වෙනද කොළඹ සිට කුරුණෑගලට එන්නෙ බස්එකේ. අපි ටිකක් කලින් එන නිසා කාර්යාල දුම්රිය වගේ නෙවේ අනිත් ඒව. පටන්ගන්නත් ප්‍රමාදයි බොහෝ වෙලාවට. ඒක නිසා බස්එකේ. ඉදගෙන එනව. අද පරක්කු උන නිසා ඒ වෙලාවට කාර්යාල දුම්රියක් තියන නිසා කලින්ම ගියා ටිකට් අරන් දුම්රියස්ථානයට. වෙනද වගේම අදත් ධනුෂාන් මලයත් හිටිය. එයා ගම්පහින් බහින නිසා ටිකට් ගන්න තැනින් අහන්න කීව 6.10 මහව දුම්රිය ගම්පහ නවත්වනද කියල. එතනින් ඔව් කියල තිබ්බ. ඇතුලට එන්න කලින් ජංගම දුරකථනයෙනුත් කාලසටහන බැලුව නිසා බයක් තිබ්බෙ නෑ. ඒත් සැකයක් තිබ්බ. ඇහුව විමසීම් කවුන්ටරයෙන් කෝකටත් තියල. මෑන් කියපි කෙලින්ම දෙමටගොඩින් පස්සෙ නවත්වන්නෙ අලව්වෙ…
ටිකටුත් අරන්. බැලුව දුම්රිය දෙපාර්ථමෙන්තු සයිට් එකේ බැලුව. ඒකෙ තියන විදිහට 6.10 මහව දුම්රිය ගම්පහ නවත්වනව (Schedule)

මේක ලංකාව නිසා ගත්ත කෝල් එකක් කුරුණෑගල දුම්රිය ස්ථානයට, මහව යන 6.10 එක ගම්පහ නවත්වනවද? ඔව්. පවර්සෙට් එකනෙ. ඔෆිස් එක. ඒක නවත්වනව.
ඒත්  අපිට සුවර් නෑ. ගත්ත මහවට. ඒකෙනුත් ඇහුව. ඒ ගත්ත කෙනත් කීවෙ නවත්වනව කියල. ආයෙ මොකටද සැකයක් තියාගෙන්නෙ. නැග්ග. ඉදගන්නත් හම්බුන නිසා ආතල් එකේ ඉදන් ඉද්දි ලග ඉන්න ඔෆිස්යන එක්කෙනෙක්ගෙන් ඇහුව මේක ගම්පහ නවත්වනවද කියල.. මෑන් කියපි නෑ කියල. වටේම අය කීව මේක නවත්වන්නෙ නෑ. එහාපැත්තෙ එකට නගින්න කීව. ඒත් එක්කම නිවේදනය කලා

දෙවෙනි වේදිකාවේ නවත්වා තිබෙන කුරුණෑගල, මහව හන්දිය බලා ධාවනය වන සිඝ්‍රාමී දුම්රිය මරදාන, දෙමටගොඩ, අලව්ව, පොල්ගවෙල හා පොල්ගහවෙල සිට මහව හන්දිය දක්වා සියලුම දුමරිය ස්ථාන වල නවත්වන ලැබේ.

මොනව කරන්නද. එහාපැත්තෙ තිබ්බ පොල්ගහවෙල එකට අර මලය ගොඩ කරල අපි මේකෙම හිටිය. ඒ නිවේදනය කලෙත් එකපාරද මන්ද

එයින් මෙයින් කොහොම හරි දෙමටගොඩට දුම්රිය ආවට පස්සෙ ඔන්නෙ ඒ දුම්රිය ස්ථානයෙන් නිවේදනය කලා

තුන්වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය වේයන්ගොඩ බලා ධාවනය වේ. වේයන්ගොඩ දක්වා සියලුම දුම්රිය ස්ථාන වල නවත්වනු ලැබේ

ඒ කීවෙ අපේ දුම්රිය ගැන. වෙන දුම්රි ඒ වෙලේ දුම්රිය ස්ථානයෙ තිබ්බෙත් නෑ. හිටපු අයට තදවෙලා.

-මල්ලි මෙව්නු ගුලි කෙලලද මන්ද
– ඔවුන්ට පිස්සු මල්ලි..
– ඕක එදත් එහෙමයි

කට්ටියට තදවෙලා…

ඔන්න ආයෙ කීව

තුන්වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය හලාවත බලා පිටත් වේ……….

කට්ටිය හූ කියන්න ගත්ත. නගින් ආව අය මේක හලාවත යන්නෙ නෑ. වේයන්ගොඩ යන්නෙ නෑ. මහව යන එක කියල පෙට්ටිවල ඉන්න අය නැවැත්තුව. වෙන මොනව කරන්නද.

ඒ පාර හරි එක කීව.

තුන්වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය මහව හන්දිය බලා ධාවනය වන සිඝ්‍රාමී දුම්රිය මරදාන, දෙමටගොඩ, අලව්ව, පොල්ගවෙල හා පොල්ගහවෙල සිට මහව හන්දිය දක්වා සියලුම දුමරිය ස්ථාන වල නවත්වන ලැබේ.

ඒ කියලත් ආයෙ වැරදි ඒව කියනව. කටිය හූ කියනව. මේ හවස ගෙදර යන කෙනෙක් ඕකකට නැග්නම් ආයෙ බහින්න වෙන්නෙ අලව්වෙන්
ගමන්කරපු අය මේ නැග්ග අය නැවැත්තුවෙ නැත්තම් සොරිම තමා.
හරියට විස්තරයක් දැනගන්න විදිහක් නෑ. කොටුවෙම දුම්රිය ස්ථානයෙ ටිකට් කවුන්ටර කීපයකින් ඇහුවොත් කියන්නෙ විවිධාකාර ඒව. විමසීක් කවුන්ටරයනම් බොහෝ වෙලාවට නිවැරදි ඒව දෙනව. හැමවෙලේම විමසීම් එකෙන් අහන්න කියලයැ
ඒත් නිවේදනය කරන අය…. සමහර වෙලාවට නිවේදන අහලනෙ නගින්නෙ.

ඉදල හිටල දුම්රියෙ යන අය අද දෙමටගොඩ හිටියනම් මගදි චේන් එක තමා… හැමදාම යන අය ඇරෙන්න මේවගෙ කාලසටහන් දන්නෙ දෙයියොතමා…

Railway Schedule. If Daily passenger not there..?????

5 thoughts on “Railway Schedule. If Daily passenger not there..?????

  • August 9, 2011 at 8:59 am
    Permalink

    හප්පා..එපා වෙනවනේ..බස් හොඳයි, ඕනේ තැනක නවත්තගන්න පුළුවන් නේ

    Reply
  • August 9, 2011 at 9:07 am
    Permalink

    මහව කෝච්චිය දෙකට කැඩුව දැන් ටික කාලෙකට කලින්. මහවටම යන්න ගතවෙන වෙලාව අඩුකරන්න, දෙමටගොඩ හරියෙන් පස්සෙ නවත්තන්නෙ පොල්ගහවෙල තමයි (මහව ඉඳන්ම කොළඹ වැඩට එන අය ඉන්නවලුනෙ :O ).. ඊට මෙහා අයට වෙනම කෝච්චියක් දාලා තියෙන්නෙ.. (වෙලාවල් නම් හරියටම දන්නෙ නෑ)

    Reply
    • August 9, 2011 at 9:14 am
      Permalink

      පොල්ගහවෙල ඉදන් තියනව වෙන කොච්චි කීපයක්. ඒත් මහව එකට විනාඩි 30-40 කට කලින් එන කොච්චියට කලින් මහව එක කොටුවට එනව.

      Reply
  • May 30, 2012 at 4:43 pm
    Permalink

    When I originally commented I clicked the -Notify me when new surveys are added- checkbox and from now on whenever a comment is added I purchase four emails sticking with exactly the same comment. Possibly there is by any indicates you could get rid of me from that service? Thanks! 331363

    Reply

Leave a Reply to GNS Cancel reply

Your email address will not be published. Required fields are marked *