ටෙලිකොම් එකෙත් දැන් ඉන්ටර්නෙට් හුගක් අවුල්. ඒ අය අලුත් පරණ භේදයක් නැතිව FUP දානව. ඩයලොග් වල අලුතෙන් දෙන හැම Fixed Broadband එකටම FUP. බලන් යද්දි FUP නැත්තෙ Lankabell, suntel හා ඩයලොග් රැ 20/- හෝ රු 50 පැකේජ වලට විතරයි. අනිත්ව ඔක්කොම සීමා සහිතයි (ඩයලොග් ඒවත් විනාඩි ගානට සීමා කලාට ඒ වෙලාවෙ Data Unlimit)
මුලින්ම සම්බන්ධතා 110 සිට දැන් අනිත් අයටත් FUP දාන්න පටන් අරන්. ඒ දවස්වල ටෙලිකොම් කියපු විදිහට ඔය ලිමිටඩ් පැකේජ හදුන්වාදෙන්න කලින් ඒ අය 110 දෙනෙක් සීම කලා
http://blog.malindaprasad.com/2010/09/05/slt-adsl-fup-block-hevy-downloading-connection/

ඉන්පසුව මේ ලිමිටඩ් අන්තර්ජාල සම්බන්ධතා හදුන්වා දීල තියෙන්නෙ. මුලින්ම ඔය 110 ට මගෙ යාලුවෙකුත් ඇතුලත් උන නිසා අපි ටෙලිකොම් කළමනාකරුවෙක්ව හම්බෙන්න ගියා. ඒ පාර එය Mobile Broadband හා Fixed Broadband සමානයි කියල හිතන් ඔය ඩයලොග් වලත් දෙන්නෙ. 2GB වලින් පස්සෙ FUP එකක් කියනව.

එහෙම කරල මේ අය අනිත් පැකේජ වලටත් මේ අවුල දාන්න පටන් ගත්ත
http://blog.malindaprasad.com/2011/01/20/with-qos-slt-apply-fup-for-old-packages/
මේ අයගෙ වේග සීමා කිරීම කියල කරන්නෙ මේ වැඩිපුර බාන අයව අරන් වෙනමම Pool එකකට දාල සීමා සහිත Bandwidth එකක් ඒ අය වෙනුවෙන් වෙන් කරන එක. එතකොට හැමෝම බාන අය නිසා හැමෝටම ස්ලෝ
ඒක නිසා මගේ යාලුවෙක් ඉන්නව තාම ටොරන්ට් විතරයි බාන්නෙ. එයාට වෙන වැඩක් කරගන්න බෑ.
මෙහෙම කලාට අවුලක් නෑ. ඒත් ඒව ගැන පැහැදිලිව පාරිභෝගිකයන්ට කියන්න ඒනෙ. මුල් දවස්වල පූජා උමාෂංකර් නිමානොවන අසීමි චාරිකාවක් කියල යද්දි ඔය සීමා කථාවක් කීවද. අසීමත අන්තර්ජාල සේවා කියල කිව්වෙ. ඒත් දැන්.. ඒ හැමෝටම කිසිම දැනුම් දීමකින් තොරව මෙහෙම කරල.

මේ ගැන කාලිංග අයියත් හොද ලිපියක් ලියල තියනව
sinhala.kalingasblog.com/2011/12/02/slt-adsl-sucks/

ඇත්තටම TRC එක කියන විදිහට මේ අය පරණ පැකේජ බ්ලොක් කරන්න කිසිම අයිතියක් නෑ. අලුත් අයව විතරයි FUP දාල පාලනය කරන්න අයිතිය තියෙන්නෙ. ඒත් ඒ නීති මායිමකට නොගෙන මේ අය හොදට කට්ටිය FUP දාල ස්ලෝ කරනව.
අපිත් බ්ලොක් කරා කිය කිය ඉන්නෙ නැතිව හැම වෙලේම මේ අයට පැමිණිලි කරන්න ඕනෙ. නැත්තම් අපි ඒ අය කරන වැඩේ අනුමත කලා වෙනව. හැම වෙලේම පැමිණිලි කර කර කරදර කලාම තමා ටිකක් හරි ඒ අය පිලියමක් හොයන්න උනන්දු වෙන්නෙ.
මොකද දැන් දෙන පැකේජ වල FUP කථා තිබ්බට ඉස්සර දුන්න එක පැකේජයකවත් FUP කථාවක් තිබ්බෙ නෑ

මගෙ යාලුවෙක්ගෙ ගෙදරට මේ අවුල ආව. දන්නෙ නෑ වගේ SLT එකට කීවහම අද හදන්නම්, හෙට හදන්නම් කියනව. ආයෙ ආයෙ කථා කලාම අලුතෙන් පැමිණිලි ගොණු කරනව. විසදුමක් දෙන්නෙ නෑ. කියන්නෙත් නැ. ඉතින් පැරණි පැමිනිල්ලම ආයෙ දාන්නම් කියනව. ඒ කිවට ඒව ආයෙ දානවද දන්නෙ නෑ.

දැන් සති කීපයක්. පැමිණිලි වලට කිසිම පිලිතුරක් හම්බඋනේ නෑ. අපි ඒ යාලුවගේ Usage එක බලද්දි ඒකෙ සම්බන්ධ උන පෝට් එක එක ඒව තියනව. හරි ඒව සාමාන්‍යය භාවිතා වෙන පෝට්නම් යාලුවෙක් පාස්වර්ඩ් එක උස්සල කියල හිතාගන්න පුලුවන්. ඒත් මේ අතරෙ Gigabit Ethernet කියන පෝට් එකකුත් තියනව. අපි කොහොමද Gigabit Ethernet භාවිතා කරන්නෙ ????

මේකට තනි තනියම පැමිණිලි කරනවට අමතරව සමූහයක් විදිහට පැමිණිලි කරන්න වැඩක් පටන්ගත්තෙ කාලිංග අයියගෙ මූලිකත්වයෙන්. මේ SLT FUP ගැටලුව තියන අය goo.gl/88Jjv ලිපිණයට තමන්ගෙ විතර ලබාදීමෙන් ලබන සදුදා (26-12-2011) දින ජනාධිපති කාර්යාලය, TRC හා SLT වෙත සමූහයක් විදිහට ඉදිරිපත් කරන්න බලාපොරෙත්තු වෙන ලියුමට ඇතුලත් කරගන්න පුලුවන්. ඒකට වැඩි පිරිසකගෙ විස්තර ඇතුලත් වෙනව කියන්නෙ සාර්ථකත්වයක් ගන්න අවස්ථාව හුගක් වැඩි. ඒක නිසා මේ ගැටලුව නිරාකරනය කරගන්න ඔබ සැමගේ උදව්ව අපේක්ෂා කරනව.
*මේ ෆෝමරයට ලබාදෙන විස්තර බෙදාගනු ලබන්නේ TRC, SLT හා ජනාදිපති කාර්‍යාලය සමග පමණයි.

ඒ ගැටලුව දැන් අවුරැද්දක් විතර උනාට තාම පිලියකම් නැති ගැටලුවක්නෙ. ඒත් මේ FUP දාද්දි Web Surfing වලට අඩු වේගයකුත් Torrent වගේ ඒවට වැඩි වේගයකුත් එන්නෙ කොහොමද? මටනම් හිතෙන්නෙ Torrent එකෙන් එක ෆයිල් එක බාන්න ඒක කෑලි කඩල එක එක Connection වෙන වෙනම හදල Request යවන නිසා ඒව හොදින් බෑවෙනව කියල. හරියට වෙබ් පිටුවක ලිපිණය ගහල Enter කල විටම ටිකක් ලෝඩ් වෙලා අනිත් ටික නවතිනව වගේ.

මේකට පොඩි විසදුමක් හම්බ උනා. ඒක කලාම පැහැදිලි වෙනසක් මගේ සම්බන්ධතාවයෙ තිබ්බ. මගේ මේ දවස් වල Dialog හුක් අල. ඒත් ඒ වැඩේ කලාම වේගය ටිකක් වැඩි උනා. මේ ක්‍රමය මම හොයාගත්තෙ Techකතා වලින් (ධනුෂ්ක තමා දාල තිබ්බෙ). මමත් කරල බැලුව‍
මේකෙන් කරන්නෙ MTU Value එක වෙනස් කරන එක

මුලින්ම අපිට හරියන MTU Value එක හොයාගන්න ඕනෙ. මේක වින්ඩෝස් වල පෙරනිමියෙන් එන්නෙ 1500. ඒත් අපිට හරියන එක බලාගන්න ඕනෙ. ඒකට ping tool එක භාවිතා කරනව.එ
cmd එක ගන්න Start එකේ Search වන තැන Cmd කියල ගහල එන cmd කියල application එක Right ක්ලික් කරල Run as Administrator දෙන්න ඕනෙ (Windows 7/Vista). Adminstrator ඕනෙ Settings වෙනස් කරනවනම් විතරයි

දැන් CMD එකේ

ping google.com -f -l 1500

කියල ගහන්න
උත්තරය

Packet needs to be fragmented but DF set.

වගේ එකක් ඒවි. ඒ කියන්නෙ byte 1500 ක් එකවර යවන්න බෑ කියන එක. ටිකෙන් ටික අඩු කර කර උත්තරයක් එන තුරු කරන්න. එක වර 5ක් 10 ක් අඩු කලාට අවුලක් නෑ. මට එක පාරක් 1465 ලෙසත් ඊගාව පාර 1435 ලෙසත් දෙකක් ආව

උත්තරය සාමාන්‍යෙයන්

Reply from 209.85.175.147: bytes=64 (sent 1430) time=302ms TTL=249

මේවගේ අංක වෙනස් වෙන්න පුලුවන්. ඒත් උත්තරයක් එන අගය ගන්න. හැබැයි 1400ට වඩා අඩු කරන්න එපා.

දැන් හරි අගය සොයාගත්ත. මගේ 1430. දැන් මේක සෙට් කරන්න ඕනෙ.

Windows වල

දැන් command Prompt ඒකෙ මේ Command එක ගහල තියන Network Card ටික බලාගන්න

netsh interface ipv4 show subinterfaces

නැතිනම්

netsh interface show interface

එතකොට‍ මේ වගේ පිලිතුරක් එයි

මම අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්නෙ Wifi වලින් නිසා මට අදාල වෙන්නෙ Wireless Network Connection කියන සම්බන්ධතාවය. LAN වලින් සම්බන්ධ වෙනවනම් Local Area Connection එක. Dongle එකකින්නම් Huawei Mobile Connect වගේ එකක්
මේක කොපි කරගන්න. දැන්

ආයෙත්

netsh interface ipv4 set subinterface “Wireless Network Connection” mtu=1435 store=persistent

කියල ගහන්න

මම මේකෙ 1435 කියල ගත්තෙ මට හරියන වැලුයු එක. Wireless Network Connection කියන්නෙ මම සම්බන්ධ වෙන සම්බන්ධතාවය (උඩ පියවරෙන් ගත්ත එක)
දැන් ස්පීඩ් එක පොඩ්ඩක් බලන්න

Router එකේ
මේ සැකසුම router එකෙත් කරන්න පුලුවන්
Router එකේ සම්බන්ධතාවය හදන තැන තියනව MTU අගය දෙන්නෙ

3G Router එකක


DSL Router එකක


DSL Router එකක්


ADSL Router

මමනම් කියන්නෙ රටුටරයක් හරහා සම්බන්ධ වෙනවනම් රවුටරයෙ හදන එක තමා හොදම. ඒත් මේ දෙකේම හැදුවත් අවුලක් නෑ

මම මේ විදිහට MTU අගය 1500 හා 1435 දාල තියෙද්දි පැහැදිලි වෙනසක් ආව මගේ. විශේෂයෙන් Upload වල. මගේ Dialog Broadband. ඒ වගේමයි මම SLT ADSL FUP දාපු සිකුරුගෙ එකේ කරල බැලුව. වෙනසක් තියනව. හැබැයි මගේනම් මේ අගය නිතරම වෙනස් උනා. මතක තියාගන්න හැමවෙලේම මේක හරියන්නෙ නෑ. ඒත් මට 80%ක් විතර හරිගියා. හරි MTU අගය සොයාගද්දි හැම වාරයෙම Reply එන හැරිම එක හොයාගන්න


මේ විදිහට කරල බලන්න පිලියමක් තියනවද කියල. මේක ටිකක් තේර්ම් ගන්න අමාරුනම් Speed Guide වෙතින් මේක කරගන්න Gui එකක් සහිත පොඩි ටූලයක් බාගන්න පුලුවන්

මේ ගැටලුව ගැන කලින් ලියපු ලිපි.
http://blog.malindaprasad.com/2010/09/08/slt-open-small-amount-speed-tap-for-blocked-users-going-to-make-new-package-for-hevy-dowwnloading/

http://blog.malindaprasad.com/2010/09/09/slt-megaline-sms-new-adsl-package-with-fup/

http://blog.malindaprasad.com/2010/09/05/slt-adsl-fup-block-hevy-downloading-connection/

SLT FUP and Small Solution for Speedup FUP Applied Connection

12 thoughts on “SLT FUP and Small Solution for Speedup FUP Applied Connection

  • December 21, 2011 at 10:52 pm
    Permalink

    මේක කරාම ADSL වල 512 ලයින් එකක සිපිඩ් එක ඊට වඩා වැඩි වෙන්නේ නැද්ද ?

    Reply
    • December 23, 2011 at 10:00 am
      Permalink

      සාමාන්‍යය ADSL වල ඊට වඩා වැඩිවෙන්නෙ නෑ. ඒත් ස්ලෝ උන සම්බන්ධතා වල වේගය පොඩ්ඩක් වැඩි කරගන්න පුලුවන්

      Reply
  • December 22, 2011 at 10:17 pm
    Permalink

    මගෙ එන්නෙ මේ වගෙ එකක් මේකෙ time value ඒක ගොඩක් වඩියි. මම පවිච් කරන්නේ Dialog Brought Band. Usage eaka 3100MB. මට මෙ විදිහට දාන value එක හොයා ගන්නේ කොහමද?

    C:Windowssystem32>ping google.com -f -l 1400

    Pinging google.com [209.85.175.104] with 1400 bytes of data:
    Reply from 209.85.175.104: bytes=64 (sent 1400) time=984ms TTL=250
    Reply from 209.85.175.104: bytes=64 (sent 1400) time=939ms TTL=250
    Reply from 209.85.175.104: bytes=64 (sent 1400) time=1009ms TTL=250
    Reply from 209.85.175.104: bytes=64 (sent 1400) time=1019ms TTL=250

    Ping statistics for 209.85.175.104:
    Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
    Approximate round trip times in milli-seconds:
    Minimum = 939ms, Maximum = 1019ms, Average = 987ms

    Reply
    • December 23, 2011 at 10:02 am
      Permalink

      ඔයා 1400 කියන එක ටික ටික වැඩි කරල බලන්න. ඒ කියන්නෙ 1410 , 1420 වගේ. ඒවගෙන් හරිගිය වැඩිම අගය ගන්න

      Reply
      • December 24, 2011 at 2:48 pm
        Permalink

        මම 1400 ඉදන් 1500 වෙනකන් 5 ක් ගනෙ වැඩි කරල බැලුව. එත් Average එක 950ms තමා ලැබුන අඩුම අගය එක ලැබුනෙ 1440. මම 1440 යෙදුවොත් නිවැරදිද?

        Reply
        • December 24, 2011 at 5:13 pm
          Permalink

          වරදවා වටහා ගන්න එපා.
          ඔය ping google.com -f -l 1400 කියන එකේ තියන 1400 තමා වෙනස් කරල හොද අගයක් හොයාගන්න ඕනෙ. සාමාන්‍යෙයන් ලේසි වැඩේ 1500 ඉදන් අඩු කරන එක. ඔයා 1400 ට අඩු කලා කීව නිසයි වැඩි කරන්න කීවෙ

          ඒත් ඕකෙ time=____ms කියල එන්නෙ ඔයා යවන පැකට් එක සර්වරයට (මේකෙනම් ping කරල තියෙන්නෙ google.com) ට ගිහින් එන්න ගතවන කාලය. මේකෙ 950ms කියන්නෙ හුගක් වැඩි අගයක්. (FUP වගේ ඒව නැත්තම්/Download වගේ ඒව නැත්තම්)

          ඒත් ඒක වෙලාවට ලොකු බලයක් අපිට කරන්න අමාරුයි. අර උඩ කීව 1400 වෙනස් කරල හරි අගය හොයාගන්න reply ඔක්කොම අවා අගයක්

          Reply
  • December 23, 2011 at 1:35 am
    Permalink

    මගේ නොවැම්බ්‍ර් මාසෙ Usage එක 65 GB . මාසෙ අග වෙනකම්ම මට නම් රෑටයි උදේටයි ෆුල් ස්පීඩ් එක එනවා . දවල්ටත් සෑහෙන හොද ස්පීඩ් එකක් එනවා . මගේ තියෙන්නෙ Transmission on Linux . Utorrent එක්ක නම් ටොරන්ට් වල ස්ලෝ ගතියක් මමත් දැකලා තියෙනවා . මට නම් හිතෙන්නෙ ඔය FUP දාලා තියෙන කතාව හිතෙන්නෙ අපේම මැශින් එකේ වැරදි හින්දා කියලා

    Reply
    • December 23, 2011 at 10:05 am
      Permalink

      ඇත්තටම ඒ අය FUP දානව.
      ඒත් අපි නෙට්වර්ක් එකකට මැෂින් කීපයක් ගහල එක අන්තර්ජාල සම්බන්ධතානයක් ගැහුවොත් ඒ ඒ අය භාවිතා කරන මෘදුකාංග හා සැකසුම් අනුව ඒ ඒ පරිගණක වලට ලැබෙන වේගය වෙනස් වෙනව. හරියට එක්කෙනෙක් IDM බාද්දි එන වේගයයි, අනිත් කෙනේ Firefox වලින් බාද්දි එන වේගයයි වගේ
      ඒ විදිහට පරිගණකයේ සැකසුම් අනුවත් අපේ වේගයට බලපෑමක් කරන්න පුලුවන්.

      Reply
  • February 2, 2012 at 6:17 pm
    Permalink

    මගේ ආවෙ 1472 ‍ඒක දැම්මට හරි ‍ගියේ නැහැ.

    C:UsersPriyantha>ping google.com -f -l 1472

    Pinging google.com [209.85.175.147] with 1472 bytes of data:
    Reply from 209.85.175.147: bytes=64 (sent 1472) time=975ms TTL=54
    Reply from 209.85.175.147: bytes=64 (sent 1472) time=973ms TTL=54
    Reply from 209.85.175.147: bytes=64 (sent 1472) time=1031ms TTL=54
    Reply from 209.85.175.147: bytes=64 (sent 1472) time=1018ms TTL=54

    Ping statistics for 209.85.175.147:
    Packets: Sent = 4, Received = 4, Lost = 0 (0% loss),
    Approximate round trip times in milli-seconds:
    Minimum = 973ms, Maximum = 1031ms, Average = 999ms

    Reply
  • May 28, 2012 at 2:45 pm
    Permalink

    slow වෙලා ඉන්න අයට පොඩි help එකක් දෙන්නම් මට call කරපන් මේ නොම්බරෙන් 0772981556

    Reply
  • June 3, 2012 at 7:23 am
    Permalink

    slow වෙලා ඉන්න අයට පොඩි help එකක් දෙන්නම් මට call කරපන් මේ නොම්බරෙන් 0772981556
    for ADSL only

    Reply
  • July 4, 2012 at 12:00 am
    Permalink

    Thanks mchn.. i had to change it to 1372 .. but now i cant access gmail.com.. :S

    Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *