DynDNS ත් නිකන් දෙන්නෙ නැති නිසා හුගක් දෙනෙක්ට ලොකු අවුලක් . රව්ටර් වල පෙරනිමියෙන් එන්නෙ හුග වෙලාවට DynDNS. හුග දෙනෙක් Cloud Flare භාවිතා කරන නිසාත්, ඒකෙන් සැලකිය යුතු ආරක්ෂාවක් ලැබෙන නිසා DynDNS Client එකක් CloudFlare එකට හැදුව. DynDNS හෝ NoIP වල නොමිලේ දෙන ගිණුම් වල අපිට පිලුවන් එයාලගෙ ඩොමේනයකට හදන්න විතරයි. ඒත් මේ DynDNS Client එකේ තමන්ගෙම ඩොමේනයක් අපිඩේට් වෙන්න හදන්න පුලුවන්. තාම අත්හදාබැලීමේ මට්ටමේ තියෙන්නෙ. ආරක්ෂාව හා සේවාවක් විදිහට රන් වෙන ඒව තාම හැදුවෙ නැ. බාවිතා කරල අඩුපාඩු, අදහස් කියන්න
මේක වැඩ කරන්නෙ Windows වල. .NET Framework 2 ඕනෙ. XP වලින් පස්සෙ අලුතෙන් එන හැම එකේම එනව. ඒත් Windows 8 වල වෙනම Install කරන්න වෙනව සමහර වෙලාවට. Win 8 වල ඒක නොකරන්න වෙන සංස්කරනයක් දාන්නම් ලගදි
අප්ඩේට් වෙන ඩිලේ එක තප්පර 120 ක්. ඒ කියන්නෙ විනාඩි දෙකක්. මොකද Cloud Flare වල අවම TTL තියන්න පුලුවන් විනාඩි 2යි.

Screenshot
දැන් මේක කියෙව්වහම DynDNS ගැන දැනුමක් නැති කෙනෙක්ට DynDNS – Dynamic DNS කියන්නෙ මොකක්ද කියල හිතෙයි.
අපි සාමාන්‍යෙයෙන් ලබාගන්න අන්තර්ජාල සම්බන්ධ තා වල හම්බෙන IP එක නිතරම වෙනස් වෙනව. අපි අපේ සම්බන්ධතායෙන් Server එකක්, DVR වගේ එකක් දාල තිබ්බොත් ඒක පිට ඉදන් Access කරන්න IP එක හොයන එක අවුලක්. ඒක තමා Dynamic DNS තියෙන්නෙ. අපේ IP වෙනස් වෙන ගානෙ Domain /Sub Domain නයේ IP එක වෙනස් කරනව. එතකොට ඒ ඩොමේන නාමයෙන් අපේ අන්තර්ජාල සම්බන්ධතාවය උඩ දාල තියන Server එකක් හරි වෙන දෙයක් සමග පිට සිට සම්බන්ධ වෙන්න පුලුවන්. හැබැයි මේ අප්ඩේට් එක වෙන්න සුලුවෙලාවක් යනව.
මේ සේවාව දෙන සමාගම් කිපයක් තිබෙනව. ඉස්සර DynDNS සමාගම නොමිලේ දුන්නට දැන් නොමිලේ දෙන්නෙ නෑ. සල්ලි ගෙවන්න ඕනෙ. no-ip නොමිලේ දෙන්නෙ. ඒත් නොමිලේ දෙද්දි අපිට ලැබෙන්නෙ ඒ අයගෙ සබ්ඩොමේනයක්. අපේම එකක් දාගන්න බෑ. අපේ එකක් ඒක සබ්ඩොමේනයට පොයින් කරන්න තමා වෙන්නෙ

මේ මෘදුකාංගය තාම එක දිගට දුවල නෑ හුග දවසක්. පරික්ෂා කරල බලල කියන්න

බාගත කිරීමට
http://www.crescle.com/cfddns

CloudFlare Dynamic DNS Client