මුලින්ම ගූගල් මැප් එකේ ලංකාවෙ සැටලයිට් රූප විතරයි තිබ්බෙ. දැන් ටික කලකට පෙර ලංකාවෙ ප්‍රධාන මාර්ග හා ප්‍රධාන නගර වල සිතියම් ගූගල් මැප් එකේ හදාගෙන යන බවක් දැක්ක. ඒත් මේ සිතියම් තිබ්බට අපට අවශ්‍යය මාර්ගය සොයගන්න. එනම් අපිට කුරුණෑගල සිට නුවර යම් ස්ථානයකට මාර්ගය දැනගන්න අවශ්‍යයයැයි කියමු. ඒ ‍සේවාව මෙතෙක් කල් ලංකාව තුල තිබ්බෙ නෑ. ලංකාවෙ අපිට ලංකාවෙ සිතියම් විතරයි බලන්න පුලුවන්. ඒත් දැන් අපිට අවශ්‍යය ස්ථාන දෙක දුන්නහම අදාල මාර්ගය, දුර, දල වශයෙන් වෙලාව, හා හැරෙන්න ඕනෙ යන්න ඕනෙ පාරවල් ගූගල් මැප් එකේ දෙනව. මම හිතන්නෙ මේක දවස් කීපයකට පෙර ඉදන් තියෙන්න ඇති.
ජංගම දුරනථනයෙ Google Map තියනවනම් හදිස්සියට කටිටියගෙන් අහන්න ඕනෙ නෑ, ඒවගේම GPS තියන දුරකථන වලින් වැඩ ගන්න ලේසි වෙයි. හැබැයි තාම Street View කියන සේවාවනම් නෑ. ඒකත් ලගදිම එයි.
මට මේක අද කණාවට හමුඋනේ. කාලිංග අයිය 13 වෙනිද තියන වැඩමුලුව තියන තැන මැප් එක දාල තිබ්බ. ඒකෙ රේණුකා හෝටලයෙ විස්තරය බලද්දි කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ඉදන් මීටර් 800 ක් දුරින් කියල තියනව. එ‍තකොට තමා ‍මේක කරල බලන්න හිතුනෙ.
මේකෙන් කුරුණෑගල ඉදන් උනත් ගන්න පුලුවන් මාර්ග විස්ත‍රය. මම හිතන විදිහට තාම දෙන්නෙ සාමාන්‍යය මාර්ග විස්තරය විතරයි. දුම්රිය මගින් පෙන්වන්නෙ නෑ. බොහෝ දුරට නිවැරදිව විස්තර ‍තියනව. ඕනෙ උනොත් හොයල බලන්න.

මේ ලින්ක් එක මම බලපු විස්තරය
http://maps.google.com/maps?f=q&source=s_q&hl=en&geocode=&q=Renuka+City+hotel,+colombo&sll=37.0625,-95.677068&sspn=54.928982,79.013672&ie=UTF8&hq=Renuka+City+hotel,&hnear=Colombo,+Sri+Lanka&z=14&iwloc=A&cid=13074399835183943025

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl