මුලින්ම අපේ හමුදාවට උත්තමාචාරය. මේ ලියන්නෙ නිදහස් රට ඉදන් දැන්. දැන් කාටද ආඩම්බර….

මේක ටිකක් පරණ වෙන්න පුලුවන් ඒත් ලගදි (ඒ කීවෙ මාස දෙක තුනක‍ට කලින්වත්) දැක්කද ගූගල් මැප් ගියෙ නැත්තම් දැන් යන්න. මේච්චර කල් ගූගල් මැප්ස් හා එර්ත් කියන සේවා වල ලංකා‍ව ගැන දුන්නෙ ජන්ද්‍රිකා රූප විතරයි. ඒකෙ ලංකාවෙ පාරවල් දෙක තුනක් දාල තිබ්බත් ඒව හරියට නොවේ තිබ්බෙ.

මම මීට මාස කීපයකට කලින් වෙන රටක සිතියමක් හොයන්න යද්දි ලංකාවෙ විස්තරේ දැක්කෙ. ඒ පාර අද හිතුන දුරකථනයෙත් දැන් යාවත්කාලීන වෙන්න ඕනි. ඒක නිසා දාල බලන්න. මොකද ඉස්සර මේක දුරකථනයට දාල බැලුවෙ ජන්ද්‍රිකා රූප විතරනෙ.
ඒත් දැන් ඒව හදල. හුගක් ප්‍රදේශ වල සිතියම් නියමෙටම හදල. පාරවල් ඇදල, පොඩි පාරවල් පවා. ඒ අතර මං සලකුණු, ඒ කියන්නෙ පාසැල්, හෝටල්, රෝහල්, දුම්රිය මගවල් වගේ බොහෝ දේවල් නිවැරදිව ලකුණු කරල තියනව. මේක දැන් පරිගණකයට අමතරව තම දුරකථනයෙන් බලාගන්න පුලුවන් වීම නිසා දැන් සිතියම් අරන් යන් ඕනි නෑ.  මේක Iphone එකට  හොදට බලාගන්න පුවන්.හැබැයි GPS තියන දුරකථනයක්නම් නියමෙට වැඩ. Nokia N95 එක‍ටත් සහය දක්වනව GPS සහිතව. අතරමං උනොත් මරු. ඒත් තාම N95 එකකට මම දාල බැලුවෙ නෑ.

ඒ වගේම හැබැයි හැම ස්ථානයක්ම මේකෙ තාම සලකුණුවෙලා නෑ. පාරවල් වල නම් ‍එහෙම. තාම දියුනු කරමින් යන නිසා ‍හොදා. තව දෙයක් තාම මේක දිශා ඒ කියන්නෙ පාර කියන සහය (Direction) ලංකාවෙ නෑ. තවද පාරෙ රෑප ඒ කියන්නෙ street view, traffic සේවා ලංකාවෙ නෑ. ඒක නිසා අපිමයි පාර හොයාගන් වෙන්නෙ.මොනව උනත් පරිගණකයට වඩා දුරකථනයේ තිබීම පහසුවක්.

ජාව සහය දක්වන දුරකථනවලිහා නවීන බොහෝ මාදිලි වලින් මේක වැඩ කරන්න පුලුවන්. ඒ සදහා කරන්න තියෙන්නෙ maps.google.com වෙත දුරකථනයෙන් පිවිසීමයි.

මෙන්න මම ගත්තු රූප වගයක්

goole maps KurunegalaGoogle Maps Google MapsGoogle Maps3

ඒ වගේම චන්ද්‍රිකා රෑප සහිතව ගත් සිතියම්

google maps 4Google Maps4

Iphone එකේ ගත්ත ඒව

GPS නැතිව Tower එකේ Location පෙන්වන අයුරු
Without GPS

Satellite Map එක
Satellite Map

GPS සහිතව පෙන්වන අයුරු
With GPS

Direction පෙන්වන අයුරු
Direction

වැඩි විස්තර http://www.google.com/mobile/default/maps.html වෙතින්

හැබැයි මේකට අන්තර්ජාලය අවශ්‍යයි. ඒවට අයවෙනව.

Update

තමන් ඉන්න ප්‍ර දේශයෙ මැප් එක Google Map එකට දාන්න හරි දැනට තියන දෙයක් නිවැරදි කරන්නනම්

http://www.google.com/mapmaker

එකෙන් පුලුවන්

Sri Lankan Pocket Maps with Google Maps on Mobile
Tagged on:

8 thoughts on “Sri Lankan Pocket Maps with Google Maps on Mobile

  • May 19, 2009 at 9:32 pm
    Permalink

    එළකිරි…!! 😀

    මේකෙ Map වල ස්ථාන ලකුණු කරන්න අපිට support කරන්න බැරිද?
    (මම කිවුවෙ Wikipedia එකේ වගේ, අපිට edit කරන්න බැරිද? )

    Reply
  • May 20, 2009 at 4:43 am
    Permalink

    Dear Malinda,
    I’ve noticed that some of the Road numbers shown in Google maps are in correct. (i.e does not match with RDA SL list, http://www.rda.gov.lk/source/rda_roads.htm )
    Ex:

    B017

    Ampara Town Roads (ATR)

    But in Google map  B17  is located near Nittambuwa. Can we ask google to correct these?

    Reply
  • May 21, 2009 at 12:19 pm
    Permalink

    @deepsishere
    ඒක නම් හොදා. එත් ගූගල් වාගේ හැම එකටම සහය දක්වන්නෙ නෑනෙ

    මම අද ගූගල් මැප් Nokia N95 එකකට දැම්ම. ඉන්න තැන පවා හරියට පෙන්වනව. ඒත් සුලු දෝෂ නැතිවාම නොවේ. හොදට වැඩ

    Reply
  • February 4, 2011 at 1:50 pm
    Permalink

    bro is tht voice guidance is working ?
    im using a n96 nw a day’s
    i did try bt noh successes

    Reply
    • February 4, 2011 at 2:47 pm
      Permalink

      Work Fine on Nokia 6120C

      Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *