බහුතරය දැනට තියන හැම Speedtest කරන එකකින්ම කරන්නෙ Browser එක උඩ ඉදන් වේගය පරික්ෂා කරල බලන එක. ඒත් හැමෝම දන්න දෙයක් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කියන්නෙ ටවර් එකෙන් ටවර් එකට වෙනස් වෙන අන්තර්ජාල සැපයුමක්. ඒවගේම වේගය වෙනස් වෙන්න භාවිතා කරන ඩොන්ගල් එක, සිග්නල් වගේ කරුණු රාශියක් බලපානව. තවත් එකක් තමා අපි ඩවුන්ලෝඩ් එකක් දාල ස්පීඩ් එක බලන්න ගියොත් ඒකට අර ඩවුන්ලෝඩ් එක නිසා ලොකු බලපැමක් ඇතිවෙනව
මේ සියලු ගැටලු නිරාකරණය කරන්න අපි අලුතින් හැදුව Speed Test ටුල් එකට පුලුවන්.
අපි වේගය පරික්ෂා කරන ටවර් එක, ඒ ටවර් එකේ ස්ථානය, සම්බන්ධ වෙලා ඉන්න ඩොන්ගලය, සිග්නල්, සිග්නල් වර්ගය වගේ කරුණු රාශියක් මෙම ටුල් එක මගින් ලබාගන්නව. එතකොට වෙන්නෙ හුගක් නිරවද්‍යය ප්‍රථිපලයක් ස්ථානය අනුව ලබාගන්න පුලුවන් වෙනව එක
අපි ස්පීඩ් එක පරික්ෂා කරද්දි යටින් ඩවුන්ලෝඩ් එකක් දැම්මට ඒක බලපෑමක් නෑ. මොකද අපි ඩොන්ගල් එකේ හාඩ්වයා ට්‍රාන්ස්ෆර් ස්පීඩ් එක තමා අරගන්නෙ. අනිත් එක තමා ටවර් එකේ ස්ථානයක් හුගක් නිරවද්‍යවය Google මගින් හොයාගන්නව.

උදාහරණයක් විදිහට කෙනෙක්ට ඩොන්ගල්/ අන්තර්ජාල සම්බන්ධතාවයක් ගන්න ඕනෙනම් එයාට පුලුවන් අපේ වෙබ්සයිට් එකෙන් ඒ ප්‍රෙද්ශයේ අනිත් අයගේ වේගයන් පරික්ෂා කරල බලන්න (අනිත් අය වේගය පර්ක්ෂා කරල තියනවනම්). ඒ අනුව හොද සේවා සපයන්නෙක් තෝරගන්න පුලුවන්
ඒ වගේම තමා තමන්ගේ Speed Test එකක් වෙන කෙනෙක්ට යවද්දි නිකම්ම Speed එකයි සේවා සපයන්න එකක් විතරක් ලබාදෙන්නෙ නැතිව සවිස්තරාත්මකව යවන්න මේ වෙබ් අඩවියෙන් පුලුවන්

තාමම මෙම ටූල් එක තියෙන්නෙ පරික්ෂණ මට්ටමේ. අදහස් හා වැරදි අපිට ලබාදෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිනව

මේක තාම වැඩ කරන්නෙ වින්ඩෝස් එකක් විතරයි. කරන්න තියෙන්න Checkmy3gspeed.com අඩවියට ගිහින් ටූල් එක ඩවුන්ලෝඩ් කරගෙන රන් කරන එක. ඒ කරද්දි කිසිම ස්ථාපනය කිරීමක් නෑ.

Location Based Mobile Broadband Speed Test Tool

4 thoughts on “Location Based Mobile Broadband Speed Test Tool

  • September 6, 2012 at 7:35 am
    Permalink

    Great tool. but it doesn’t detect my ZTE MF100 dongle even when I am connected to internet through the dongle. is this tool still supports huawei dongles?

    Reply
    • September 6, 2012 at 12:48 pm
      Permalink

      Still Only Support with Huawei. Sorry for that

      Reply
  • November 16, 2012 at 8:40 am
    Permalink

    hodai obage wada mama nihathamaniwa agaya karanawa.

    Reply
  • November 16, 2012 at 8:50 am
    Permalink

    mata mage Huawei E173 dongle aka unlock karana vidiha mail kannako.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *