දැන් හුගක් අය ඩයලොග් මොබයිල් අන්තරජාලෙ හොද නෑ කියල දොස්කියනව. ඒ වගේමයි මොබිටෙල් එකට ගුණ කියනව. ඒත් ලර්න්ඒශියා අඩවියෙ කට්ටිය කරපු වේග හා අනෙකුත් ගුණාංග පරික්ෂාවේදී එයාට මීට වෙනස් දෙයක් දැකගන්න ලැ‍බිල ති‍යනව. ඒ හැමෝම කියන එකට ව‍ඩා වෙනස් දෙයක් දැකගන්න හම්බෙලා තියනව. හැබැයි මෙයාල මේ පරික්ෂන කලේ කොලඹ. ඒ වගේමයි දෝසෙ දාන අය හුගක් ඉන්නෙ කොලඹ. ඒ කියන ඩයලොග් සබදතාවල අනෙක්වට වඩා වැඩි විශේෂත්වයක් තිබිල තියනව.

ඒවගේමයි පරික්ෂා කරල තියෙන්නෙ මොබිටෙල් Zoom 890 හා ඩයලොග් රු 2990/- ට ලබාදෙන අසීමිත සබදතාවයේ හා ඩයලොග් මගින් මාසික රු 1000/- ට ලබාදෙන සීමිත පරිභෝජනය තියන (මොබිටෙල් වගේ ) පැකේජයකයි.

එහිදී ඩයලොග් සබදතා අනෙක් සබදතාවලට වඩා වේගයෙන් ඉදිරියෙන් ඉදල ති‍යනව. ඒ වගේම තමා ඩයලොග් එකෙත් අසීමිත භාවිතය තියන පැකේජයට වඩා සීමිත පරිභෝජනය තියන පැකේජය වැඩි වේගයක් පෙන්නුම් කලා.මොබිටෙල් හිටියෙ මේ දෙකටම පහලින්. හැබැයි මේ හැම සබදතාවයකම ප්‍රකාශිත වේගය 1mbps වෙනව.

Sri Lanka ISP Download speed test
මේ ඉහලික් තියෙන්නෙ එම සේවා සපයන්නාගේ සර්වරයේ සි‍ට හා යාහූ වෙතින් බාගත කිරීමේදී ලැබෙන වේගයයි.

එහිදී සේවාදායක‍යාගේ සර්වරයකින් ගොනුවක් බාගත කිරී‍මේදී හොන්ද වේගයක් ඩයලොග් හි සබදතා දෙකටම ලැබෙනව. මොබිටෙල් දෙකටම වඩා පහලින්. ඒ වගේමයි අන්තර්ජාතික සර්වරයකින් ඒ කියන්නෙ යාහූවගේ සේවාදායකයකින් බාගත කිරීමේදී ඩයලොග් හි සීමිත භාවිත පැකේජය පමණයි ඉදිරියෙන් ඉන්නෙ. සීමිත භාවිත පැකේජය මොබිටෙල්ට වඩා පහලින්.මොබිටෙල් ඩයලොග් හි සබදතා දෙක මැද. මම හිතන්නෙ බනින හුගක් අය බයින්නෙ අසීමිත භාවිතයෙ මේ කියන ගැටලුව නිසා වෙන්න ඹ්නි. ඒත් මොබිටෙල් සීමිත භාවිත පැකේජයක් මේ වගේ ඩයලොග් හි සීමිත භාවිත පැකේජයක‍‍ට සංසන්දනව කලානම් මොකද?මොබිටෙල් සමාගම අසීමිත භාවිත පැකේජ නොදෙන්නෙ මේ හේතුව නිසා වෙන්න ඇති. මොකද එයාලගෙත් මේ වගේ එකක්කො වේගය බැස්මක් සිදුවෙයි කියල වෙන්න ඇති. ‍දැන් ටෙලිකොම් සමාගම උනත් 1600/- ට දෙන්නෙ 512 වේගයක් තියන එකක්නෙ.

හැබැයි පින්ග යැවීමේදීත් මොබිටෙල් ඩයලොග්ට වඩා වැඩි. ‍

Broadband test in Sri Lanka, Ping

නමුත් Packet Loss හා Jitter when Ping යන ගුනාංග වලින් මොබිටෙල් ඉදිරියෙන් ඉන්නව.

මේ පරික්ෂණ කරල තියෙන්නෙ කොලඹ ආසන්නයෙ. AT-Tester (www.broadbandasia.info) කියන ටූලය භාවිතයෙන්. ඒ වගේමයි පිට පලාත්වල ‍මේ සමාන අගයන් නොඑන්න පුලුවන්.

සම්පූර්ණ විස්තරය

True quality about mobile Brodband in Sri Lanka
Tagged on:     

23 thoughts on “True quality about mobile Brodband in Sri Lanka

  • March 11, 2009 at 4:05 am
    Permalink

    ලර්න් එෂියා මෙහෙයවන මහාචාර්ය රොහාන් සමරජීවගෙ පුතා තමයි ඉන්ඩි හෙවත් ඉන්දරඡිත් සමරජීව. ඔහු තමා dialogblogs.com කරන්නෙ. මේ broadband ප්රතිපලය සහ ඒ අතර සහසම්බන්ධයක් පේන්නේ නැද්ද. Attesster ගැන මගේ නම් වැඬි විස්වාශයක් නෑ.

    Reply
  • March 11, 2009 at 8:42 am
    Permalink

    මේ ටෙස්ට් එක ක්‍රියාත්මක කළේ මම (ATTester පාවිච්චි කරමින්) ඉන්ඩි මේකට සම්බන්ධයක් නැහැ.

    මම පාවිච්චි කරන්නෙත් මොබිටෙල් සම්බන්ධතාවයක්. මහනුවරදී නම් මොබිටෙල් එකෙන් මීට වඩා වේගයක් එනවා. ඒත් කොළඹදි කරපු එකේ ප්‍රතිඵලය ආවෙ මෙහෙම තමයි.

    Reply
  • March 11, 2009 at 9:51 am
    Permalink

    පරීක්ෂණයක ප්‍රතිඵල එළිදක්වන හැමවිටකම පාහේ ඒවා අභියෝගයට ලක්වීමත්, ඊට අදාළ හා අනදාළ කරුණු මත චෝදනා ඇතිවීමත් සාමාන්‍ය තත්ත්වයන්. ගැලිලියෝ පෘථිවිය සූර්යයා වටේ යතැයි කියූ අවස්ථාවේදීත් එය සැකකළවුන් සිටියා.

    මීට ඇති එකම පිළිතුර මේ පරීක්ෂණ නැවත කිරීම තුළින් ලබාගත් දත්ත තහවුරු කිරීම හෝ නිෂෙධ කිරීම පමණයි. එවැන්නක් කිරීමට කැමති ඕනෑම කෙනෙකුට ඒ සඳහා පහසුකම් සපයා දීමට ලර්න්-ඒශියා සූදානම්. AT-Tester වලින් අකැමැතිනම් Speedtest හෝ වෙනත් ඕනෑම ටූල් එකකින් ටෙස්ට් කරමු. ඊට කැමති කෙනෙක් වෙතොත් [email protected] ලිපිනයට දන්වන්න.

    කළ යුතු දේ නොකර පුද්ගලික මඩ ගසා ගැනීම් වලින් ඵලක් වෙතැයි මා සිතන්නේ නැහැ.

    Reply
  • March 11, 2009 at 10:21 am
    Permalink

    ඒක ඇත්ත. අනික මේ ‍ටූල් එකේ වැරදි තියනවනම් ඒක මොබිටෙල් හා ඩයලොග් යන දෙකටම එක සේ බලපානව. එකකට වැඩි වේගයකුත් අනිකට වැරදි වේගයකුත් එන්නෙ නෑනෙ.
    ඒ වගේමයි හැමෝම මොබිටෙල්ලගෙ හොදයි, ඩයලොග්ලගෙ අප්සට් කියද්දි වගකිවයුතු ආයතනයක් විදිහට නිකම්ම බලන්න ඉන්නෙ නෑනෙ. එයාලත් මොනව හරි කරන්න ඇති. හැමදාම එකම ප්‍රතිපලය බලාපොරොත්තු වෙන්න බෑනෙ. ඒ ඒ ආයතන තමන්ගෙ පාරිභෝගිකයන්ට හොද සේවාවක් දෙන්නයි බලන්නෙ.
    අනික මොනව කීවත් හැමෝටම 3G නෑනෙ. හුගක් අයට 2G. මේ වෙනකම් 2G අතින් හොන්ද සේවාවක් තිබ්බෙ ඩයලොග්වල. මොබිටෙල් ටවර් එකක් ගාව හිටියත් ඒ තරම් වේගයක් ගන්න බෑ

    Reply
  • March 11, 2009 at 11:00 am
    Permalink

    මම මොබිටෙල් වැඩිය HSPA පාවිච්චි කරලා නෑ. ඒ නිසා මොබිටෙල් ගැන වැඩිය කතා කරන්න යන්නේ නෑ. මම ඩයලොග් HSPA සම්බන්ධයෙන් මගේ පුද්ගලික අත්දැකීම් මගේ බ්ලොග් එකේ ලිව්වා. මේ සටහනේ මාතෘකාව “True quality about mobile Brodband in Sri Lanka ” උනාට වේගය ගැන හැරුනාම වෙනත් දෙයක් ගැන කතා කරලා නෑ මගේ බ්ලොග් සටහන් වල Dialog HSPA quality එක ගැන මේවා සවිස්තරව කතාකල නිසා ආයෙත් මෙතැන කියන්න යන්නේ නෑ.කලින් වතාවේ මම මේ සටහන කියවන‍කොට packet loss ගැන ලියල තියෙනවා දැක්කත් දැන් ඒවත් අතුරුදහන් වෙලා. 😀 . දැන් මේ මොහොතේ මම ඉන්නේ ජ’පුර කැම්පස් එක ගාව මෙන්න වේගය.
    http://www.speedtest.net/result/427460452.png

    Reply
  • March 11, 2009 at 11:04 am
    Permalink

    සමාවෙන්න මොකක් වැරදීමක් වෙලා උඩින් තියෙන comment එකේ අපැහැදිලි තැන් මෙතැන පැහැදිලි කලා.
    මම මොබිටෙල් වැඩිය HSPA පාවිච්චි කරලා නෑ. ඒ නිසා මොබිටෙල් ගැන වැඩිය කතා කරන්න යන්නේ නෑ. මම ඩයලොග් HSPA සම්බන්ධයෙන් මගේ පුද්ගලික අත්දැකීම් මගේ බ්ලොග් එකේ ලිව්වා. මේ සටහනේ මාතෘකාව “True quality about mobile Brodband in Sri Lanka ” උනාට වේගය ගැන හැරුනාම වෙනත් දෙයක් ගැන කතා කරලා නෑ මගේ බ්ලොග් සටහන් වල Dialog HSPA quality එක ගැන මේවා සවිස්තරව කතාකල නිසා ආයෙත් මෙතැන කියන්න යන්නේ නෑ.කලින් වතාවේ මම මේ සටහන කියවන‍කොට packet loss ගැන ලියල තියෙනවා දැක්කත් දැන් ඒවත් අතුරුදහන් වෙලා. 😀 . දැන් මේ මොහොතේ මම ඉන්නේ ජ’පුර කැම්පස් එක ගාව මෙන්න වේගය.
    http://www.speedtest.net/result/427460452.png

    Reply
  • March 11, 2009 at 11:08 am
    Permalink

    මම ආයේ දැම්මට පස්සෙ ‍පොස්ට එක වෙනස් කලේ නෑ. ඒ වෙන ලිපියක වෙන්න ඇති. මෙහි මූලික සබදතාවයේ මූලික ගුනාංග ප්‍රස්ථාර සහිතව ඇති නිසා වැඩිය කථා කලේ නෑ

    Reply
  • March 11, 2009 at 11:13 am
    Permalink

    @මාලින්ද

    Tool එක වැරදියි කියන හේතු මම චානුකට කලින් කිව්වා, ඒක ඉන්දියේවේ ඕක හදපු අයද පිලිගන්නවා, තාම download යන්නේ Dialog server වලින් විතරයි, ඉතින් ඩයලොක් ඇතුලත වේගය වැඩියි. 😀

    Reply
  • March 11, 2009 at 11:15 am
    Permalink

    තව එකක්, yahoo වලින් කොහොම්ද download test කරේ ?? ඒක තිය්නේ cpan එකේ ෆයික් එකක් නේ ? 😀

    Reply
  • March 11, 2009 at 11:21 am
    Permalink

    හරි ඒක වෙන්න පුලුවන්. ඔයාග් 3.6 පැකේජයක්, මේව ටෙස්ට් කලේ 1mbps ඒවගේ.

    Reply
  • March 11, 2009 at 11:29 am
    Permalink

    @මාලින්ද

    Dialog 1MBPS කියනේ 7.2mbps දෙන්න බැරි උන නිසා, නමුත් Limitation දාලා නෑ, ඒකයි 1mbps පනින්නේ. ඉතින් mobitel 1mbps එකක් එක්ක බලපු එක වැරදියි දත්ත සැපයීමක්. මොකද mobitel එක 1mbps limit කරල තියන නිසා.

    හරියට නොදැන කරපු ටෙස්ට් එකක්, අනික Mobile Bordband test කරන්න බෑ එක තැනක ඉදන්, location 5-6 වත් data ගන්න ඕනේ. මොකද tower to tower වෙනස් වෙන නිසා.

    අනික ඔය yahoo එකෙන් test කරා කියන එක වැරදියි, AT-Test එකේ test file එකක් yahoo එකේ නෑ.

    Reply
  • March 11, 2009 at 11:45 am
    Permalink

    තවත් එකක්, own ISP test කරන්නේ කොහොමද ? mobitel එකේ test file එකකුත් නෑ AT-Tester එකක්ට.

    Reply
  • March 11, 2009 at 12:40 pm
    Permalink

    Mobitel is the Best

    Reply
  • March 11, 2009 at 1:34 pm
    Permalink

    කාලිංග සර්වර් තෝරාගැනීම සඳහා යෝජනා මුදුකාංගයට ඇතුළත් කිරීමන් පසුවයි මෙවර ටෙස්ට් සිදු කෙරුණේ. එනිසා එයින් බලපෑමක් ඇතිවුනායි මා සිතන්නේ නෑ. කොහොම වෙතත් වඩා වැදගත් වෙන්නේ ISPට ඇති වේගය නොව යාහු හෝ වෙනත් අන්තර්ජාතික සර්වර් එකකට ඇති වේගයයි.

    වේගයන් සීමා කිරීම මෙතැන්ට අදාළ නෑ, මන්ද අපට වැදගත් එකම නිර්ණායකය කරන ISP advertise කරන වේගය පමණයි. සත්‍ය ලෙස ලැබෙන වේගය සන්සන්දනය කරන්නේ එම වේගය සමඟ. 2008 ඔක්තෝබර් මාසයේදී කළ ටෙස්ට් ප්‍රතිඵල බැලුවා නම් පැහැදිළි වෙයි, ඩයලොග් වේගයන් කොයි තරම් අඩුද කියා ඔවුන්ගේ advertise කළ වේගයන්ට සාපේක්ෂව. (එහිදී අපට සැලකීමට වූයේ මෝඩෙම් එකේ වේගය වු 3.6 mpbs මන්ද 7.2 mpbs මොඩෙම් එකක් පවා ලබා දීමට ඩයලොග් අසමත් වූ නිසා.)

    Mobile Broadband ටෙස්ට් කිරීම සඳහා තවමත් කිසිම තැනක පිළිගත් ක්‍රමවේදයක් නැහැ. 100% ක් නිවැරදිව කරනවා නම් ස්ථාන කිහිපයක සිට පමණක් නොවේ, ගමන් කරන වාහනයක සිට පවා එය සිදුකළ යුතුයි. මන්ද එක කුළුණක සිට තව කුළුණකට මාරු වීමේදී පවා වේගයේ වෙනසක් ඇති විය හැකි හෙයින්. නමුත් මෙය කිරීමේදී ප්‍රායෝගික බාධා තිබෙනවා. ඒ සඳහා ක්‍රමවේදයක් ගොඩ නැඟෙමින් පවතින අතර මැයි මාසයේදී පමණ මීට වඩා හොඳ පිළිතුරක් දීමට හැකිවේවි.

    අප කළ බොහෝ දේවල ප්‍රතිඵල මේවනවිට දකින්නට තිබෙනවා. මොබිටෙල් 14.4 mpbs advertise කිරීම නවතා ඇති අතර, ඩයලොග් 7.2 mbps වෙනුවට වඩා ප්‍රායෝගික 1mpbs advertise කරමින් සිටිනවා. ඒ එක්කම ඩයලොග් හා මොබිටෙල් පැකේජ දෙකකම වේගයන් 2008 ඔක්තෝබරයට සාපේක්ෂව වැඩි වී තිබෙනවා.

    අපේ අවසාන අරමුණ අන්තිම දශමයට වේගයන් නීර්ණය කිරීම නොව broadband quality පිළිබඳව අවබෝධයක් පරිශීලකයාට ලබා දීම තුළින් වඩා හොඳ සේවයක් ලබාදීම ISP ට බල කිරීම. මේ වෙනස එක රැයින් සිදුවෙතැයි අපේ බලාපොරොත්තුවක් නැහැ. යටිතල පහසුකම් ගොඩ නැඟීමට කාලයක් ගතවෙනවා, විශේෂයෙන්ම ආර්ථික අර්බූදයක් ඇති කාල සීමාවක. මා මීට පෙර මේ ගැන ඇතිවූ සංවාද (කාලිංගගේ හා පහන්ගේ බ්ලොග්වල ) ඩයලොග් හා මොබිටෙල් අවධානයට යොමු කොට තිබෙනවා. ඊට යහපත් ප්‍රතිචාරත් ලැබී තිබෙනවා. මේ සටහන්ද අනිවාර්යයෙන්ම ඔවුන්ගේ අවධානයට යොමු වනු ඇති.

    හැම විටම ඍණාත්මකව සිතීම අවශ්‍ය නෑ. ධනාත්මක වෙනස්වීම් දැනටමත් සිදුවෙමින් පවතිනවා. තව ටිකක් කල් දී බලන්න.

    Reply
  • March 11, 2009 at 1:45 pm
    Permalink

    කාලිංග, තව එකක්. ඔබේ මොබිටෙල් පැකේජය 3.6 mbps විය හැකියි. මෙහිදී ටෙස්ට් කර ඇත්තේ 1 mbps වේගයකට advertise කර ඇති පැකේජ තුනක්.

    ඩයලොග් කළ වේගය වෙනස් කිරීම ගැන අප වෙනම කතා කළා / කතා කරමින් සිටිනවා. http://lirneasia.net/2009/01/sri-lanka-mobile-broadband-advertising-dialog-takes-a-u-turn-et-tu-mobitel/comment-page-1 ටෙස්ට් කිරීමේදී නැවත මේ කාරණය ඉස්මතු කළ යුතුයැයි මා සිතන්නේ නැහැ. (මගේ පෞද්ගලික මතය මුලදී 7.2 mpbs ලෙස වැරදියට advertise කිරීම විශාල වරදක් බවයි. නමුත් එය වෙනම කතා කළ යුතු තාක්ෂණික නොවන වෙළඳ දැන්වීම් සදාචාරය සම්බන්ධ ප්‍රශ්නයක්.)

    Reply
  • March 11, 2009 at 9:42 pm
    Permalink

    @ චානුක වත්තේගම
    අපිට dialogblogs.com වලදී නම් ලැබුනේ “‍මගේ කනෙක්ෂන් එක නම් වැඩ දැනුත් ඩව්න්ලොඩ් කලා 2GB ඔයගොල්ලන්ගේ ඒව ගැන මම දන්නේ නෑ” , “උණවටු‍නට ඩයලොග් හොඳට වැඩ”,”මොබිටෙල් එක හරි නෑ”. ඔය වගේ උත්තර.
    මගේ බ්ලොග් එකේ මගේ පුද්ගලික ඩයලොග් HSPA අත්දැකීම් ලියන්න තීරණය කලේ ඒනිසා. ‍මේවා ඩයලොග් එකේ අවධානයට ලක්වෙයිද කියල නම් හිතන්න අමාරුයි මටනම් ,කලින් ලැබුනු උත්තරත් එක්ක. ඒත් ‍එහෙම අවධානයට ලක්වෙනව නම් ලොකු දෙයක් පාර‍භෝගික හැමෝම වෙනුවෙන්.

    Reply
  • March 11, 2009 at 10:12 pm
    Permalink

    @පහන්,

    අප්‍රේල් 29 වනදා වනතුරු ඉවසා ඉන්න. ඔය සියළු ප්‍රශ්න මුහුණට මුහුණ ලා අදාළ පාර්ශවයන් සමඟ කතා කරන්න ඉඩ ලබා දෙන්නම්. ඒක බ්ලොග් වල ඒකපාර්ශ්විකව කතා කරනවාට වඩා අර්ථවත් වේවි.

    Reply
  • March 11, 2009 at 10:22 pm
    Permalink

    @Chanuka

    ඩයලොක් 1mbps කිව්වද, ඔවුන් විසින් මෙට ලිමිට් කර නෑ, ඒක නිසා මොබිටෙල් ලිමිට් කරපු එකක් එක්ක බලන විට ඩයලොග් හැමවිට ඉදිරියෙන්, මොකද ඩයලොග් 1mbps කිව්වේ ඇග බේරාගැනීමටයි. නමුත් සැබෑවෙන් ඩයලොග් Unlimited HSDPA එක 7.2mbps එකක්, මේක නිසා තමයි ගැම විටම 1mbps වලට ඉහලින් සිටින්නේ. මොකද මොබිටෙල් 1mbps එක 1mbps ලෙස් ලිමිට් කර ඇති නිසා. ඒක නිසා 1mbps limited mobitel එකක් හා 1mbps නාමික Dialog එකක් සංසන්දනය වැරදියි.

    මේක හරියට කඩේ මුලදාලි අගල් 3 පයිප්පයක් අගල් එකයි කියා දුන්න නිසා ඇත්තටම අගල් 1 පයිපයක් සමග සංසදනය කිරීමක් වැනිය.

    1.Mobitel ISP Test සදහා ඔබ යොදාගන්නේ http://www.ped.gov.lk/docs/ecopolstgov1.pdf මේක 512kbps Link එකක් hosted file එකක්, ඒකෙන් කොහොමද 1mbps ලින්ක් එකක් test කරන්නේ ? එවිට ලැබෙන වේගයන් ගැමවිටම 512kbps වලට වඩා අඩුයි නේද ?

    2. Yahoo Speed ටෙස්ට් ලෙස් වැරදියට අර්ත දක්වලා තියනවා, මේ සහදා AT-Tester යොඅදාගන්නේ http://www.cpan.org/authors/id/G/GO/GOZER/mod_perl-2.0.4.tar.gz මෙක cpan හි වේගය මිස, Yahoo වලින් අපිට ලැබෙන වේගය නොවෙයි, මේක “International Speed” ලෙස නිවැරදි විය යුතුයි, මෙය Yahoo speed ලෙව දැක්වීම මුලා කිරීමක් වැනිය.

    tool එක යොදාගෙන මෙවැනි වැරදි දත්ත පෙන්වීම වැරදියි කියලා මම කියනවා, මොකද මේවා බාචිතාකරන අයට මේවාගේ අන්තර් ක්‍රියාකාරීත්වල ගැන අදහසක් නෑ, මලින්ද උනත් එක එක දේ කිව්වට එයාවත් මේක ගැන දන්නේ නැතුව කතාකරන්නේ.

    චානුක මම AT-Test එකේ තාක්ෂනික පැත්ත වැරදියි කියනවා නොවෙයි, යොදාගන්න ක්‍රිමය වැරදියි පෙන්වන්නේ. මොකද ඔය ලොකු දත්ත ප්‍රමානයක් පෙන්නුවට ඒවායේ නිවැරදි බව ගැන සැලකිලිමන් වෙන්න.

    Reply
  • March 11, 2009 at 10:25 pm
    Permalink

    @ චානුක
    ඉවසා ඉන්න කියල ඔබ අදහස්‍ කලේ කුමක්ද?

    Reply
  • March 11, 2009 at 10:37 pm
    Permalink

    Broadband quality හා සම්බන්ධ සියළු පාර්ශවයන්ට (users, operators, regulators, researchers, media) හමුවී අදහස් / විවේචන / යෝජනා බෙදා හදා ගත හැකි අවස්ථා දෙකක් කොළඹදී පැවැත්වීමට LIRNEasia අදහස් කරනවා අප්‍රේල් 29 හා 30 යන දින දෙක තුළ. ඇත්තටම මේ කරන්නේ දෙවන වරට. පළමු වරට අප හමුවුනේ 2008 මාර්තු මාසයේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේදී. http://lirneasia.net/2008/03/lirneasia-releases-%E2%80%98ashokatissa%E2%80%99-methodology-and-preliminary-results-of-the-broadband-qos-testing

    නමුත් දැන් ඊට වඩා තත්ත්වය ඉතා වෙනස්. විස්තර පසුව දැනුම් දෙන්නම්.

    Reply
  • March 13, 2009 at 5:55 am
    Permalink

    මම කාලින්ග සමග 100% එකගයි. dialog blogs නම් ඉතින් ප්‍රසිද්දියේ අමු නිරුවතින් Dialog වෙත කඩේ යනවනේ. මලින්ත මහත්තයත් ඉතින් Mobitel use කරන්වා කිව්වට dialog වේත කෑක්කුමක් තියෙන බව පෑහෑදිලී.
    මම හිතුවේ dialog වලට කඩේ ගිහින් එක පාරක් ලුණු ඈඹුල් ඈතුව අහ ගත්තට පස්සේ ඒ ඈම්ම හොන්ද උනා කියලා. මහාචාර්ය Rohan Samarajeewa විද්වතෙක් බව සුපෑහෑදිලී. හෑබයි ඔහුගේ පුත්තරයා නම් කරන්නේ විලි සන්ගේ නෑති වෑඩක්. හෑබෑයි Lirnasia ව්යායාමය නම් අගය කල යුත්තක්.

    Reply

Leave a Reply to Chanuka Wattegama Cancel reply

Your email address will not be published. Required fields are marked *