දුරකථන ගාස්තු ස්ථාවර කිරීමත් සමගම දැන්න එන්න එන්න අනෙක් සේවා වල ගාස්තු අඩුවෙනව. ඩයලොග් පැකේජ වල භාවිත සීමා වැඩි කරල 490ට 2GB-3GB සීමාවක් තියන පැකේජයක් හදුන්වල දීල දැන් ටික කාලයක්. ඒ එකක්ම ඩයලොග් මමත් මෙච්චර කල් බලන් හිටි පැකේජයක් එලියට දැම්ම. ඒ සති කීපයකට කලින්. මේ වගේ පැකේජයක් ගැන ඩයලොග් වෙත ඊමේල් කීපයක් මීට බොහෝ කලකට කලින් යොමු කලත් හොදා ප්‍රතිචාර හම්බඋනේ නෑ. ඒ කුඩා දෛනික ගාස්තුවකට දත්ත දුරකථනයකට සෑහෙන දත්ත ප්‍රමාණයක් ලබාදෙන පෙරගෙවුම් පැකේජයක්. මම ඩයලොග් පසුගෙව්ම් පැකේජයකට මාරුඋනේ ඒකෙ මාසෙට රු 50ට ලබාදුන්න දත්ත ප්‍රමාණය නිසා (දැන් ඒ පැකේජය නෑ). ඒත් ඊට වඩා නිකන් මාසික ගාස්තුවක් ගෙවන එක අපරදෙ නිසා නැවතත් පෙරගෙවුම් වලට මාරුඋනා. ඒ එක්කම වගේ මේ අය මෙගාබයිටය රු 2ට හා ඉන්පසු මෙගාබයිටය රුපියට බස්සපු නිසා දැන් ඇතිවෙන්න අන්තර්ජාලය දුරකථනයෙන් භාවිතා කරනව.
ඒ එක්කම ඩයලොග් දෛනිකව රු 3කට මෙගාබයිට් 10ක පැකේජයක් හදුන්වල දුන්න. ඒකනම් නියම පැකේජය. සීමාවෙන් පස්සෙත් මෙගාබයිටය ශත 50යි.
අඩුම 3G සාමාන්‍යය අන්තර්ජාල ගාස්තුව මේක වෙන්න ඕනෙ. අනෙක්ව සාමාන්‍යෙයන් රු 20ට වැඩියෙන් තියන පැකේජ, නැතිනම් හච්. ඒත් 3G නෑනෙ. ඒක නිසා මේක පට්ට ලාබයි. දැන් මට අවුල තියෙන්නෙ ෆෝන් එකේ බැටරිය මදිකම
ඒ එක්කම මොබිටෙල් පැකේජ කීයක් එලියට දාල. ඉස්සර තිබ්බ සමහර ඒව වෙනස් කරල.
පසුගෙවුම් වල
රු 475 ට ගිගාබයිට් 2යි
රු 590ට ගිගාබයිට් 3යි
රු 890ට ගිගාබයිට් 5යි
රු 1290 ට ගිගාබයිට් 8යි
ඒ එක්කම රු 25ට තිබ්බ 3G Daily Delight පහසුකම රු 20 දක්වා අඩු කරල ලැබෙන දත්ත ප්‍රමාණය 100MB දක්වා වැඩි කරල

හැබැයි මොබිටෙල් වල පසුගෙව්ම් අයට ජංගම දුරකථනයට දාගන්න කුඩා මාසික ගාස්තුවක් තියන පැකේජයක් තාම මොබිටෙල් එලියට දාල නෑ. හැබැයි ඩයලොග් වල රු 100 ඉදන් තියන.

ඒ වගේම වැඩිපුර දත්ත භාවිතා කරල ඩයලොග් පෙරගෙවුම් අයට හරියන අඩු පැකේජත් තාම ඒ අය හදුන්වල දීල නෑ. කොහොම උනත් හැම අවශ්‍යයතාවයට හරියන පැකේජයක් ජාල දෙකෙන් එකක තියනව

අද ඩොන්ගල් එක අමතකවුන නිමා අකලංකගෙ ඩොංගලයෙන් මේ රු 20 දාල තමා බ්ලොග් එක ලියන්නෙ

New Prepaid and Postpaid Mobile Broadband on Mobitel and Dialog

7 thoughts on “New Prepaid and Postpaid Mobile Broadband on Mobitel and Dialog

  • March 17, 2011 at 8:36 am
    Permalink

    mobitel 20 pakege eka active karanne kohomada

    Reply
  • March 17, 2011 at 9:27 am
    Permalink

    ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ. මේ අය තාම advertise කරල නැහැනෙ. ඒත් TRC සයිට් එකේ නං දාලා තියෙනව. අලුත් පැකේජ කොහොමද සක්‍රීය කරගන්නෙ? 😮

    Reply
    • March 17, 2011 at 11:25 am
      Permalink

      25 පැකේජය සක්‍රිය කරන විදිහටමයි
      141 ඩයල්කරල
      *071*25*1#
      හෝ D25 කියල 7678 ට කෙටිපණිවියක් යොමුකරල.
      මේ ක්‍රම තුනෙන් ඕනෙ එකකට පුලුවන්. මම කලේ *071*25*1#

      Reply
  • March 17, 2011 at 1:19 pm
    Permalink

    mama nam use karanne AirTel Prepaid data…..(Rs 25-100mb)(Rs45-1500MB)

    Reply
  • March 19, 2011 at 10:25 am
    Permalink

    Hutch හෝ Mobitel Postpaid ඒවටත් හොඳ පැකේජ ටිකක් දුන්නොත් හොඳයි. (හච් වල නම් දැනුත් හොඳ එකක් තියෙනව, ඒත් GPRSනෙ. 🙁 )

    Reply

Leave a Reply to සුපුන් සුදාරක Cancel reply

Your email address will not be published. Required fields are marked *