ටෙලිකොම් සමාගම WiMax අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න ගැනීමත් සමග (http://blog.malindaprasad.com/2011/01/12/slt-internet-from-rs-390-via-wimax-4g/) දැන් හොද ස්ථාවර වේගයක් සහිත අන්තර්ජාල සම්බන්ධතාවයක් අපගේ නිවසට හෝ නිතර එහෙමෙහෙ ගෙනයන ලැප්ටොප් එකට ලබාගැනීමේ හැකියාව තියනව. දැනට ලංකාවෙ Dialog, Lankabell වැනි WiMax සේවා සපයනනන් හිටියට මේ අය 4G නෙවේත ඇත්තට මේ 4G කියන්නෙ WiMax වලට අලුත් මුහුණුවරයක්. මේක තාක්ෂනිකවනම් Fixed Broadband විදිහට (line-of-sight)  50Km පමණ දුරකටත් සාමාන්‍යය ඩොන්ගලයක් භාවිතා කරල WiFi (Non-line-of-sight) මෙන් 4Km දුරටත් ලබාගැනීමේ හැකියාව තියනව.

මේ අයගෙ External Antenna ව ගනම් උනාට dongle එක රු 4000/- ක් විතර. ඒක අරන් අපිට අන්තර්ජාලය භාවිතා කරන්න පුලුවන්. මේ අය කියන විදිහට Limited broadband වලට 1:1 Ratio එකක් ලබාදෙනවනෙ. අනික රු 390 ඉදන් පැකේජ තියනව. සීමාව ඉක්මඋවත් ගාස්තුව අනෙක් ජංගම අන්තර්ජාල සේව වල වගේ.

සමහර  අලුතෙන් එන laptop වල WiFi කාඩ් එක WiMax සහය දක්වනව. එහෙම උනොත් වැඩේ ඊටත් වඩා ලාබයි.  ඩොන්ගල් එකක් හරි WiMax කාඩ් එකකින් භාහිර අන්ටනාවක් රහිතව ටෙලිකොම් වල තාමා භාවිතා කරන්න පුලුවන් කුලුනෙ ඉදන් 1Km දුරට විතරයි. ඒක පොඩි ගැටලුවක්. මොකද තාම හැම ප්‍රෙද්ශයම ආවරන කරල නෑනෙ. කොහොම උනත් මේක හොද ආරම්භයක් වෙයි. දැනට තියන ජංගම අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවය ගන්න දෙයක් නෑනෙ. සමහර ප්‍රෙද්ශ වල.

ඒත් ටෙලිකොම් වල limited Broadband වල හොද වේගයක් තියනව. ඒ වගේමයි ඒ අය 1:1 ratio එකක් දෙනව කියල සහතික වෙනවනෙ

ආවර කළාප – http://bit.ly/ftP9zt

පැකේජ – http://bit.ly/hFQkYP

 

SLT Broadband Direct to Laptop without Antenna from 390 via WiMax

One thought on “SLT Broadband Direct to Laptop without Antenna from 390 via WiMax

  • March 23, 2011 at 4:45 pm
    Permalink

    ගොඩක් වටින ලිපියක්. මටත් වේගවත් අන්තර්ජාල පහසුකමක් ලබාගන්න උවමනාවක් තියෙනවා. දැනට මට තියෙන්නේ Lanka Bell dial up connection එකක්.Mobitel උපහාර internet connection එක මම ඉන්න තැනට එන්නේ edge විතරයි. අනෙක් ඒවාත් එහෙමද දන්නෑ.හැබැයි මේක අපේ පලාතටත් (මම ඉන්නේ පිළිමතලා‍වේ) අවොත් නම් ගැටළුවක් නැතිවෙයි වගේ…

    Reply

Leave a Reply to දිනේශ් දීපාල් Cancel reply

Your email address will not be published. Required fields are marked *