ලංකාවේ ප්‍රථම වථාවට ටෙලිකොම් සමාගම 4G තාක්ෂණයෙන් යුතු WiMax 16-e යටතේ වයර් රහිත අන්තර්ජාල පහසුකම් ලබාදීම දැන් අරබා තිබේ. ලංකාවට මුලින්ම WiMax ගෙනාව ටෙලිකොම් සමාගම මෙම සේවාව ලබාදෙන්නෙ SkyNetwork http://www.skynetwork.lk සමාගම යටතේ. තාම මෙම සම්බන්ධා වල මූලික ගාස්තුව වැඩි උනත් මාසික ගාස්තු හා භාවිතා ගාස්තු සාමාන්‍ය ADSL වලට වඩා අඩුයි. මෙම සම්බන්ධතා වල අසීමිත භාවිත පැකේජ තාම නොමැති උවත් රු 390 පැකේජයෙන් ගිගාබයිට් එකක මාසික භාවිතයක් නොමිලේ හිමිවන අතර ඉන්පසු භාවිතයන් සඳහා මෙගාබයිටයකට ශත 20 ක් අයවේ. නමුත් ADSL වල වැඩිපුර භාවිතයට මෙගාබයිටයකට ශත 35යි
දැනට WiMax සහා ලියාපදින්චි කරගන්නේ සීමිත ප්‍රෙද්ශවල පමණකි. නමුත් ටෙලිකොම් උත්සහ කරන්නේ ලංකාවේ ඕනෙම තැනක සිට වයර් රහිතව අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදීමයි. එමෙන්ම ඉදිරියේදී මෙම සම්බන්ධතා මගින් ටෙලිකොම් සමාගමේ වෙනත් සේවාවන්ද ලබාගත හැකි අතර දැනට අන්තර්ජාල පහසුකම් පමණක් ලබාදේ. අන්තර්ජාල පහසුකමට පමණක් SLT සම්බන්ධතා ගන්නා අයත මෙය හොද විසදුමකි. සාමාන්‍යය වයර් සම්බන්ධතාවයට හඬ සඳහා වෙනමම මාසික ගාස්තුවක් හා අන්තර්ජාලයට වෙනමම මාසික ගාස්තුවක් ගෙවිය යුතු උවත් මෙහිදී ඊට වඩා අඩුවට සම්බන්ධතාවය ලබාගත හැකිය. නමුත් දැනට නිවසේ සවිකරන උපාංග සඳහා පාරිභෝගිකයා වියදම දැරිය යුතුය. ADSL ආව මුල් කාල වලත් උපාංග දැනට පවතින මිලට වඩා ඉතා වැඩි මිලකට අලෙවි උවත් දැන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩුවූවා මෙන් ඉදිරියේදී ඒ මිලෙත් වෙනසක් වෙයි.
Pingback: Tweets that mention SLT Internet From Rs 390/ – via WiMax 4G - Malinda's Blog – මාලින්දගේ සටහන -- Topsy.com
මූලික වියදම් කීයක් විතර වෙනවාද? දැනට Wimax ආවරණ ප්‍රදේශ මොනවාද?
දෙවැනි පින්තූරයෙ තියනව දැනට ගන්න පුලුවන් ප්‍රෙද්ශ
අහ් ඒක හරියට දැක්කෙ නෑ නෙ. එල එල, අපේ ටවුමත් තියේ. 🙂
skynetwork ගැන මේ ලිපිය බලන්න
http://www.anticorruptsl.com/index.php?option=com_content&view=article&id=7:telicom01&catid=1:corruption&Itemid=2
Dear Bro,
WiMax was introduced to srilanka by dialog in 2007
refer this link : http://lankapage.wordpress.com/2007/01/24/sri-lanka-goes-wimax-with-dialog-broadband/
Dialog වලට මුලින්ම අනුමැතිය හම්බඋනාට ලංකාවට මුලින්ම Wimax ගෙනාවෙ ටෙලිකොම්. ඒ අය ඒක සාර්ථකන අත්හදාත් බැලුව. ඒත් මම දන්න විදිහට ඒ අයට අනුමැතිය හම්බඋනේ මේ ලගදි
No bro, you were wrong – all the dialog fixed broad-band connections are based on WiMax technology.its being used since 2007.May be, SLT got the permission first, but the service was initially launched by Dialog.
http://www.dialog.lk/personal/broadband/fixed-broadband/
No. They Successfully Tested WiMax on SAARC 2006. So They introduced it to sri lanka before SAARC. After That, Dialog and Lankabell Launched Wimax
Pingback: SLT Broadband Direct Laptop without Antenna from 390 via WiMax - Malinda's Blog – මාලින්දගේ සටහන
Aw, this was a really nice post. In thought I would like to place in writing in this way moreover – taking time and actual effort to create a very good article