අපි හුගක් දෙනෙක් අන්තර්ජාල සම්බන්ධතා ගන්නව. එක එක වේග කියල මේ අය විකුණනව. ඒත් පොඩ්ඩක් හිතුවද මේව අපිට හරියනව, අපිට හරියන්නෙම මොන එකද? මේ විකුණන අය කිය ඔක්කොම ඇත්තද කියල

ඉස්සෙල්ලාම අන්තර්ජාලය කියන්නෙ එක තැනක තියන දෙයක් නෙවේ කියල තේරුම් ගන්න ඕනෙ. ඔයා ඒකට සම්බන්ධ උනහම ඔයත් අන්තර්ජාලයෙ කොටසක්. ඔයාටත් පුලුවන් වෙබ් අඩවියක් දාන්න, වෙන සර්වරයක් දාන්න. එතකොට අනිත් අයට පුලුවන් ඔයාගෙ සර්වරයට හරි පරිගණකයට හරි සම්බන්ධ වෙන්න.

බොහෝ දෙනා අපි සාමාන්‍යෙයෙන් අන්තර්ජාලයට යනව කියල කරන්නෙ වෙබ් පිටුවක් බලන එක, ෆේස්බුක් ඊමේල් බලන එක වගේම මොනව හරි ඩවුන්ලෝඩ් කරන එක. මේ අපි යන සයිට්, බලන ඒව, ඩවනුලෝඩ් කරන බහුතරය තියෙන්නෙ අපේ රටේ පරිගණක වල නෙවේ. Facebook කීවොත් ඒව තියෙන්නෙ අපේ රටෙන් එලියෙ (සමහර දේවල් රට ඇතුලෙ සර්වර් වල කැෂ් වෙනව.). Youtube ඒවත් එහෙමයි රටින් පිට (ටෙලිකොම් නම් යූටියුබුත් ලංකාවෙ කැෂ් කරනලු). ඒක නිසා අපි ඉල්ලන බොහෝ සේවා අපිට ලගාවෙන්නෙ වෙනත් රටක ඇති සර්වයක් හරහා. ඒත් අපි www.slt.lk, www.dialog.lk, www.boc.lk වගේ ලංකාවේ ටිකක් ලොකු ආයතන වල අඩවියක් නැතිනම් බොහෝ රජයේ අඩවි වගේ අඩවියකට ගියොත් ඒව අපිට එන්නෙ කෙලින්ම අපේ රටේ තියන සර්වර් වලින්
දැන් ගෙදර ඔයා වෙබ් සර්වරයක් දැම්මොත් ඒකට ලංකාවෙ කෙනෙක් සම්බන්ධ උනොත් එයාට ඕනෙ අන්තර්ගතය බාගත වෙන්නෙ ඔයාගෙ පරිගණකයෙන්. මේ විදිහට තමා අපි ඉල්ලන පිටු හරි ඩවුන්ලෝඩ් හරි අපගේ පරිගණකයට එන්නෙ
අපේ රටේ වෙබ් අඩවි වැඩිපුර නැති නිසා බහුතරය ඔක්කොම විදේශ වල සර්වර වලින් ලබාගන්නා නිසා අපේ රටත් විදේශත් යාකරන සම්බන්ධතාවය ඉතා වැදගත් අපි වගේ රටකට. නමුත් අපි ඇමරිකාව ජපානය වගේ රටක් ගත්තොත් එයාලගෙ තත්වය වෙනස්. ඒ අයගෙ සමහර ගෙවල් වලට තියන අන්තර්ජාල සම්බන්ධතා 100Mbps, 1Gbps ඒ වේගය ඒ අයට දෙන්න පුලුවන්. මොකද ඒ අය වැඩිපුර යන සයිට් වල සර්වර පිහිටල තියෙන්නෙ ඒ රටවලමයි. අපි yahoo.jp ගත්තොත් ඒක තියෙන්නෙ ජපානෙ. yahoo.co.uk ගත්තොත් ඒක තියෙන්නෙ UK වල. ඉතින් ඒ අයට ඒ අයගෙ රටයි අනිත් රටවලුයි සම්බන්ධ කරන සම්බන්ධතා අපිට තරම් වේගයට බලපාන්නෙ නෑ.ඒ අය වැඩිපුර යන ඔක්කොම ඒ රටවල තියෙන්නෙ. අනික ඒක 100Mbps සම්බන්ධතාවයක් සමහර වෙලාවට පිට රටක තියන දෙයක් බාගත කරද්දි ඒ වේගයම එන්නෙ නෑ. ඒත් ඒ ආසන්න වේගයක් එනව. එයාලගෙ පිට රටවලුත් එකක් තියන සම්බන්ධතා හා ඒ රටවල අය පිටරට අඩවි වල භාවිතය ගත්තහම දෙන්න බැරිකමකුත් නැතිව ඇති.

අපේ ඔක්කොම පිටින් ගන්න නිසා මේ විදිහෙ විශාල අංක තියන සම්බන්ධතා දෙන්න අමාරුයි.
හැමෝම කියන විදිහට අපේ වැඩිම අන්තර්ජාතික සම්බන්ධතා වේගය තියන ටෙලිකොම්ලටත් තියෙන් 14.6Gbps වේගයක් (www.sltnet.lk අඩවියේ හැටියට). ** ඒක නිසාලු ඒ අය වැඩිම ලාබයක් ගිය අවුරුද්දෙ ලැබුවෙ
ඒත් ඒ වේගය විවිධ රටවල් අතරෙ බෙදිල තියන නිසා අපි නිතර සම්බන්ද වෙන US, UK රට වලට යන්නෙ මෙයිනුත් කොටසක්
ඉතින් විවිධ නිති දාල, FUP දාල අපිට දෙන වේගය, භාවිතය සීමා කරනව. නැතුව කොහොම මේ වේගය අපේ ඉන්න ග්‍රාහකයින් අතරෙ බෙදන්නෙ. ඔයින් කොටසක් රජයට, අධ්‍යාපන ආයතන වලට, තව කොටසක් VPN, Leased Line වලට, තව කොටසක් සමහර ISP ලට.
වෙබ් පිටුවක් එහෙම ලෝඩ් උනාට අපි Skype කෝල් එකක් ගන්නවනම් ඒක වැඩ කරනේ මෙයිට වඩා වෙනස් විදිහකට. Skype Video/Audio ඇමතුම් කෙලින්ම අපි ගන්න පරිගණකයට Peer to Peer ක්‍රමයට සම්බන්ධ වෙන්නෙ. සමහර වෙලාවට අත්දැකල ඇති එක රටකට Skype ඇමතුමක් ගද්දි හොදට ගන්න පුලුවන්, අනිත රටක ඉන්න කෙනෙක්ට ඒ වෙලේම ගන්න අමාරුයි, කැඩෙනව වගේ ලෙඩ. ඒ වෙන්නෙ ඒ ඒ රට වලට තියන සම්බන්ධතාවය අනුව හා ඒවගේ භාවිතය අනුව.
පරික්ෂා කරල බලන්න ඕනෙනම් එකම LAN හෝ WLAN එකක ඉන්න දෙන්නෙක් Video ඇමතුමක් අරන් බලන්න කොලිටි එක. ඒ කොලිටිය ආවට අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ඒ ඇමතුමට අයවෙන්නෙ නෑ. මොකද ඒකට භාවිතා වෙන්නෙ LAN ජාලය. නමුත් පොඩියට Skype සර්වර් එකක් සම්බන්ධ වෙනව. සම්බන්ධතාවය තියාගන්න
කට්ටිය ඒ රටත් එකක් තියන තියන bandwidth එකට වැඩියෙන් භාවිතාකරනවනම් මේ වගේ අවුල් එනව. ඒත් හැම රටටම එකම bandwidth එකක් නෙවේ නිසාත්, එකම Users ල ප්‍රමාණයක් ඒ ඒ රටවල් එක්ක සම්බන්ධ නොවෙන නි‍සාන් රටින් රටට වෙනස්. ඒ රටවල අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගයත් අපේ වගේ වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවනම් ඒකත් බලපානව. (අපේ වගේම අඩු සම්පත් ගැටලුව තියන රටවලුත් ඔය අතරෙ ඇතිනෙ)

ඒ පිට තත්වෙ. දැන් බලමු රටේ ඇතුලෙ තත්වය කොහොමද කියල
අපේ රටේ නිවාස වලට හා සාමාන්‍යය කාර්යාල වලට අන්තර්ජාල දෙන ක්‍රම තමා Mobile Broadband, Fixed Broadband. මෙයින් Mobile Broadband දෙන්නෙ HSPA/3G/EDGE තාක්ෂණ උපයෝගි කරගෙන. Fixed Broadband දෙන්නෙ Wimax හා ADSL තාක්ෂණය උපයෝගී කරගෙන. SLT WiMax කියන්නෙ mobile Braodband දෙන ක්‍රමයක් උනත් ඒක TRC නීති නිසා ගන්න සම්බන්ධතාවය එක ප්‍රෙද්ශයකට විතරක් සීමා වෙනව (SLT කියන හැටියට). ඒක නිසා ඒ අය දෙන්නෙ ඒක Fixed Braodband විදිහට
Mobitel හා Dialog කෑ ගහපු 4G LTE තාක්ෂණය තාම දෙන්නෙ නෑනෙ. ඒ අය ඒ අයගෙ තත්ව යටතේ, ඒ අයගෙ සර්වරයකින් Speed Test වගේ කරල පෙනුනවට සාමාන්‍යය පරිභෝගිකයන්ට ඒව දෙන්නෙ නැති නිසා ඒ ගැන කථා නොකර ඉමු

දැන් මේ මොන ක්‍ර මේට හරි අන්තර්ජාලය දුන්නත් ඉස්සෙල්ලා කීව වගේ පිටරටත් එකක් සම්බන්ධ කරන සම්බන්ධතාවයේ වේගය හැම සේවා සපයන්නෙකුමට වැදගත්. ඉන්න පාරිභෝගිකයන් ගනන අනුව ඒක වැඩිවෙන්න ඕනෙ. ඒත් අපේ තාම Submarien Landing Station තියෙන් SLT අයට විතරයි. ඒත් SEMEWE 3 හා 4 කියන කේබල් දෙක. (TRC අඩවියට අනුව). ඒත් ලංකාබෙල් අය දාල තියනව ඒ අයට කෙලින්ම සම්බන්ධ වෙන්න පුලුවන් කියල ඒ FLAG කේබලය හරහා. ඉන්දිය Relaiance ජාලය ආධාරයෙන්. ඒ අයගෙ මැප් එකෙත් තියනව ලංකාවත් එක්ක සම්බන්ධ වෙනව කියල
කොහොම හරි මේ සම්බන්ධතා කීපය ආධාරයෙන් තමා අනිත් හැමෝම අන්තර්ජාලයට හා තම තමන්ගේ ජාල වලට පිවිසෙන්නෙ. ඒ මගින් තමන්ගේ ආයතන වලට අරන් තම තමන්ගේ පාරිභෝගිකයන් අතරේ සේවාව ලබාදෙනව
මේ දෙදිද් රට තුල නෙට්වර්ක් එක ගැනත් සැලකිල්ලක් දක්වන්න ඕනෙ. මොකද රට ඇතුලට අන්තර්ජාලය ආවට වැඩක් නෑ. රට ඇතුලෙත් හරියට නැත්තම්. අපේ හුගක් සේවාවල දුර්වල ස්ථානයක් තමා රට තුල නෙට්වර්ක් එක. රට තුල ටෙලිකෝම් සමාගමට Fiber Optic ජාලයක් තියනව. ඒක තමා පොලිස්, අධ්‍යාපන ආයතන භාවිතා කරන්නෙ. ඩයලොග් මේ ෆයිබර් නෙට්වර්ක් එකක් ඇදගෙන යනව. ටෙලිකොම් අරෙන්න අනිත් හැමෝම භාවිතා කරන්නෙ වයර්ලස් ක්‍රම තම තමන්ගේ ස්ථාන හා Tower සම්බන්ධ කරන්නෙ. ටෙලිකොම් ADSL විතරනෙ Tower නැතිව සේවාව දෙන එකම ක්‍රමය.
අනිත් හැමෝම ටවර් භාවිතා කරනව. ඒ ඒ ටවර් සම්බන්ධ වෙන්නෙ වයර්ලස් ක්‍රම මගින්.

ටෙලිකොම් සමාගමේ බොහෝ ප්‍රෙද්ශීය ADSL Switch දක්වාම Fiber Optic සම්බන්ධතාවය ඇවිත් තියනව. එතන ඉදන් Copper කේබලය. ඒක නිසා අපි කෙලින්ම ඒ අයගෙ නෙට්වර්ක් එකට සම්බන්ධ වෙනව.Tower වල වගේ sh‍are වෙන්නෙ නෑ. අපි වෙනුවෙන්ම රැහැනක් යනව. ඒ වගේමයි මේ අය ඔය පාරෙ අයිනෙ තියන Street Box දක්වාම Fiber Optical ඇදල තියෙන්නෙ සමහර ප්‍රෙද්ශ වල. (ඉස්සරහට Fiber to Home වගේ වෘපෘතියන් එනවයි කියන්නෙ). Fiber Optic නිසා සේවාවෙ ගුණාත්මක භාවියත් වැඩි. ඒවගේමයි අපේ ඉදන් ඒ ටෙලිකොම් සර්වර් වෙත යනකම් අපි වෙනුවෙන්ම වෙන්වු බැන්විඩ්ත් එකක් තියන නිසා අතර මද තදබද නෑ.
අනිත් නෙට්වර්ක් ගත්තොත් තත්වය මීව වඩා වෙනස්. ඒ අය ඒ අයගෙ Station සමග කෙලින් සම්බන්ධ කරන්න පුලවන් ටවර් සීමිත ප්‍රමාණයක් විතරක් වයර්/Fiber Optic මගින් සම්බන්ධ කරල අනිත්ව Wireless මගින් සම්බන්ධ කරන්නෙ. මේකෙදි Etisalat සමාගම ටිකක් අලුත් තාක්ෂණයක් භාවිතා කරන අතර අනිත් සමාගම එකම තාක්ෂණයක් භාවිතා කරනව. ඒක නිසා වෙන්න ඕනෙ Etisalat වල Letency එක හුගක් අඩුයි. මෙහෙම වයර්ලස් මගින් සම්බන්ධ වෙද්දි එද ටවර් එකකට එන සම්බන්ධතාවය ඒක හරහා සමබන්ධ වෙන අනිත් ටවර් අතරේ බෙදෙන අතර එම ටවර් වල වේගයද ඒ හරහා සම්බන්ධ වල ටවර් අතරේ බෙදේ. හරියට පිරමීඩයක් වගේ. යට යන්න යන්න බෙදි බෙදි යන්නෙ
මේ විදිහට ඒ ඒ කුලුණු අතර වේගය Share වෙනව. ඒ Bandwidth උපයෝගිකරගෙන තමා Voice හා Data (ඇමතුම්, SMS, අන්තර්ජාලය, ජාල සේව) වගේ සියලු සේව ක්‍රියාත්මක වෙන්නෙ. ඉති මේවිදිහට බෙදිල යද්දි ටවර් වලට ලැබෙන වේගය සීමා වෙනව. ඒ වේගය ඉන්න ග්‍රාහකයින් අතරෙත් බෙදෙද්දි එම කුලුනෙ ඉන්න අයට ලැබෙන වේගය තවත් සීමා වෙනව. හැබැයි හැම වෙලේම එකම ග්‍රාහකයින් පිරිසක් නෑනෙ. එක එක වෙලාවට අඩු වැඩි වෙනව. ඒ අනුව ඒ අයගෙ වේගයනුත් වෙනස් වෙනව
ඒ වගේම තමා සම්බන්ධ වෙන කුලුණ අනුව වේගය වෙනස් වෙනව. මොකද කුලුනෙන් කුලුනට ඉන්න ග්‍රාහකයින්, ඒ කුලුනෙ සම්බන්ධතාවය වගේ කරුනු වෙනස් වෙන නිසා. ඒක ප්‍ර දේශයෙන් ප්‍ර දේශයට වේගය වෙනස් වෙනව
ඒතකොට මොනව මේ 21Mbps, 7.2Mbps කියන්නෙ. ඒ ඇත්තටම Tower වල එක් ඇන්ටනාවකට දැරිය හැකි උපරිම වේගයයි. ඒත් මේ ටවර් වල ඉන්නෙ එක්කෙනෙක් නෙවේනෙ. ඒ ඉන්න අය අතරෙ බෙදෙනව. ඒ වගේමයි ඒ ටවර් 7.2, 21Mbps කීවට ටවර් එක ඒ සමාගමේ ජාලය එක්ක ඉන් අඩකවත් වේගයක් තියන සම්බන්ධතාවයකින්වත් සම්බන්ධ නොවෙන අවස්ථා තියනව. ඒතකොට මේ වේගය ගන්න බෑ. නිකන් බොරුවට අපේ අය වේග හොය හොයා ගියාට වැඩක් නෑ

ඒ වගේම තමා සාමාන්‍යෙයන් HSDPA ඩොන්ගල් එකක උපරිම උඩුගත වේගය 384Kbps (UMTS). නමුත් Download වේගය ඊට වඩා හුගක් වැඩි. ඒත් HSPA ඩොන්ගලයක් ගත්තොත් මේවගේ HSDPA තාක්ෂණයට අමතරව HSUPA කියන තාක්ෂණයත් තියනව. ඒ මගින් ඉස්සෙල්ල තිබ්බ 384Kbps Upload සීමාව ඉවත් වෙලා සමහර ඒවගෙ 2Mbps ත් 5.76Mbps ත් දක්වා යන්න පුලුනවන්. ඒ වගේ Upload Speed එක හුගක් වැදගත් වෙන්නෙ Skype Videoඇමතුම්, File Upload, Streaming වගේ ඒවට.
මොකද අපේ ඩවුන්ලෝඩ් වේගය වැඩි නිසා අනිත් පාර්ෂවයේ රෑප හොදින් පෙනුනට අපෙන් එහාට යන්න Upload Speed එක අඩුනම් ගුණාත්මකභාවය අඩු වෙනව. ඒකට HSUP Dongle එකක් භාවිතා කලානම් හුගක් දුරට ගැටලුව හරියනව් (ඒ ඉන්න පැත්තෙ නෙට්වර්ක් එක හොදානම්). මම මේ වෙනස හොදට දැක්ක. මගෙ HSDPA ඩොන්ගලෙයන් HSPA ඩොන්ගලයට මාරුවෙලා Video ඇමතුමක් ගද්දි හොද කොලිටියක් අනිත් පාර්ශවයට ලැබුනු බව පැහැදිලිව දැකගන්න ලැබුන. ඒත් මේ කොලිටිය Fixed Braodband භාවිතා කරන අයට ලබාගන්න අමාරුයි. සාමාන්‍යෙයන් Home සම්බන්ධතාවයක Upload Speed එක 128Kbps. ටෙලිකොම් අලුත් සම්බන්ධතා මගින් මේ Upload/Download වෙනස හුගක් වැඩි කලා. ඉතින් ඒ අය හොදට අපි ට පෙනුනට අපව බලාගන්න ටිකක් අමාරුවෙයි. නිකන් Camera මරු කලාට වැඩක් වෙන්නෙ නෑ (මේක කියවල බලන්න)

මම උඩ කීව HSPA Dongleහොදයි කියල. ඒත් ඒකට මරුවෙන්න කලින් (Think BeforeMigrate HSDPA to HSPA | Low Signal, Dongle Disconnect and Make Call from Dongle ) කියවන්න

හැබැයි ඔයාල ඉන්න හරියට 3G සිග්නල් නැත්තම් යන්න වෙන්නෙ EDGE තාක්ෂණය උපයෝගි කරගෙන. මේ තාක්ෂණයේ උපරිම බාගත වේගය 236.8Kbps

ඒ විදිහට SLT හා HSPA සම්බන්ධතා දෙද්දි Wimax දෙන්නෙත් ඊට සමාන ක්‍රමයකට. භාවිතා කරන උපකරණ හා තාක්ෂණය වෙනස් HSPA උනාට ටවර් භාවිතා කරල තමා ඒ අයත්Internet දෙන්නෙ

ඉතින් අන්තර්ජාල සේවාවක් ගන්න කලින් තමන් කරන්න යන වැඩ, මුදල්, ඉන්න ප්‍රෙද්ශය වගේ කරුණු ගැන හොදට හිතල බලන්න. මගේ අත්දැකීම අනුවනම් Skype වගේ ඇමතුම් ගන්න SLT Home පැකේජයට වඩා HSPA සම්බන්ධතාවයක් හොදා. හොද upload වේගයක් තියන නිසා. ඒත් අර වගේ Stable නම් නෑ. ඒත් office එකක් වගේ එකකට හොදා Stable සම්බන්ධතාවයක්.

Before Get Internet Connection, Think About Your Requirement and Current Situation

5 thoughts on “Before Get Internet Connection, Think About Your Requirement and Current Situation

  • September 1, 2011 at 8:41 pm
    Permalink

    You’ve said SLT has their own fiber optic network. But, if so, why are they laying another fiber optic network in these days (contract is offered to ZTE Corporation)? You said SLT is the only company which connects directly to an international submarine cable from Sri Lanka & Lanka Bell also connects via an Indian link, so, what do you think about this? http://www.hkcolo.com/news/spotlight/2.html

    Reply
  • September 1, 2011 at 9:52 pm
    Permalink

    * “ඒත් අපේ තාම Submarien Landing Station තියෙන් SLT අයට විතරයි. ඒත් SEMEWE 3 හා 4 කියන කේබල් දෙක. (TRC අඩවියට අනුව). ඒත් ලංකාබෙල් අය දාල තියනව ඒ අයට කෙලින්ම සම්බන්ධ වෙන්න පුලුවන් කියල ඒ FLAG කේබලය හරහා. ඉන්දිය Relaiance ජාලය ආධාරයෙන්. ඒ අයගෙ මැප් එකෙත් තියනව ලංකාවත් එක්ක සම්බන්ධ වෙනව කියල”

    *ඒ අය සම්පුර්ණයෙන් රට තුල ඇදල ඉවර නෑ. ඒත් බොහෝ ප්‍රෙද්ශ වල තියනව. අනිත් පැතිවල ඒක තවම අදිනව. ඒක නිසා තාම ඒ කටයුතු වෙන්න පුලුවන්

    Reply
  • May 29, 2012 at 11:35 pm
    Permalink

    These kinds of Search marketing boxes normally realistic, healthy and balanced as a result receive just about every customer service necessary for some product. Link Building Services 24677

    Reply
  • June 1, 2012 at 11:57 pm
    Permalink

    This is one extremely fascinating post. I like the way you write and I will bookmark your blog to my favorites. 850653

    Reply

Leave a Reply to apartment ratings Cancel reply

Your email address will not be published. Required fields are marked *