු හරි භාවිතා කරනවනම් ඒ අයට ඕනෙ කාලසටහන් ඉල්ලන්න පොඩි ෆෝම් එකක් දැම්ම. ඒකෙන් කැමති ස්ථාන වල කාලසටහන් ඉල්ලන් පුලුවන්.

ඒ වගේමයි දැනට තියන ඒවගෙ වෙනස්කමක්, වැරුද්දක් දැක්කොත් ඒව දාන්නත් වෙනම පිටුවක් හැදුව. ඒ අනුව අඩවිය අප්ඩේට් කරන්නම්. දුම්රිය දෙපාර්ථමේන්තු අඩවියෙ කාල සටහන් සමහර ඒව යාවත්කාලීන නෑ.

දැනට වෙබ් ලිපිණය  – SLR.MALINDAPRASAD.COM

Sri Lanka Railway Time Table on Mobile

5 thoughts on “Sri Lanka Railway Time Table on Mobile

  • January 8, 2011 at 4:16 pm
    Permalink

    මම නම් ගමන් බිමන් වලට දුම්රිය භාවිතා කරන්නැ.නමුත් ඔබේ උත්සාහයට මගේ ප්‍රනාමය…..

    Reply
  • January 11, 2011 at 11:52 am
    Permalink

    නියම්යි, දිගටම කරගෙන යන්න

    Reply
  • January 16, 2011 at 8:10 pm
    Permalink

    how it ?? i cant understand

    Reply
    • January 17, 2011 at 12:58 am
      Permalink

      මොනවද තේරැම් ගන්න බැරි?

      Reply
  • June 7, 2012 at 11:15 am
    Permalink

    An really intriguing read, I could possibly not agree completely, but you do make some quite valid points. 778807

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *