PSTN to VOIP

SLT සමාගම මීට දින කීපයකට කලින් නවතම ජංගම දුරකථන යෙදුමක් එලිදැක්වුව, ඒ අන්තර්ජාලය සහිත ස්තාවර දුරකථන සදහා වන SLT VOICE යෙදුමයි.
මෙමගින් අපි භාවිතාකරන Code less දුරකථනය හෝ අමතර දුරකථන වෙනුවට එක් SLT නම්බරයට ජංගම දුරකථන 4ක් දක්වා සමග, සහය දුරකථන වශයෙන් සකසාගත හැකිය

Capture
එහිදි නිවසේ දුරකථනයට එන සියලු ඇමතුම් මෙම ජංගම දුරකථන වෙත පැමිනෙන අතර, එම යෙදුම උපයෝගිකරගෙන නිවසේ අංකයෙන් ඇමතුම් ලබාගත හැකිය. මේ යෙදුම SLT නාමය යටතේ එන අතර, මෙම ලිපියෙන් එම යෙදුම නැතිව සාමාන්‍යය SIP දුරකථනයකට , තමන්ගේ නිවසේ හෝ කාර්යාල අංකය සකසාගන්නා ආකාරයත්, ඒ පිලිබදව විස්තරයකුත් ලියන්න පටන් ගත්ත

 

 

 

 

 

කොහොමද නිවසට දුරකථනය සම්බන්ධ වෙන්නෙ
සාමාන්‍යයෙන් මීට බොහෝ කාලයකට පෙර නිවසට එන ස්ථාවර දුරකථන සියල්ල තඹ වයරයක් මගින් PSTN තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කෙරුණ අතර, ADSL අන්තර්ජාල සේවාවත් මේ හරහා ලබාදෙනු ලැබුවා. මෙහිදි නිවසේ දුරකථනය කෙලින්ම දුරකථනයට සම්බන්ධ කරයි.
නමුත් නිවෙස් වලට Fiber සම්බන්ධතා හරහා අන්තර්ජාලය ලබාගන්නා අවස්ථාවලත් නිවසට සාමාන්‍යය PSTN දුරකථනයක් ලබාදෙනව. ඒත් SLT වෙත සම්බන්ධ වෙන්නෙ සාමාන්‍යය Fiber කේබලයක් පමණයි
මෙහිදි සිදුවන්නෙ රවුටරයතුල අපට අන්තර්ජාලය ලබාදෙන සම්බන්ධතාවයට අමතරව වෙනමම IP එකක් රවුටරයට ලබාගෙන එමගින් VOIP සර්වරයක් හරහා සම්බන්ධ වී එය රවුටරයෙන් PSTN වෙත පරිවර්තනය කිරීමයි
මෙහිදි රවුටරය තුල සාමාන්‍යය SIP ගිණුමක් සකස් කරන අතර, එමගින් SLT සර්වර සම්බන්ධ වේ. නමුත් මෙම ගිණුම භාවිතා කල හැක්කේ එම අපට එලියට නොපෙනෙන රවුටරයට ලබාදෙන IP පරාසයෙන් පමණි
පාරිභෝගිකයාට කිසිම වෙනසක් නැති අතර, ඔහුට සාමාන්‍යය PSTN දුරකථනයක් ආකාරයෙන් භාවිතා කල හැකිය

ඩයලොග්, SLT, ලංකාබෙල් 4G සමග දෙන ස්තාවර දුරකථන

4G රවුටර ලබාදෙන සේවා සපයන්නන් එම රවුටරයට දුරකථන අංකයක් ලබාදෙන ලෙස පැවසූපසු රවුටරයේ ඉහත ආකාරයටම SIP ගිණුමක් සකස්කිරීම සිදුකරන අතර ඉහත ආකාරයෙන්ම 4G හරහා සේවා සපයන්නා සමග සම්බන්ධ වේ
මෙහිදී මා අධ්‍යාපනය ලබන කාලයේ ඩයලොග් ආයතනයෙන් ලබාගත් රවුටරයකට වසර 4-5කට පෙර මෙවැනි දුරකථන අංකයක් ලබාගත් අතර, එහි රහස්පදය ඇතුලුව සියලු සැකසුම් රවුටරයට ලොග්වී ලබාගත හැකිය
එම සැකසුම් මා නිවසේ ඇති VOIP දුරකථනයක සැකසීමෙන් එම දුරකථන සම්බන්ධතාවය එම දුරකථනය වෙත ලබාගත හැකිවු අතර, සාමාන්‍යය දුරකතනය වෙනුවට සියලු පහසුකම් හා HD හඩ සහිත දුරකථනයක් නිවසේ භාවිතයට හැකිවිය. මෙමගින් ලබාගන්නා ඇමතුම් වල හඩේ පැහැදිලිබව බොහෝ දෙනෙක් නිරීක්ෂණය කර තිබුනි
තවද මෙම දුරකථනය සම්බන්ධ කිරීමේදී ඔබ රවුටරයට Public IP ලබාගෙන ඇතිනම් එම රවුටරයෙන්ම අන්තර්ජාලයට සම්බන්ධ කල යුතු අතර, සාමානඨය සම්බන්ධතාවය ලබාදෙන ආකාරයේ private IP එකක් ISP ගෙන් ලබාගන්නවානම්, එම සේවාසපයන්නාගේ ඔ්නෑම Private IP ඇති අන්තර්ජාල සම්බන්ධතාවයකින් සම්බන්ධවිය හැකිය

රවුටර වල නව firmware යාවත්කාලීනයන් සමග මෙවැනි ආකාරයට පාස්වර්ඩ් එක ලබාගැනීම අපහසු අතර, VoLTE සමග මාරුවීමට සැලසුම් කරන නිසා සියලු VOIPසේවා ඇති රවුටර VoLTE/VoWiFi සහය ඇති රවුටර සමග මාරුකරන බැවින් මෙ සේවාව ඉදිරියට ලබාගැනීමට අපහසු විය හැකිය.
නමුත් ලබාගෙන ඇති අයට මෙය දුරකථනයට හෝ ආයතන/නිවසේ ඇති Voip PABX වෙත ලේසියෙන් සම්බන්ධ කල හැකිය
මේ දුරකථන වලින් ඇමතුම් ලබාගැනීමේදී සාමාන්‍යය දුරකථනයකට වඩා වේගයෙන් ඇමතුම හා සම්බන්ධ විය හැකිය

තමන්ගේම VOIP ජාලයක්
SLT හෝ 4G සේවාවන් දුරකථන port සහිත රවුටර ලබ‍ාදෙන අවස්ථාවලදී, සේවාසපයන්නාගේ රවුටර වල ‍දුරකථන පහසුකම භාවිතා නොකරනවානම් හෝ, පෝට් දෙකක් ඇති රවුටරයකට එක දුරකථනයක් පමණක් සම්බන්ධ කරනවනම්, එම රවුටරය වෙනත් VOIP සේවා සපයන්නෙක් සමග සම්බන්ධ කල හැකිය
උදාහරණයක් ලෙස callcentric වැනි සේවාවක් සම්බන්ධ කිරීමෙන් USA දුරකථන අංකයක් නිවසට ලබාගත හැකි අතර, මිතුරන් හෝ නැදෑයින් මෙය සකසා ගැනීමෙන් කිසිම වියදමක් නැතිව එම පිරිස අතර ඇමතුම් ලබාගත හැකිය (වැඩිහිටියන් සිටින නිවෙස් වලට ජංගම දුරකථනයට වඩා සරල කරදර අඩු විසදුමකි)

නීත්‍යානුකූල තත්වය
ඉහත සදහන් කල ආකායට දේශීය සේවාසපයන්නන්ගෙන් හොරෙන් ඇයි අපිට මෙම ගිණුම් විස්තර ලබාගැනීමට සිදුවන්නෙ
ඇත්තටම සාමාන්‍යය දුරකථන සම්බන්ධතාවයකදී අපිට SIP ගිණුමක් ලබාදීමට සේවාසපයන්නන්ට නොහැකි වගේම නීතිමය වශයෙන් ඔවුන්ට සීමා ඇත. එම නිසා නීතිමය අවසරයකින් තොරව ඔවුන් අපට SIP ගිනුමක් ලබානොදේ. (නමුත් ආයතන වලට වෙනම ගෙවීමක් කර හෝ එම ගෙවීම් කපාහැර SIP TRUNK එකක් ලබාගත හැකිය). එය නිවෙස් වලට නොහැකිය
අනිත් දේ තමයි ලංකාවෙ නීති අනුව PSTN/GSM ඇමතුමක් VOIP හෝ අනිත් අත හැරවීමට නීතිමය අවසරයක් ලබාගත යුතුය. නැතිනම් මේ ආකාරයට SIP ආකාරයට තම දුරකථන අංකය පත්කිරීමෙන් වෙනත් රටක සිට වුවද එම අංකය භාවිතා කල හැකිවනවා සේම රජයට විශාල බදු ප්‍රමාණයක් නොලැබෑ යයි

එම නිසයි විවිධ නීති හා IP පරික්ෂාවන් මේ සියලු සේවාසපයන්නන් කරන්නෙ.

GSM/PSTN ඇමතුම් voip වෙත පරිවර්ථනය කල හැකි උපකරණ ඇතත්, ඒවා ලංකාවේ සොයාගැනීමට අපහසු මෙන්ම බොහෝමයක් නීති‍විරෝධිය. මිල අධිකය. නමුත් ඉහත විස්තර කල ක්‍රමය හා පහත විස්තර කරන ක්‍රම සියල්ල නොමිලේ සිදුකරගත හැකි ඇටවුම් වේ

දැන් බලමු මේ ලිපියේ ප්‍රධාන අරමුන වන SLT ආයතනය ලබාදෙන ඇප් එක

අන්ඩ්‍රොයිඩ්  https://play.google.com/store/apps/details?id=com.slt.voice (ඇපල් දුරකථන වලටත් සංස්කරනයක් ඇත https://itunes.apple.com/lk/app/sltvoice/id1447301979?mt=8)
මේ ඇප් එක SLT VOICE ලෙස සකසා ඇති හොද නිමයුමකි. මෙයට අපගේ ඇති SLT දුරකථන අංක කීපයක් වුවත් සකස්කරගත හැකි අතර එක SLT දුරකථනයකට ජංගම දුරකථන 4ක් දක්වා සහය ලබාදේ

සමාගම මෙය Cordless Phone විසදුමක් ලෙස වෙලදපොලට නොමිලේ ලබාදෙන විසදුමකි. මෙහි ඇති එකම සීමාව නම් අපි SLT සමාගමේ අන්තර්ජාල සම්බන්ධතාවයක් හරහා දුරකථනය අන්තර්ජාලය හා සම්බන්ධවී තිබිය යුතුවීමයි. එනම් SLT WIFI එකක් භාවිතා කලයුතු වීමයි. එමගින් ඔවුන් නීතියෙන් ඇති ගැටලුවටත් විසදුමක් ලෙස මෙම IP සීමාකිරීම භාවිතාකරවා වියහැකිය
(දැනට SLT සමාගම ඔවුන් ලබාදුන් සියලු රවුටර වල පොදු WiFi ජාලයක් සකස්කරමින් යන අතර එමගින් අප නිවසේ SLT ගිණුම භාවිතා කර අන්තර්ජාලයට පිවිසිය හැකිය)

මේ යෙදුම session talk සමාගමේ යෙදුම සුපුරුදු පරිදි ප්‍රතිසන්නාම (Rebrand/Whitelabel) කර නිකුත්කර ඇත. එහිදි ඇප් එකෙහි සැකසුම් සීමාකර SLT සමග පමණක් භාවිතා කලහැකි ආකාරයෙන් නිකුත්කර ඇත

අදාල සමාගම
https://sessiontalk.co.uk/whitelabel-sip-branded-mobile-dialer-softphone/
ඇප් එක
https://play.google.com/store/apps/details?id=co.froute.session_chat&hl=en

ඇත්තටම එවැනි ප්‍රසිද්ධ ඇප් එකක් ලබාගැනීම මගින් SLT සමාගමට හොද ඇප් එකක් පාරිභෝගිකයාට ලබාදිය හැකි අතර ඉදිරි කටයුතු වලදීත්, නව තාක්ෂණය සමග ඉදිරියට යාමත් පහසු කරවයි

ඇප් එකට ගිනුමක් සකස්කරගනිමු

මුලින්ම slt.lk/voice වෙත පිවිස ඔබගේ Web portal ගිණුමෙන් ඇතුලුවන්න. නැතිනම් දුරකථන අංකයට ගිණුමක් සකසාගන්න (HTTPS වැඩ නොකරයි)

 

SLT Voice portal

 

ඉන්පසු එයට ඔබ භාවිතා කරන දුරකථනයේ අංකය ඇතුලත් කර කෙටිපණිවිඩයක් මාර්ගයෙන් එම දුරකතනයේ යෙදුමට අදාල රහස්පදය ලබාගත හැකිය

 

Phone list

ඔබගේ පරිෂීලක නාමය හා Authentication Username එක වෙබ් අඩවියෙන් ලබාගත හැකිය
එහිදි Username එක අන්තර්ජාතික ආකාරය ලියන ලද SLT දුරකථන අංකය වේ. උදා : +94372222222
Authentication Username යනු දුරකථන අංකය අන්තර්ජාතික ආකාරයටල ලියා අවසානයට @sltims.lk ලෙස එක් කිරීමයි. උදා : [email protected]

Individual config

මේ සැකසුම් දෙක හා කෙටිපණිවිඩ මගින් ලබාදුන් රහස්පදය උපයෝගිකරගෙන ජංගම දුරකථන යෙදුම භාවිතාකල හැකිය

හරි දැන් බලමු මේ සැකසුම් වෙනත් යෙදුමකට හෝ VOIP දුරකථනයකට සකස්කරගන්නා ආකාරය

ඉහත සැකසුම් SLT සමාගම ඔවුන්ගේ ආකාරයට වෙනස්කල නාමයන් යටතේ ලබාගත් සැකසුම් වේ. එමෙන්ම කොයිම වෙලාවකවත් ඔව්න් SIP Server ලිපිනය ලබානොදෙන අතර එය ඇප් එකෙහි අන්තර්ගතව ඇත

සැකසුම් පහත ආකාරයට වේ

Register Name : Authentication Username
User Name : User Name
Server Host : sltims.lk
Outbound Proxy Server : 222.165.185.144

උදා

Register Name : [email protected]
User Name : +94372222222
Server Host : sltims.lk
Outbound Proxy Server : 222.165.185.144

මී‍‍ට අමතරව විවිධ සුලු සැකසුම් කීපයක් පහත දැක්වේ

Transport : UDP
DTMFMode : RFC2833
SipTraversal : RFC2833
Server Expires : 60
Codec : PCMU , G722

මේ ආකාරයට සකසාගත් දුරකථනයක සැකසුම් පහත වේ

IP Phone Configuration

 

 

මීට වඩා සැකසුම් තව සුලුවශයෙන් වෙනස්කිරීමට තිබිය හැකිය. එවැනි දේවල් හමුවුවහොත් දැනුම් දෙන්න අපිටත්

මා මේසඳහා යොදාගත්තේ රෑපයේ ආකාරයේ Yealink දුරකථනයක්

yealink

Hom

Replace traditional Land Phone and Use VOIP SIP phone as SLT phone

Leave a Reply

Your email address will not be published. Required fields are marked *