Call recording

දැන් ටික දවසක ඉදන් එලියට එන රංජන් රාමනායක මන්‍ත්‍රි තුමාගෙ දුරකතන සංවාද හඬ පට නිසා කවුරුත් බය වෙලා ඇති, තව කවුරු කවුරු මෙහෙම පටිගත කරන ඇත්ද කියල.

ජංගම දුරකථන දැනට බහුලව භාවිතා වන වර්ග දෙකක් තියනව. ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් යන පද්ධතිය දුවන දුරකථන. දැනට කථා කරන්න දෙයක් නැ ඇපල් දුරකථන වල ඇමතුම් පටිගත කරන්න දෙන්නෙ නැ. ඒකියන්නෙ ඔයා ඇපල් දුරකථනයක් තියන කෙනෙක්ට ඇමතුමක් ගන්නවනම් බයවෙන්න දෙයක් නැ. එයාට ඇමතුම පටිගත කරන්න ක්‍රමයක් නැ.

දැන් ගමු Android දුරකථන, මෙහි Android 9 ‍පද්ධතියට කලින් ආව සංස්කරන වල කිසිම ගැටලුවක් නැතිව Call Recording ඇප් එකක් භාවිතා කරල ඇමතුම් පටිගත කරගන්න පුලුවන්. ඒවගේමයි ඒ ගැන ඇප් එක විවෘත කරන තුරු කිසිම දෙයක් නොපෙන්වා පටිගත වෙන ආකාරයට සැකසුම් සකසන්න පුලුවන්

ඒත් මේ පහසුකම නැතිවෙනව Android 9 සංක්කරණයත් එක්ක. එයාල තුන්වන පාර්ශවීය මෘදුකාංගයකට ඇමතුම් හඩ ලබාගන්න දෙන්නෙ නැති කරනව. මොන ඇප් එක දැම්මත් ඇමතුමේ කාලය තුල කිසිම ශබ්ධයක් ඇහෙන්නෙ නැ. ඒ වෙනුවට Google සමාගම Operating System එකට මෙම පහසුකම ඇතුලත් කරනව
එමගින් වෙනම ඇප් එකක් නැතිව, ඇමතුම් තිරයෙන්ම පටිගත කරන්න, ස්වයංක්‍රිය ආරම්භවු පටිගත කිරීමක් නවත්වන්න වගේ දේවල් කරන්න පුලුවන්.
නමුත් මෙම පහසුකම පෙරනිසියෙන් අක්‍රිය කරලයි එන්නෙ. ඒකට හේතුව විවිධ රටවල නීති රාමු. ඔවුන්ගෙ අදහස අප භාවිතා කරන ‍ජාලය අනුව මෙම පහසුක සක්‍රිය අක්‍රිය කිරීමට. නමුත් අපිට අවශ්‍යයනම් Android Developer Bridge භාවිතා කර මෙය සක්‍රිය කරගැනීමට හැකිය (දුරකථනය ප්‍රථිපනගැන්වීමේදී මෙම සැකසුම නැතිවේ)

ඒ වගේම Android දුරකථන වලට දුරකථන නිශ්පාදයක මෙම පහසුකම පෙරනිමියෙන් යොදා එවන අවස්තා නැතිවාම නෙවේ. තවද තම දුරකථනය Root කර ඇත්නම් Call Recording යෙදුමක් කිසිම ගැටලුවක් නැතිව භාවිතා කල හැකිය

මේ විදිහට දුරකථනයේ ඇප් එකකින් පටිගත කරනව කියන්නෙ ලේසි ක්‍රමයයි, ඇපල් Android හෝ Feature දුරකථනයක Speaker දාල හරි Headphone එක වැනි පිටතින් සවිකරන පටිගත කරන උපාංගයකින් කිසිම ගැටලුවක් නැතිව පටිගත කිරීමේ හැකියාව තියනව. ඒත් එයන එන ගමන්,පහසුවෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.  කලාතුරකින් Recording පහසුකම ඇති Bluetooth Headset හොයාගතහොත් ටිකක් ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන්

‍හරි ‍මේ විදිහට පටිගත කරන දෙයක් දුරකථනයේ හෝ අදාල උපාංගයේ Digital File එකක් විදිහට තැන්පත් වෙනව. මේ ගොනු එකතුවීමෙන් දුරකථනයේ ඉඩ පිලිබද ගැටලු එන නිසා වන්ශොට් වගේ මේව දුරකථනයෙන් පිටත ගන්න සිදුවෙනව. මේවගේ දෙයකට සුදුසුම අන්තර්ජාලයේ ඇති Google/Dropbox/iCloud වැනි අවකාශයක තැන්පත් කිරීමයි. නැතිනම් සැරෙන් ‍සැරේ මේ ගොන පරිගණකයට ඇන් තැටි හෝ අතේ ගෙනයන දෘඩ තැටියක තැන්පත් කිරීමේන් වෙනත් අය අතට පත්වීමේ අවදානමක් තියනව වගේම විනාශ වීමේ අවදානමකුත් තියනව
දැන් මේව Cloud එකට දාපු නිසාම ආරක්ෂිත වෙන්නෙ නැ. ඔබගේ Cloud ගිණුම හොද රහස්පදයක් වගේම, අඩුම තරම Two Factor Authentication මගින්වත් ආරක්ෂා කර තබාගන්න . ඒ වගේම නිතර භාවිතා නොවන ගිනුමක්නම් රහස් පදය අමතක වෙයි වගේනම්, ජංගම දුරකථන අංකය ඇතුලත්කර Recovery Option එකක් තබාගන්න

පුද්ගලික විශේෂ හේතුවක් හෝ කාර්යාලීය විශේෂ ‍හේතුවක් නැතිව මෙවැනි පටිගත කිරීමක් කිරීම හා තව කෙනෙක්ගේ පුද්ගලිකත්වය අවදානමට යෙදීම ගැන තව පාරක් හිතන්න වෙනව.

ඒ වගේමයි සාමාන්‍ය ජංගම දුරකථන සම්බන්ධතාවල හෝ ආයතන මගින් ලබාගත් සම්බන්ධතාවල ජාලය මගින් දුරකථන සංවාද පටිගත කර ලබාගැනීමේ පහසුකම් නෑ.  අපට ‍හෝ ආයතනයට ලබාගත හැක්කෝ විස්තර සහිත බිලක් පමණි

නමුත් ඔබ ආයතනය, ඔබගේ සම්බන්ධතාවය වෙනම VOIP සම්බන්ධතාවයක් සමග ලබාගෙන ඇතනම්, එම VOIP සර්වරය හරහා ඇමතුම් වල බොහෝ පාලන කටයුතු කල හැකිය
ඒ වගේම රෙකෝඩින් පහසුකම දෙන නම්බරයක් (VoiceMail වැනි) ඇමතුමට Conference විදිහට ඇතුලත්කරද මෙය කල හැකිය. ඇපල් දුරකථන වල ප්‍රසිද්ධම ක්‍රමය මෙයයි. ඇප් වලින් රෙකෝඩින් පහසුකම ලබාදෙන්නෙ මේ ක්‍රමය හරහායි. නැතිව ඇපල් ජංගම දුරකථන පද්ධතියේ පෙරනිමියෙන් පටිගතකිරීමේ පහසුකම අඩංගු නොවේ. ඒ නිසි ඇපල් දුරකථනයක් තියන කෙනෙක්ට ඇමතුමක් ගන්නවනම් බය නැතිව ගන්න

* නීති කටයුතු වලට උසාවි නියෝග හා ආරක්ෂක කටයුතු වලදී ජාල මගින් තෝරාගත් දුරකථන සංවාද පටිගත කිරීම හා සුලුකාලයකට පටිගත වු ඒව ඇත්නම් ඒ අංශ වලට පමණක් ලබාදීම සිදුකරයි

මේ ඇමතුම් පටිගත කිරීම සාමාන්‍යය ඇමතුම් වගේම Whatsapp වැනි ඇමතුම් වලටත් පොදුය. බොහෝ දුරකතන මෙය ඉවත්කර ඇත්තෙ ඇමතුම් වල පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමටය,
සමහර රටවල අනිත් පාර්ශවය ඇමතුම පටිගත කරනවනම්, ඇමතුම අතර තුර බීප් හඩක් නිකුත්විය යුතු බවට නීති රීති තිබේ. පුරුද්දක් විදිහට ඇමතුම පටිගත කරනවනම් අනිත් පාර්ශවයට ඒ බව දන්වන්න

Call Recording and Privacy on Smart Phones

Leave a Reply

Your email address will not be published. Required fields are marked *