මීට දින කීපයක් වන තුරු අපගේ විවිධ රෑපවාහිනී ගුවන්විදුලි නාලිකා වල ගියෙ විවිධ වෙලාවන්. එකක දහවල් එක වෙලා විනාඩි හෝ තප්පර කීපයකින් තමා අනිකෙ එක වෙන්නෙ. මේක නිසා විවිධ කටයුතු වලදී නිවැරදි වෙලාව දැනගන්න එක ගැටලුවක් වෙනව. අන්තර්ජාලය නැති කෙනෙක්ට ඒක බලාගන්න තියෙන්නෙ රෑපවාහිනිය හරි ගුවන්විදුලිය හරි

අන්තර්ජාලයෙන් බලාගන්නවනම්  Google.com වල time colombo කියල සෙවුමක් දැම්මනම් හරි (http://www.google.com/search?q=time+colombo&btnG=Search)

හැබැයි ජංගම දුරකථනයෙ Automatic Time Update කියන එක ඔන් කරල තිබ්බොත් ස්වයංක්‍රියව වෙලාව සකස්වෙනව තමන් ඉන්නා ජාලය අනුව.

මේ විවිධ වෙලාවල් වලට පිලියමක් වශයෙන් රජය මගින් නිල වෙබ් අඩවියක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කලා. එම වෙබ්අඩවිය මගින් ලංකාවේ සම්මත වෙලාව (Sri Lanka Standard Time) නිවැරදිව බලාගන්න පුලුවන්. ඒ අනුව සියලු අයතනව වලට තම තමන්ගේ වෙලාවන් සකස්කරගන්නත් පුලුවන්

එක ජාතියක්, එක කොඩියක්, එක වෙලාවක්..

වෙබ් අඩවිය – sltime.org

මේපාර අවුරුද්දෙ බැලුවනම් රෑපවාහිනී, ඒ හැම එකකම ගියෙ එකම වෙලාව. එකම වෙලාවට නැකත්.
(ජාතික රෑපවාහිනිය 1:00 ට 1:01 කියල දාල කලින් අවුරුදු උදාකලේ වෙලාවෙ වරදකට නෙවේනෙ)

මේක වෙබ් අඩවියක් පමණක් නොව NTP (Network Time Protocol) සහය ඇති සර්වරයක්. එමගින් අපගේ පරිගණකයේ වේලාව ස්වංක්‍රියව එම සර්වරය හා සම්බන්ධ වී සකස්වෙන පරිදි වෙනස් කිරීමේ හැකියව තියනව. එම නිසා තප්පර, විනාඩි හරියටම ටයිප් කරන්න අවශ්‍යය නෑ. එම සර්වරය සමග ස්වයංක්‍රියව වෙලාව වෙනස්කර ගන්න පරිගණකයේ කුඩා සැකසුමක් කරන්න අවශ්‍යයි. ඒක කරන්නෙ මෙහෙමයි.

(මේකෙ කරල තියෙන්නෙ වින්ඩෝස් 7 වල. XP හා විස්ටා වල ලොකු වෙනසක් නෑ. එකම විදිහට කරන්න පුලුවන්. මේ සමහර වැඩ වලා ඇඩ්මිනිස්ට්‍රේටර් අවසර අවශ්‍යය වෙනව.)

මුලින්ම ඔරලෝසිව Click කරල Change Date and Time

නැතිනම් ඔරලෝසිව Right Click කරල adjust date/time යන්න


මෙහිදී සර්වරය සමග වෙලාව සකස්කිරීමට ප්‍රථම අපගේ පරිගණකයේ කාල පරාසය (time Zone)  නිවැරදිව දෙන්න ඕනෙ.

සාමාන්‍යෙයන් ලංකාවෙ Time Zone එක +5:30. ඒත් වින්ඩෝස් විස්ටා හා ඉන් පසු පැමිණි සංස්කරන වල මෙය නැවැරදිව Sri Jayawardhanapura +5:30 ලෙස තිබුණත් ඊට පෙර පැමිණි Windows XP වැනි සංස්කරන වල Colombo +06:00 ලෙස සටහන් කරලයි තියෙන්නෙ. ඒක සකස්කරන්න පිලියම් දෙකක් තියනව

1. ඉන්දියා වල +5:30 Zone එකකට සැකසීම

2. වින්ඩෝස් යාවත්කාලීන කිරීම. මේ සඳහා මයික්‍රෝසොෆ්ට් සමාගම පැචයක් නිකුත්කර තිබේ. එය http://support.microsoft.com/kb/918093 මගින් බාගත කරගත හැකිය

ඒ අනුව Change Time Zone වෙත ගොස් නිවැරදි කාල පරාසය තොරන්න


 

ඒ වගේම අපගේ පරිගණකයේ දිනය වැරදිනම් සමහර සර්වර යාවත්කාලීන කිරීම් ප්‍රතික්ෂේප කරනව. ඒකනිසා වැඩේ කරන්න කලින් දිනය හරියට හදන්න වැරදිනම්. ඒක කරන්නෙ Change Date Time මගින්

 

ඒ වැඩ දෙකම අවසන් වු පස් Internet Time කියන ටැබයට පිවිසෙන්න, එහි Change Settings වෙත යන්න

එහි Synchronize with an Internet Server  කියන චෙක් බොක්ස් එකට ටික් එක දාන්න ඕනෙ. නැතිනම් වින්ඩෝස් මගින් ස්වයංක්‍රියව යාවත්කාලීන වෙන්නෙ නෑ

ඒ වගේම වින්ඩෝස් පෙරනිමියෙන් සර්වරයක් තෝරා ඇති අතර එය සමග නිතර නිතර යාවත්කාලීන කම් ස්වයංක්‍රියව කරගනී. සමහර විට ඔය පරිගණකයේ Time Zone එක වැරදියට තෝරා අන්තර්ජාලයට පිවිසියහොත් නිතරම වෙලාව ඒ time zone අනුව යාවත්කාලීන වන නිසා ඔබගේ පරිගණකයේ වැරදියට පෙන්වන්නේ මෙම නිසාය

මෙහි ඇති සර්වරයක් උවද තෝරාගත හැකිය. නමුත් ලංකාවේ අපිට sltime.org නම් සර්වරයක් රජය මගින් ආරම්භ කරලයි තියෙන්නෙ. ඒක නිසා ඒක දෙන්න


ඉන්පස් UpdateNow ක්ලික් කරන්න. එවිට යට තිබෙන ලේබලය Synchronize Success Full ලෙස දිස්වේවි.


දැන් සියලු වින්ඩෝ OK කර ඉවත් වෙන්න. ඉහත පැවසූ Synchronize with an Internet Server ටික් කර ඇතිනම් වින්ඩෝස් මගින් ස්වයංක්‍රියව යාවත්කාලීන කරගන්නව.

මේ පින්තූර පොඩි වගේනම් ක්ලික් කරල ලොකු කරගන්න පුලුවන්

ඔය වැඩේම වීඩියෝ එකකින් කරන විදිහ විස්තර කරල තියනව.

 

HD නැරඹීමට

Synchronize Time With Internet Server ( Sri Lanka Standard Time – sltime.gov) Step By Step Guide

8 thoughts on “Synchronize Time With Internet Server ( Sri Lanka Standard Time – sltime.gov) Step By Step Guide

  • April 15, 2011 at 1:13 pm
    Permalink

    Thanx for this great stuff malinda.i have Synchronized my local time with sltime.org server.but there is a two seconds delay with the server time.

    Reply
    • April 15, 2011 at 2:06 pm
      Permalink

      I’ve the same issue. I’m on Ubuntu. I thought that something wrong with Ubuntu’s sync, but it now seems to exist with other systems.

      Reply
    • April 15, 2011 at 5:55 pm
      Permalink

      මේකේ Sync කරන්නෙ පැය හා මිනිත්තු විතරයි….තත්පර Sync වෙන්නෙ නැහැ කියලයි මට පේන්නෙ…..

      Reply
      • April 15, 2011 at 9:19 pm
        Permalink

        තප්පරත් Sync වෙනව. කිසි අවුලක් නෑ

        Reply
    • April 15, 2011 at 9:18 pm
      Permalink

      වෙබ් අඩවියෙන් බලද්දි මටත් එහෙම අවුලක් තිබ්බ. ඒත් හරියට Sync උන නිසා ගනම් ගත්තෙ නෑ

      Reply
  • April 23, 2011 at 2:32 pm
    Permalink

    maru…. gud work men! :)))

    Reply

Leave a Reply to Badrajith Cancel reply

Your email address will not be published. Required fields are marked *