ලංකාවේ ප්‍රථම වථාවට ටෙලිකොම් සමාගම  4G තාක්ෂණයෙන් යුතු  WiMax 16-e   යටතේ වයර් රහිත අන්තර්ජාල පහසුකම් ලබාදීම දැන් අරබා තිබේ. ලංකාවට මුලින්ම WiMax ගෙනාව ටෙලිකොම් සමාගම මෙම සේවාව ලබාදෙන්නෙ SkyNetwork http://www.skynetwork.lk සමාගම යටතේ.  තාම මෙම සම්බන්ධා වල මූලික ගාස්තුව වැඩි උනත් මාසික ගාස්තු හා භාවිතා ගාස්තු සාමාන්‍ය ADSL වලට වඩා අඩුයි. මෙම සම්බන්ධතා වල අසීමිත භාවිත පැකේජ තාම නොමැති උවත් රු 390 පැකේජයෙන් ගිගාබයිට් එකක මාසික භාවිතයක් නොමිලේ හිමිවන අතර ඉන්පසු භාවිතයන් සඳහා මෙගාබයිටයකට ශත  20 ක් අයවේ. නමුත් ADSL වල වැඩිපුර භාවිතයට මෙගාබයිටයකට ශත 35යි

දැනට WiMax සහා ලියාපදින්චි කරගන්නේ සීමිත ප්‍රෙද්ශවල පමණකි. නමුත් ටෙලිකොම් උත්සහ කරන්නේ ලංකාවේ ඕනෙම තැනක සිට වයර් රහිතව අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදීමයි. එමෙන්ම ඉදිරියේදී මෙම සම්බන්ධතා මගින් ටෙලිකොම් සමාගමේ වෙනත් සේවාවන්ද ලබාගත හැකි අතර දැනට අන්තර්ජාල පහසුකම් පමණක් ලබාදේ. අන්තර්ජාල පහසුකමට පමණක් SLT සම්බන්ධතා ගන්නා අයත මෙය හොද විසදුමකි. සාමාන්‍යය වයර් සම්බන්ධතාවයට හඬ සඳහා වෙනමම මාසික ගාස්තුවක් හා අන්තර්ජාලයට වෙනමම මාසික ගාස්තුවක් ගෙවිය යුතු උවත් මෙහිදී ඊට වඩා අඩුවට සම්බන්ධතාවය ලබාගත හැකිය. නමුත් දැනට නිවසේ සවිකරන උපාංග සඳහා පාරිභෝගිකයා වියදම දැරිය යුතුය. ADSL ආව මුල් කාල වලත් උපාංග දැනට පවතින මිලට වඩා ඉතා වැඩි මිලකට අලෙවි උවත් දැන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩුවූවා මෙන් ඉදිරියේදී ඒ මිලෙත් වෙනසක් වෙයි.

SLT SkyMax Internet From Rs 390/ – via WiMax 4G

11 thoughts on “SLT SkyMax Internet From Rs 390/ – via WiMax 4G

Leave a Reply to Madhawa Habarakada Cancel reply

Your email address will not be published. Required fields are marked *