දැනට ලංකාවේ භාවිතා වන ස්මාට් දුරකථන අතරින් මුල්තැන ගන්නෙ Android දුරකථනයි. මෙම දුරකථන වර්ගයට අවශ්‍යය Application ලබාගැනීමට Android Play තිබෙන අතර එහි ඇති ඇප් වල තත්වය හා විවිධ වයිරස් වර්ග නොපැමිනීමට google ආයතනය විවිධ ආරක්ෂක ක්‍රම අනුගමනය කරනව

නමුත් මෙම දුරකථන වර්ගයට APK ෆයිල් එක කෙලින්ම බාගතකිරීමෙනුත් application ස්ථාපනය කරගන්න පුලුවන්. නමුත් එම app වල තත්වය ගැන කිසිම වගකීමක් නෑ

සමහර අවස්ථාවල අපේ අය google play එකේ නැති ඇප් විවිධ ක්‍රම මගින් ස්ථාපනය කරගන්න උත්සහ කරනව. නමුත් ඒ ඇප් එක ඇත්තම ආයතනය මගින් සාදපු එකද, කවුරු හරි වෙනස් කරපු එක්ද? නැතිනම් ඒ වගේ අයිකන් එක තියන වෙනමම ඇප් එකක්ද කියල අපි දන්නෙ නෑ.
මේ විදිහට අපගේ දුරකථනයට එන එක්තරා ආකාරයක හානිකර ඇප් ජාතියක් ගැනයි මේ සඳහන

මුලින්ම බලමු මේ ඇප් කරන්නේ මොනවද කියල
බොරු අන්ලෝ ස්ක්‍රීන්
දැනට අත්දැකල තියන එක ජාතියක් තමා අපේ දුරකථනයට ස්ථාපනය උනාට පස්සේ හිටපු ගමන් මේ ඇප් එකෙන් අපේ දුරකථනයෙ අන්ලොක් කරන Screen එකට හුගක් දුරට සමාන screen එකක් පේන්නනව. ඒ්ක හුග දෙනෙක්ට හදුනගන්න බෑ වෙනසක්. හුග දෙනෙක් තමන්ගෙ දුරකථනයේ අන්ලොක් පැටර්න් එක හරි, පින් එක හරි ඒ ඇප් එකට දෙනව. අපි කොච්චර ඇත්ත එක දුන්නත් මෙයා කීප පාරක් ඒක වැරදී කියනව. ඉන්පස් ගූගල් ගනුමෙ විස්තර ඉල්ලනව. අපි හිතන්නෙ ඇත්තටම අපි අතින් වැරදුන නිසා මේ ඉල්ලනව කියල.
අපි ඒ විස්තරත් දුන්නොත් වැඩේ අවුල්. ඒ අය අපේ ගිණුමෙ සම්පුර්ණ පාලනය අරන් දුරකථනය ලොක් කරල, උඩින් බොරු ලොක් ස්ක්‍රීන් එකක් දානව. අයිතිකරුට කරන්න පුලුවන් එන ඇමතුම් ලබාගන්න විතරයි.  ෙවන කිසිම වැඩක් කරගන්න බෑ.

හැබැයි අපි ගූගල් ගිනුමට Two factor Authentication වගේ සේවාවක් සක්‍රීය කරල තිබ්බනම් ඒ අයගෙ වැඩේ ටිකක් අමාරු වෙනව.
එහෙම නැති අවස්ථාවල අපිට ගූගල් එකට ලොග් වෙන්නවත් බෑ. සාමාන්‍යය පුද්ගලයෙකුට දුරකථය භාවිතා කරන්න බැරි තත්වයට දුරකථනය එනව. ඒ වගේමයි තමන්ගෙ ගිණුම වෙනත් පාර්ශවයක් අතට පත්වෙනව

දුරකථන සේවා සක්‍රිය කරන ඇප්
දැනට තියන සියලුම දුරකථන සමාගම් තමා විවිධ සේවා අන්තර්ජාලය හරහ සක්‍රිය කරන්න දෙනව. මීට කලකට පෙර මේ සක්‍රීය කරන සේවා සකස් කලේ ඒ ඒ සේවා හදන සමාගම විසින්. නමුත් ඩයලොග් වගේ ආයතන පාරිභෝගිකය ආරක්ෂා කරන්න මෙම සක්‍රීය කිරීමේ සේවාවන් එම ආයතනයේ පාලනයට අරන් තියනව. මේවත් වෙබ් පිටු.

මෙම ජාතියෙ ඇප් වලින් කරන්නේ අපි අපගේ බ්රව්සරයෙන් අන්තර්ජාලයට යන විදිහට අදාල සක්‍රිය කිරීමේ පිටුවට ගිහින් සක්‍රිය කරන්න උත්සහයක් ගන්නව. නමුත් දුරකථන භාවිතා කරන අපිට මොනවත් පේන්නෙ නෑ. සමහර අවස්ථා වලදි වෙබ් පිටුවක් පේනව. හුගක අවස්ථා වලදි කිසිම සලකුනක් හොයාගගන්න අමාරුයි
හැබැයි ඩයලොග් ආයතනය මෙවැනි සක්‍රිය කිරීම් වලදි දුරථනයට පින් එකක් එවන එක, කැප්චා යෙදුමක් යොදන ක්‍රම වගේ දේවල් අනුගමනය කරනව. ඒ වගේ අවස්තා වලදි අදාල යෙදුමට ස්වයංක්‍රියව ඒ වැඩේ කරගන්න අමාරු වෙනව. ඒත් කරන්න බැරි නෑ. අපි ඇප් එක ස්ථාපනයෙදි දීල තියන අවසර අනුව සමහර ඇප් වලට sms පවා කියවිය හැකිය
මේ වගේ ඇප් එකක් ආවහම අපි දන්නෙ නැතිව කෙටිපණිවිඩ එනව, පින් එකක් එකක්, නැතිනම් සක්‍රිය උනා කියල කෙටිපණිවිඩ එනව. නැතිනම්  පොප්අප් එන එක.
ඔබ නොදැනුවත්ව මෙහෙම එනවනම් ඉතා ඉක්මනින් අදාල දුරකථන ජාලයට දැනුම් දෙන එකයි කල යුත්තෙ
ඔවුන් ඹබට උදවු කරයි අදාල ඇප් එක අයින් කරගන්න වගේ ඔබගේ ගිනුම, දුරකථනය සුරක්ෂිත කරගන්න. අනිත් ඒක තමා එසේ දැනුම් දීමෙන් මේ වගේ අපහසුතා අනිත් අයටත් වෙන එක නවත්වගන්න පුලුවන්.

ඒන්නෙ කොහොමද
ඉහත සඳහන් කලා වගේ මේ ඇප් ජාතිය එන්නෙ ෆයිල් එකක් විදිහට බාගත කරල කරන ස්තාපනයෙන්. සමහර වෙබ් අඩවි වලදි ස්වයංක්‍රියව මෙම ඇප් ජාතිය බාගත වෙනව. සමහරු චැට් වලින් මේව එවනව. බොරු අඩවි වලින්, බොරු දිනුම් අැදීම් වලින් ඒනව. ඒ වගේමයි අපි ක්‍රැරුක් කරපු ඇප් සොයද්දි මේ විදිහෙ බොරු ඇප් අපිට දෙනව
මේ වගේ ක්‍රම වලින් මේ ඇප් දුරනථනයට බාගත වෙනව

හදුන ගන්නෙ කොහොමද
එක ලේසිම ක්‍රමයක් තමා මේ ඇප් ස්ථාපනය කරද්දි දුරථනයෙ permission වර්ග ගොඩක් ඉල්නව. සාමාන්‍යයෙන් අපි ඇප් එකක් දාන අවස්තාවෙ මෙහෙයුම් පද්ධතියෙන් කියනව ඇප් එකට අවශ්‍යය අවසරයන්. ඇමතුම් ගන්න, කෙටිපණිවිඩ, අන්තර්ජාලය වගේ විවිධ සේවා. එහිදි ඔබ ස්ථාපනය කරන යෙදුමට අනවශ්‍යයයැයි හැගෙන අවසරයක් ඉල්ලා ඇත්නම් දෙවරක් සිතන්න
මෙම ජාතියේ ඇප් දුරනථනයේ ඇති සියලු අවසරයන් ඉල්ලා සිටිනු ඇත.
අනිත් එක තමා ඇප් එකේ නම හා අයිකනන් එක. ස්ථාපනවු පසු බොහෝ දුරට අයිකනයක් නැති අතර අයිකනය වෙනුවට අන්ඩ්‍රොයිඩ අයිකනය පෙන්වයි
ස්ථාපන වූපසු බොරුවට Installation Failed වැනි බොරු පණිවිඩයක් පෙන්වා ඔබව නොමග යවයි
මෙම යෙදුමෙන් ඔබට නොදන්වා තව බොහෝ යෙදුම් ස්වයංක්‍රියව ස්ථාපනය කරගනී
ජංගම දුරකථන සක්‍රිය කරන යෙදුමක් නම් බොහෝ විට ඔබ Mobile Data වලට මාරු වූපසු ස්වයංක්‍රියව කොටිපණිවිඩ හා පොප්අප් ලබාදේ
අන්ලොක් ස්ක්‍රින් ඇප් වල ඔබ හරියට ඇතුලත් කලත් පින් හෝ පැටර්න් එක වැරදි ලෙස පවසයි

 

විවිධ නම්වලින් බාගත වු අැප්

Screenshot_2017-11-14-15-01-34

සියලු අවසරයන් ඉල්ලයි

Screenshot_2017-11-11-12-26-19

සාමාන්‍යය යෙදුමකට වඩා ඉතා අඩු ඉඩ ප්‍රමාණයක් යොදාගනී

Screenshot_2017-11-11-12-26-23

දුරකථනයේ Admin අවසර ඉල්ලයි
(මෙය ලබාදී ඇති තෙක් ඇප් එක ඉවත්කිරීමට හෝ නැවැත්වීමට නොහැකිය)

Screenshot_2017-11-15-10-02-34

විවිධ පොප්අප්

Screenshot_2017-11-15-11-38-31

නවත්ත ගන්නෙ කොහොමද
යෙදුමක් යොදන විට, හැකි සෑම ඇවස්ථාවකදීම Google Play මගින් හෝ විශ්වාසනීය අඩවියකින් පමණක් ස්ථාපනය කරන්න
හැකි සෑම අවස්ථාවකදීම අදාල ඇප් එකේ අවසරයන් ගැන සැලකිලිමත් වන්න
නොදන්නා යෙදුම් ස්තාපනයෙන් වැලකී සිටින්න
හැකිනම් විශ්වාසනීය ජංගම දුරකථන වයිරස් අාරක්ෂණයක් භාවිතා කරන්න

Android Trojan application හදුනාගනිමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *