මීට සති කීපයකට පෙර (සදුදා – සැප්තුම්බර් 5 දින සවස 2-3 අතර) සිදුවු සුලු අනතුරක් හේතුවෙන් මාත් මිතුරාත් ගල්කිස්ස පොලිසියට ගියේ පොලිස් වාර්ථාවක් ලබාගැනීමටය. පලමුව පොලිසියට ලගාවන විට වාහන නතර කිරීමට කිසිම ස්ථානයක් අහල පහල නැත.
එක් පසෙක බස් නැවතුමත්, පොලිසිය ඉදිරිපිට අනතුරු සිදුවු වාහනත්, අනෙක් පස වාහන නැවතීම තහනම් යනුවෙන් මාර්ග සලකුණුත් විය. පොලිසියට එන සියලු දෙනාට වාහන නතර කර බොහෝ දුරක් පයින් පැමිණිය යුතුය
මොන ආකල්පයකින් මෙසේ සැලසුමක් සෑදුවාද කියා මානම් නොදනී. නමුත් පොලිසියට පැමිණනෙන කෙනෙකුට අවශ්‍යය වාහන සේවාව, වාහන නැවැත්වීමට පහසුකම් සැලසීම කාගේ යුතුකමක්දැයි මා නොදනී
බොහෝ විට නොමිලේ පොලිසියෙන් සේවාවක් ලබාගත්තට, ඒවෙනුවෙන් රටේ සියලු දෙනා බදු බශයෙන් මුදල් ගෙවා අවසන්ය. එම ආයතන නඩත්තුවේ සිට, ඔවුන්ගේ දීමනා, වැටුප් සියල්ලට අවශ්‍යය මුදල් ගෙවන්නේ රටේ මිනිසුන්ය.
එසේ ගෙවා හෝ සේවාවක් ලබාගැනීමට පැමිනිමේදී අවශ්‍යය මුලික් පහදුකමක්වත් නැති එක කනගාටුය. ඊට වඩා ඔව්න්ගේ ආකල්ප හා හැසිරීම ඉතා කනගාටුදායකය.

එමෙන්ම අප ටිකක් එහායින් වාහනය නවතා පොලිසියට ගිය විට ඒ ඒ අය ඒ ඒ අයගේ වැඩ වලය. විස්තරයක් දැනගැනීමට කෙනෙක් නැත. පසෙක සිටි නිළධාරියෙක්ගේ අවධානය ගැනීමට හැකිවිය
ඔහු ඉතා කාරුණිකිය. අවශ්‍යය කාරණය විමසා රථවාහව අංශයට යන දිශාව අපට පෙන්වන ලදි. ඔහුගේ ඒ සත්කාරය ඉතා ප්‍රසංසනීයයි.
ඉන්පසු රථවාහන අංශයට ගියවිට අයියෝ සල්ලි කියා සිතන තරමේ පිලිගැනීමක් ලැබුනු
කිසිම වැදගත්කමක් නැ. පිලිගුනීමක්, මිනිසෙකුට කථාකරන විලාසයක් ගැන් පොඩි හෝ දැනීමක් නැත. සියලු දෙනා එක එක දේවල් කියයි. ඔවුන්ට හරියට ගොදුරක් හමුවුවා සේ එක එක දේවල් කියා කථාවය.
වැඩේ කිරීමට කිසිම ඕනෙ කමක් හෝ විසදා දීමට කිසිම අවශ්‍යයතාවයක් නැත. ඒ එක දේ කියා මිනිසුන් අපහසු තාවයට පත්කිරීම විනෝදාංශයක් සේ පෙනුනි

එම නිළදාරියෙක්ගේ අවශ්‍යයතාවය පරිදි මා අනතුර සිදුවු අනෙක් වාහනයේ රියදුරුට ඇමතුමක් ලබාදුනි. නමුත් එම නිළධාරියාට දුරකථනයෙන් කථාකිරීමට කිසිම හැකියාවක් ඇතිබවක් නොපෙනුනි
අර පුද්ගලයාගෙන් කිසිම විමසීමක් නැතිව ඇගට කඩාපාත්වීම පමණක් සිදුවුනි. සාමාන්‍යයෙන් වැදගත් පුද්ගලයෙක් දුරකථනයනේ කථාකරන විලාසයක් තිබේ. නිළධාරියෙක් කථාකරන විලාසයක් තිබේ
ඒ කිසිම දෙයක් ගැන කිසිම දැනීමක් හෝ අවබෝධයක් ඇතිවබක් නොපෙනුනු. මා ඔහු පොලිස් නිළධාරියෙක් යැයි නොපවසා දුරකථනය ලබාදුනිනම් කථා කරල විලාසය ඔහු සිතන්නේ මෙම නිළධාරිය ඉතා පහත් පුද්ගලෙකු කියාය.
පසුව ඔවුන්ගෙන් කිසිම උදව්වක් ලබාගත හැකියවක් නොපෙනුන නිසා ආපසු පැමිනියෙමු

නමුත් ඕනෙ තරම් පොලිස් හමුදා නිළධාරීන් හමුවී තිබේ. ඔවුන් සමග වැඩකරල තියන අත්දැකීම් අනුව ඉතා හොද සේවාවක් ඔව්නු ලබාදේ. ආකල්පමය අතින් ඉතා උසස් නිළධාරීන් ඕනෙතරම් හමුවී තිබේ. නමුත් මෙහිදීනම් වැටහුනේ ගල්කිස්ස පොලිසියේ රථවාහන අංශයේ සිටින්නේ වෙනත්ම පිරිසක් බවයි
ඒ කිසිම මනුස්ස ගුණයක් හෝ, හොද ආකල්පයක් ඔවුන් සතුව නොතිබීම පුදුම කරවන කරුණකි
ඔවුන්ගෙන් එවැනි අහංකාර මානසිකත්වයකින් සිටින්නේ ඇයිද කියන එක ගැටලුවකි. රටේ මිනිසුන් ඔව්න් වෙනුවෙන් බදු ගෙවන්නේ යම් සේවාවක් ලබාගැනීමටය. ඊටත් වඩා හැමවෙලේම මහජනතාව ගැන කථාකරන පොලිසිය.. එම සේවාව නියමාකාරයෙන් ලබාදීම ඔව්න්ගේ යුතුකමකි. එය මහජන සේවාවකි. රජයකින් ලැබිය යුතු සේවාවකි.
හොද සේවාවක් ලබාදුන් විට මිනිසුන් තුල ඔව්න් වෙනුවෙන්, මුලු පොලිස් දෙපාර්තමේන්තුවම වෙනුවෙන් ඇතිවන බැදීම.. පැහැදීම මිල කොල නොහැක. නැතිනම් මූනට සර් සර් කිව්වාට මිනිසුන් පැහැදීම ඇතිකරගන්නේ පොලිස් දෙපාර්ථමේන්තුවේ උසස් නිළධාරින්ගේ මාපියන් සමගය.

මට හා මිතුරාට සිතුනේ ඔවුන්ට අවශ්‍යය ඔවුන් වෙනුවෙන් සියලු බරපැන ගෙවා හෝ නොගෙවා ඔව්න්ගේ සේවාව ලබාගැනීමට පැමිණෙන එකදු පුද්ගලයෙක් හරි පහත් කර.. පීඩාවට ලක්කර වැඩේ නොකර ගෑස් පෙන්වීමටය.
එමගින් මුලු පොලිස් දෙපාර්තමේන්තුවම කෙරේ මිනිසුන්ගේ ඇතිවන හොදහිත, හොද ආකල්පය නැති කර පොලිස් දෙපාර්ථමේන්තුවම මිනිසුන්ට එපාකරවන උත්සහයක් වැනිය

රටේ මිනිසුන්, පොලිස්දෙපාරථමේන්තුව කෙරේ හොද හිත ඇතිවනවාට ඇයි අකමැති?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *