විභාග කටයුතු නිසා ලියන්න හිත හිතා හිටපු දෙයක් ලියන්න කල්ගියා. අප්‍රේල් 20 දිනය කියන්නෙ හිතාගන්න බැරි දෙයක් වෙච්ච දිනයක්. ඒත් ගරු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග හමුවීමකට එකතුවෙන්න ලැබීම ගැන.
එදිනට ටික දිනකට පෙර චානුක වත්තේගම මහතා කථාකරල ගරු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග දිවා ආහාරවේලකට ආරාධනා කලා. ඒ විවිධ පලාත් වලින් තෝරාගත් තවත් දක්ෂ බ්ලොග් ලියන කීපදෙනෙක් එක්කයි. මේ අවස්ථාව ලබාදීම පිලිබදව චානුක වත්තේගම මහතාට ස්තූති.
ඔහු මීට වසර කීපයකට කලින් මාගේ බ්ලොග් එකෙන්ම හදුනාගත් තොරතුරු තාක්ෂණය පැත්තෙන් රටට අවශ්‍යය පුද්ගලයෙක් කීවොත් මා නිවැරදි. මීට පෙර LIRNEasia ආයතනය හා එක්ක දේශීය අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවාය නගාසිටුවන්න විශාල මෙහෙයක් කරන කාලෙයි මා හදුනාගත්තෙ. මමත් ඒ සම්බන්ධව බ්ලොග් ලියපු නිසා. ඒ අවස්ථාවලට සහභාගා වෙන්න මටත් අවස්ථාව ලැබුණ. දුරකථන හා සේවා වල බදු 33% ක සිට 20% දක්වා අඩුකිරීමට මුලීකත්වය අරන් ක්‍රියාකරපු පුද්ගලයෙක් ( එතුමා පල කල ලිපිය)
ඒ මහතා හුග කාලෙකට පස්සෙ කථාකරල කරපු ආරාධනය අනුව මමත් සහභාගි උනා අවස්ථාවට. එදා රත්මලානෙ බොඩිමේ හිටිය නිසා ලේසියෙන්ම එන්න පුලුවන් උනා. අවස්ථාවට සහභාගි උන හැමෝම සම්බන්ධ කරන් තිබ්බෙ චානුක වත්තේගම මහතා.
එදා අමුතුම වැඩක් උනා උදේ පාන්දර. ගරු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඉතා කාර්යභහුල නිසා 10.30 වෙද්දිවත් එන්න කිව්ව. ඒත් මම බම්බලපිටියෙන් බස් එකට නගිද්දි 10යි වෙලාව. නැග්ගෙ CTB බස් එකකට. ඒකෙ හිටිය මම විතරයි. චානුක මහතා කිව්ව විදිහට මහබැංකු ගොඩනැගිල්ල අසලට හුගක් දුර අවිදන් යන්න ඕනෙ බස් යන පාරෙ ඉදන්. ඒත් මාව බස් එකේ රියදුරු පාර වෙනස් කරල ඒ නියමිත ස්ථානයෙන්ම බැස්සුව. මම විතරක් හිටිය නිසා වෙන්න ඇති. බැහැල පයින් යන්න දෙයක් නැති නිසා මට ශුවර්ම නෑ හරි තැනින්ද බැස්සෙ කියල. මොකද එතන හිටිය වෙලාව තුල එක බස් එකක්වත් ඒ පාරෙ ගියෙත් නෑ. ටික වෙලාවකින් චානුක මහතා ආව නිසා පාර හරි කියල තේරුනා
ඉන්පසු කට්ටියත් එක්ක ගියා හෝටයට. එතකන් අරුණ සර් එක්ක කථාවට වැටුන. ඉන්පසු ගරු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පැමිණි නිසා සාකච්චා පටන් ගත්ත

සාකච්චාවේ සිදුවූ දේවල් සරලව

බ්ලොග්/වෙබ් අවකාශයේ ක්‍රියාකාරී තරුණ පිරිසකට අද ජනාධිපති ලේකම් හා විදිලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග මහතා දිවා භෝජනයකට ඇරැයුම් කොට තිබුණා. මේ හමුව පැය තුනකට වැඩි කාලයක දීර්ඝ සංවාදයක් බවට පත්වුණු අතර තරුණ පරපුර, තොරතුරු තාක්ෂණය භාවිතය, තොරතුරු තාක්ෂණය තුළින් විරැකියාවට පිළියම් සෙවීම යනාදී කාරණා රාශියක් ගැන අප කථා කළා. මා සමඟ මේ හමුවට එක් වුනේ Supun Sudaraka, Supun Buddy Budhajeewa, Isuru Senevirathna, Sahen Sandesh, Aruna Chaminda හා Malinda Prasad. Udara Dharmasena අපට එකතු වීමට සිටියත් අවසාන මොහොතේ කාර්යාලීය කටයුත්තක් නිසා ඔහුට එක් විය හැකි වුණේ නැහැ. Supun Buddy Budhajeewa හා Malinda Prasad ජාතික වශයෙන් වැදගත්කමක් ඇති යෝජනා ගණනාවක් කළා. තොරතුරු හා සන්නිවේද තාක්ෂණ ආයතනයේ රෙෂාන් දේවපුරද මේ හමුවට එක්වුණා.

ලෙස චානුක වත්තේගම මහතා සටහනක් දාල තියනව ෆේස්බුක් හි

ඇත්තටම සුලුවෙලාවක් යද්දි වැටහුනේ එම අවස්ථාවය සහභාගි උව හැමෝම ඉතා හොද සුහද පිරිසක් කියල. ජනාධිපති ලේකම් හා විදිලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග මහතාට අමතරව ICTA හි ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුරද මහතා හා තවත් රජයේ පිරිසක් පැමිණ හිටිය. එහිදී දැනට තොරතුරු තාක්ෂණය භාවිතයේ තිබෙන ගැටලු හා මෙම තාක්ෂණය ගමට ගෙනයාමේදී තිබෙන ගැටලු, ඉදිරියේදී වියයුතු යැයි අපිට හැගෙන දේ ගැන කථා කලා. ඒ වගේමයි තනිව ගෙදර ඉදන් ඉගන ගන්න එක ගැන, නගරයටම එන්නෙ නැතිව ස්වයං රැකියාවක් කරන්න මේ තාක්ෂණය උපයෝගීකරගන්නා ආකාරය හා මේ සම්බන්ධව දැනට රජයෙන් කරගෙන යන ව්‍යාපෘති ගැන කතාකල අතර එහිදී අන්තර්ජාලයෙන් ඉගන ගැනීම, විවිධ රැකියා කිරීම ගැන වැඩිපුර කථාකලා, මාගේ මතක් කිරීමෙන් වැඩිපුර අන්තර්ජාලය ආශ්‍රිතව ක්‍රියාකරන ආයතනයක වැඩ කරන සුපුන් බුධාජීව මලය Paypal ලංකාවට සල්ලි ගෙන්න ගැනීමේදී තිබෙන ගැටලු ගැන කථා කලා. වගේමයි දැනට අනර්ජාල සේවා වල තිබෙන දෝශ හා අඩුපාඩු ගැනත් කථා කලා.
එහිදී තවත් පිරිස එකතු කරන් ICT Forum එකක් පිහිටුවන්න කථාකරගත් අතර ඒ සදහා අපගේ තොරතුරුත් ලබාගන්නා ලදී. සහභාගි උන අය කරන දේවල් කරපුව, ඒවගෙන් දෙයක් අනිත් අයට දෙන්නෙ කොහොමද කියන එක කථාකල. හැමෝම තොරතුරු තාක්ෂණය විවිධ වැඩ වලට යොදාගත් ආකාරය පැය 3කට වැඩි වේලාවක් කථා කලා
සුපුන් සුදාරක මලය Online Learning සම්බන්ධව අත්දැකීම් පැහැදිලි කල අතර Facebook Marketing හා යොදාගැනීම ගැන වගේම තොරතුරු තාක්ෂණය ආධාරයෙන් මහවිලච්චියෙ BPO කරන ආකාරය, ජල විදුලියෙන් පාසැල් පරිගණක විද්‍යාගාර වැඩ කරන ආකාරය ගැන කතා කලා. මා අන්තර්ජාලය හා ඒ සම්බන්ධව කථා කරපු දේවල් නිසාම සමුගෙන යන මොහොතෙත් පැවසූවේ ඉදිරියේදී මා මේ සම්බන්ධව සම්බන්ධ කරගනු ඇති බවයි. කෙසේ හෝ මේ තිබෙන අන්තර්ජාල සේවාව වල ගුණාත්මක භාවය වැඩි කරන්න යමක් කරන්න පුලුවන්නම් මට ලොකු සතුටක්.

අමතක කරන්න බෑ එතුමා අපිට ලබාදුන්න දිවා ආහාරය වගේම එතුමාගේ පුතාගේ ලමයා වයස අවුරුදු එනහමාරෙදි iPad එකෙන් angry bird ගහන ඡායාරෑපය.

සහභාගි උන අය

චානුක වත්තේගම මහතා එදින සහභාගි වු අය පිලිබද Facebook හි සටහන් වල උපුටාගැනීම්

මා ගැ

Malinda Prasad is a walking encyclopedia. Haven’t met anybody like him. Studying telecom usage patterns is his hobby. Impressing the Chairman of Telecom Regulatory Commission and CEO of Information and Communication Technology Agency is no small task. (They both took his number!) Inter alia, Malinda talked in detail about the issues of so called “unlimited broadband” packages, with examples. Never knew they were such a hassle at the bottom of the pyramid. How I badly missed Udara Dharmasena who could have given a similar input.

Supun Buddy Budhajeewa ගැ

‎Supun Buddy Budhajeewa ගැන අසා තිබුණත් හඳුනා ගත්තේ පසුගිය සතියේයි. හොඳ මීටරයකි. නිහඬය. ලලිත් වීරතුංග මහතා සමඟ කළ පැය තුනකට වඩා දික් වූ සංවාදයේදී අඩුවෙන්ම කතාකළේ ඔහුය සිතමි. එය මිනිත්තු දහයක් පමණ වන්නට ඇත. ඒ කෙටි කාලය තුළ ඔහු සුළු පරීමාණ BPO වලට ඉන්ටර්නෙට් හරහා මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේ දුෂ්කරතාවය ගැන ප්‍රශ්නය, ප්‍රශ්නයට හේතුව, ප්‍රශ්නය විසඳීම හා විසඳීමේ මාර්ගය යන සියල්ලම ගැන ඉතාම පැහැදිළිව to the point, දත්ත සමඟ කතා කළේය. රෙෂාන් මේ ගැටළුව අදාළ පාර්ශ්වයන්ගේ අවධානයට ලක් කරනු ඇතැයි සිතමි. මේ සටහන තබන්නේ වැඩේ හරි ගියොත් credit එක යා යුත්තේ මේ විසි හැවිරිදි තරුණයාට බව කියන්නටය.

‎Supun Sudaraka

‎Supun Sudaraka කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් Supun Sudaraka මය. හදන්ඩ බැරිය.

මේ සම්බන්ධව සහභාගි උන අය ලියල තියන ලිපි.

සුපුන් සුදාරක

අරුණ සර්

බද්‍රාජීව

හිස් අහස – සදරුවන්

එදින ගත් ජායාරෑප

ඡායාරෑප

මාතෘකාව උපුටාගැනීම – චානුක වත්තේගමගේ Facebook සටහනකින්

Mr. Lalith Weeratunga, Secretary to the President of Sri Lanka, gives a lunch to a set of young bloggers and web professionals!

5 thoughts on “Mr. Lalith Weeratunga, Secretary to the President of Sri Lanka, gives a lunch to a set of young bloggers and web professionals!

  • May 7, 2012 at 9:57 am
    Permalink

    Good Work
    මම හිතනව පරිගනක ටහක්ශනය ගමට ගෙන යන්නනම්ම් මීට වඩ ඩෙයල්ක්ක්ක් කරන්න වෙනව මොකඩ ගමී කෙනක්ක්ට පරිගනකයක් මිලදී ගැනීම අන්තර්ජාලයට පිවිසීම වගේ ඩෙවල්ල් ටිකක්ක් අමරු කරනා එක නිස සහනදායි ක්‍රමයකට පරිගනක (Laptop) සහ අන්තර් ජාල පහසුකම් වනී දෑ ගෙවීමේ ක්‍රමයකට ලබා දෙනවනම්ම් ගොඩක් හොඩයි කියන එක…
    මෙකට කරන්න තියන්නෙ Tax අඩුකරන එක විතරයි……..

    Reply
    • May 14, 2012 at 9:18 pm
      Permalink

      මමත් රුවන් එක්ක එකග වෙනවා. ඇත්තටම ගමේ කොල්ලෙක්ට කම්පියුටරයක් ගන්න එක හීනයක් වගේ.

      Reply
  • June 13, 2012 at 12:10 am
    Permalink

    What a lovely weblog. I will surely be back. Please maintain writing! 197577

    Reply
  • December 6, 2012 at 10:12 am
    Permalink

    ඔනම ඩෙයක් කරන්ඩ උවමනවක් තියනවනම්, තඩ ආශාවක් තියනවනම් ඔබට එක කර ගන්ඩ වට පිටව ඉබෙම පහල වෙනව,ඔබ ගෙන , ඔබෙ අවශ්යතවය ගෙන විශ්වය ඔබව තක්සෙරු කරනව එකට ටික වෙලවක් යනව ඉන් පස්සෙ ඔබ අවන්කවම හිතන ඩෙවල් ඔබට ලෙබෙනව, එක පරිගනකයක් වෙන්ඩ පුලුවන්, වෙන ඩෙයක් වෙන්ඩ පුලුවන්….

    Reply

Leave a Reply to ලිලංක රවිනාත් Cancel reply

Your email address will not be published. Required fields are marked *