කලින් HSPA සම්බන්ධතා වල ගැටලු කීපයක් ගැන කථා කලා. සමහර ඒව විසදගන්න ආකාරය ගැනත්
Boost HSDPA & WiFi Signal – HSDPA හා WiFi සිග්නල් වැඩිකරමු

Think Before Migrate HSDPA to HSPA | Low Signal, Dongle Disconnect and Make Call from Dongle

ඒත් මේ වගේ වැඩ කරද්දි ගැටලු තියනව. විශේෂයෙන් ගෙයක් ඇතුලෙ වගේනම් ඇන්ටනාවක් හරි කචල්. අනික ලැප්ටොප් එකක් භාවිතා කරනවනම් එකමතැන ඉන්න වෙනව. යන්න එන්න බෑ. සිග්නල් අඩුම වෙලා තියෙද්දි වයර් එක දික් කරල යද්දි හොදට පවර් ඕනෙ. ඒවගේම හැමවෙලේම එකම වගේ සිග්නල් නෑනෙ

USB Extension වැඩෙත් එහෙමයි. ඒත් මේකට හොද විසදුමි කීපයක් හම්බඋනා.
එකක් තමා 3G – WiFi Router

ඉස්සර මේව හුගක් ගනම් උනාට දැන් අඩුයි. Ebay එකේ වගේම prolink එකේ තිබ්බත් ඒවගෙ මිල, විවිධ කාරනා නිසා ගන්න බැරිඋනා. ඒත් මේලගදි Nex එකට ගිය වෙලාවක ඒකෙ තිබ්බ 3G – Wifi රවුටර්. මිලත් රු 6000ක් ආසන්න කීව නිසා අරන් ආව
වර්ගය Tp-link. මේකට ඩොන්ගල් එක ගහල සිග්නල් තියන තැනකින් සෙට් කලානම් හොදට WiFi වලින් යන්න පුලුවන්. දැන් කිසි කරදරයක් නෑ. අනික මේකෙ OS එකේ හුගක් feature තියනව. Firmware Updare කරල ඩොන්ගල් හුගක් සහය දක්වන්න හදාගන්න පුලුවන්. ඒවගේමයි Local Wireless Network එක 300Mbps වැඩ කරන්න (ඒත් මගෙ ලැප උපරිම 154 ද කොහෙද)

මමත් උඩතට්ටුවෙ සෙට් කලා.
Wifi සාමාන්‍යය කලින් භාවිතා කරපුවට වඩා හුගක් ප්‍රබලයි. සිග්නල් අවුලක් තියනවනම් අරන් බලන්න. ගෙදර උඩකින් හරි, හොදට සිග්නල් තියන තැනකින් තියන්න. (අහල පහල ගෙදරකින් උනත් අවුලක් නෑ. )
Wifi ත් ගේ ඇතුලෙ තිබ්බත් මීටර 50 ට වඩා වැඩ කරනව
අහල පහලකින් තියනවනම් passwordවෙනස් කරල, WPS Disable කරල තියන්න අමතක කරන්න එපා

අනිත් විසදුම තමා Android දුරකථන වල Hotspot කියන පහසුකම.

මම කලින් ලිව්ව වගේ Etisalat Huawei Ideos 7 එක 2.2 වලට Update කලාම (මෙතනින් කියවන්න) මේ Feature එක තිබ්බ. මම හිතන්නෙ Androide 2.2 වලින් උඩ ඒවගෙ තියනව. ඒකෙන් 3G අන්තර්ජාල සම්බන්ධතාවය Wifi හරහා Share කරගන්න පුලුවන්

මේ Galaxy එකක ඕෂධ මල්ලි ගත්ත Screen Shot
Settings >Wireless and Network
Wireless and Network

Mobile AP
Mobile AP

ඒකෙ Mobile AP Settings වලින් Ape SSID හා Password එක දෙන්න පුලුවන්
AP Settings

ඉන්පසු Enable AP දෙන්න පුලුවන් (කලින් Wifi Network එකකට සම්බන්ධ වෙලා ඉන්නවනම් Disconnect කරන්නද අහනව)

ඊට පස්සෙ ලැප්ටොප් හරි Wireless කාඩ් එකක් තියන PC එකකින් හරි වෙන මර්ගයකින් ඒ Wireless එක භාවිතා කරල යන්න පුලුවන්
Laptop Wireless

Enable AP කරපුවහම Password එක හා අනිත් විස්තර පෙන්වනව.

ඒ වගේ පොඩි සැකමුම් වගයකින් Phone එක Accesspoint එකක් කරගන්න පුලුවන්. Huawei එනම් ටිකක් රත් වෙනව. ඒත් හොද වේගයක් ආව. මේ වැඩේ කරල සිග්නල් එන තැනකින් Phone එක තියල Wifi වලින් නිදහසේ යන්න පුලුවන්

Android වලට අමතරව මේ පහසුකම අනිත් ඒවටත් තියනව. මෘදුකාං මගින් කරගන්න පුලුවන්. Windows Mobile 6.5 වල කරල තියනව. Iphone වලත් පුලුවන්. හැබැයි පෙරනිමියෙන් OS එක සමග එන්නෙ නෑ

3G- Wifi Access point / Android AP Solution for Low signal 3G Broadband Users

10 thoughts on “3G- Wifi Access point / Android AP Solution for Low signal 3G Broadband Users

  • September 11, 2011 at 8:53 pm
    Permalink

    හොට්-ස්පොට් කරද්දි බැටරිය හුටස් ගාල බහිනව
    චාජ් එකේ තියද්දි ගිනි දාන්න රත් වෙනව, තව චාජ් එක වැඩි වෙන්නෙත් නෑ, එකම තැන. මොකද බැටරි අම්බානක රත් උනාම චාජ් එක හිටින්නෙ නෑ.

    මම වයි-ෆයි රවුටරයක් ගන්න යන්නෙ. දැන් හිතෙන්නෙ 3ජී එකක්ම ගත්තනන් හරි කියල.

    Reply
  • September 11, 2011 at 10:56 pm
    Permalink

    හොඳ පොස්ට් එකක් … නියමයි.

    Reply
  • September 16, 2011 at 7:50 am
    Permalink

    Maxxa POST araka 3G3.5G3.75G Sim WIFI Router eka danna puluwan da???? E-Bay tiyenawada??? araka Mata link ake denawada????

    Reply
    • September 17, 2011 at 7:50 am
      Permalink

      පොඩි බැටරි තියන සිම් දාන්න පුලුවන් Devices ත් තියනව
      ඒත් මම ගත්ත එකට වෙනම ඩොන්ගල් එක ගහන්න ඕනෙ

      Reply
      • September 17, 2011 at 7:55 am
        Permalink

        hmm Devices tiyena site link mata denawada??? e-bay nam tiyenawada??? link denawada??

        Reply
        • September 17, 2011 at 8:01 am
          Permalink

          Ebay තියෙන්න ඕනෙ. ඒත් වගකීම ගන්න එකයි, අවසර ගන්න එකයි අලයක් නිසා මෙහෙන් ගත්තෙ‍

          මම ගත්තෙ http://www.nexlanka.com අයගෙන්. ඒත් ඒක ගැන විස්තරයක් Site එකේනම් තිබ්බෙ නෑ.

          Reply
  • October 26, 2011 at 6:14 am
    Permalink

    malinda mata uduwak karanawada… ape gedarata 50m withra aathin free wifi zone ekak ahu wenawa,,,, mata eka ahu une mage laptop eka aragena e hariye gedarakata giya welawaka… eth a wifi zone eka ape gadarata enne na….ethana idan ape gedarata 50m withra thama dura,,,,, a wifi zone eken gedara idan matath ganna kramayak kiyannako……. thanx…

    Reply
    • October 26, 2011 at 1:08 pm
      Permalink

      1. ඔයාගෙ ලැප් එකට WiFi ඇන්ටනාවක්
      (http://www.ebay.com/itm/Laptop-Desktop-Notebook-Networking-WI-FI-Card-Mini-PCI-E-U-FL-Internal-Antenna-/330616822336?pt=LH_DefaultDomain_0&hash=item4cfa4c5a40)
      හරි USB Wifi ඩොන්ගලයකට ඇන්ටනාවක් හයි කරල කරගන්න පුලුවන්. මම හිතන්නෙ USB ඇන්ටනා තියන එක සාර්ථකයි

      2. WiFi Repeater එකක් ගහගන්න. ඔය මම උඩ කියල තියන WiFi 3G රවුටරයත් රිපීටරයක් විදිහට භාවිතා කරන්න පුලුවන්

      Reply
      • October 26, 2011 at 9:57 pm
        Permalink

        thanx malinda…. eth ara lap ekata thiyena antena eka e bay eken lankaawata shipping nane,,,

        Reply
  • February 14, 2012 at 2:17 pm
    Permalink

    Use connectfy software to make a hotspot in u r laptop without using a router
    cracked version is available in torrents . im personally using this superrrr bandayk

    Reply

Leave a Reply to sanjula Cancel reply

Your email address will not be published. Required fields are marked *