හුග කාලෙකින් බ්ලොග් එකක් ලිව්වෙ නෑ. ලියන්නම් කියල හිටියට සෙට් උනේ නෑ. ඒත් කාලෙක ඉදන් දැකපු දේවල් එකක් ලියන්න හිතුන එකක්. අසනීප වෙලා වෙසක් දවසෙ ගෙදරට වෙලා ඉන්න එකේ එහෙම වැඩක්වත් කරන්න එපැයි
සාමාන්‍යෙයන් විදුලිබල මණ්ඩලය තම පාරිභෝගිකයන්ව දැනුවත් කරනව. මේ මේ වැඩ කරද්දි බිල මේ වේ වගේ එනව. මේ බල්බ දාන්න. වැඩියෙන් මේ මේ උපකරණ භාවිතා කරන්න එපා වගේ. ඒ වගේමයි බිදවැටුමක් සිදු උනාමත් ඒ අය ඇවිත් හදල දෙනව. ඕනෙ වෙලාවක.
විදුලිය තරම් අන්තර්ජාලය වැදගත් නොවුනට, සමහරුනගේ රැකියාව, සියලු වැඩකටයුතු රදාපවතින්නෙ අනර්ජාලය උඩ. සමහර කට්ටිය Facebook වලට වගේ කාලය කන්න ගත්තට, බොහෝ දෙනා ඉගන ගන්න, ආසාවට වගේම විදේශ වල ඉන්න නෑදෑ හිතමිතුරන් සමග සම්බන්ධ වෙන්න මේ සම්බන්ධතා ගන්නව.
දැනුමක් තියන බොහෝ දෙනා හොයල බලල අරගෙන, ඒ අනුව භාවිතා කරනව. උදා හරණයක් විදිහට ගන්න බොහෝ අන්තර්ජාල සම්බන්ධතා වල ගුණාත්මක භාවය. බොහෝ දෙනා ගන්නා අනර්තජාල සම්බන්ධතා වර්ගයක් තමා මොබයිල් අන්ර්ජාල සම්බන්ධතා, කාගෙන් හරි හොද හෝ ගාන අඩු එකක් බලල ගන්ව, නැත්තම් ඒ ආයතනයකට ගිහින් ඉල්ලව. ආයතන වල හෝ ඒ විකුණන කෙනා කිසි සෙවිල්ලක් බැලිලික් නෑ, තමන්ගේ ටාගට් එක කවර් කරගන්න සිම් එක හා ඩොන්ගලය දෙනව. ඒත් මේ ගත්ත සම්බන්ධතා නිසා සමහරැන්ට හරි අන්ර්ජාල සම්බන්ධතානය කියන්නෙ මොකක්ද කියලවත් දැනුමක් නෑ. ඒ අය ගෙදර ගිහින් ගහනව, ඒත් සිග්නල්, ඒ ප්‍රෙද්ශයේ වේගය කිසි දෙයක් ගානක් නෑ. පිටුවක් ලෝඩ් වෙන නිසා භාවිතා කරනව. ගුණාත්මක භාවය ගැන කිසි තැකීමක් නෑ.
ස්කප්ත් කොලිටිය මොක උනත් රෑප පේන නිසා භාවිතා කරනව. ඒත් ටික දවසක් භාවිතා කරද්දි වැඩ නෑ කියල බලාගෙනත් ඉන්නව. ඒ තමන්ගේ දත්ත ප්‍රමාණය ඉවර උනාම. එහෙම නැත්තම් මාසෙ අන්තිමට හෙන බිලක් ආවම අන්තර්ජාල සම්බන්ධතාවය නවත්වනව. ඒත් ඒක උනේ අයි කියල ඒ අය දන්නෙ නෑ.
බහුතරය දැකල තියන විදිහට වෙන්නෙ ඕක. ඒත් ඒ අයට ඒ සමබ්න්ධ ක්‍රියා කරන්න නිසි දැනුමක් නෑ. ඒක තමා හැටි කියල හිතාගෙන ඉන්නව.
ස්ථාවර සම්බන්ධා වලත් එසේමයි. සමහර දුරකථන රැහැන් වල ගැටලු නිසා සමහරුන්ට ඉතා අඩු ගුණාත්මක භාවයකින් යුතු අන්තර්ජාල සම්බන්ධතායන් හමුවෙන අවස්තා මෙන්ම, ගෙවන බිලට හරියන වේගයක් ඕනෙ කමින් ලබානොදෙන අවස්තා තියනව. ඒත් ඒ ගැන ඒ පාරිභෝගිකයන් දන්නෙ නෑ. ඒ අය බිල ගෙව ගෙව ඉන්නව.
උදාහරණයක් විදිහට ඉතා අඩු මාසික බිලක් සහිත අන්ර්ජාල සම්බන්ධාතවයක් අරන් Windows වගේ යාවත්කාලියන් රන් වෙවී තිබ්බොත් ඒ කෙනාවත් දන්නෙ නෑ ඩේටා ටිකට මොකද උනේ කියල. අනික තමා ටොරන්ට්. සමහරු නොදැනුවත් කමට ලොකූ ටොරන්ට් දානව. මේ කිසිදෙයක් මේ අය දැනුමක් ඇතිව කරන දේවල් නෙවේ. ස්කයිප් කෝල් ගන්න කෙනෙක් නම් ලබාගන්නා ඇමතුම් වර්ගය හා කාලය මත ආසන්න වශයෙන් හෝ එයට සරිලන පැකේජායක් තෝරාගත යුතුයි. ඒත් ඒ දේ පාරිබෝගිකයා දන්නෙ නැ. ඒ අය කථා කරන්න ඕනෙ නිසා අරන් යනව.
ඒත් මේ ආයතන වලට පොඩ්ඩක් හොයල බලල, විස්තර අහල ඒකට සරිලන පැකේජයක් දෙන්න බැරි ඇයි. ඒ ඩොන්ගය අරන් ගියාම කරන්න ඕනෙ වැඩ, මොන විදිහටද භාවිතා කරන්නෙ වගේ විස්තරයක් කියල දුන්නනම් මොකද වෙන්නෙ. මට මේක හිතුනෙ විදුලිබල මණ්ඩලය පාිභෝගියන් දැනුවත් කරන විදිහ මේ අය මේතරම් ලාබ අරගෙන් ඇයි කරන්න බැරි කියල. දකුණු ආසියාවේ අඩුම අන්තර්ජාල මිල අපේ රටේ තියනව වගේම හොද ගුණාත්මක භාවයක් පවත්වන් යන්න TRC එක කටයුතු කරනව. ඒත් ගුණාත්මක භාවය කිව්වට ඒ අයගෙ අන්තර්ජාලයේ ගුණාත්මකභාවය හදුන ගන්න තරම්වත් දැනුමක් නැති අය ඉද්දි කොහොමද ඒ අය ඒ ගැන පැමිණිල්ලක්වත් දාන්නෙ. බිල ගෙව ගෙවා ඉන්නව.
හොදම උදාහරණය මොබිටෙල් වල Credit Share කරන පහසුකම. ඩයලොග් වල මේක Deactivate කරන්න වගේම පින් එකක් දාන්න පුලුවන්. ඒත් මොබිටෙල් වල කිසිදෙයක් ඕනෙ නෑ. ඕකෙ කෙනෙක්ට මුදල් දාගන්න පුලුවන් ඕනෙම කෙනෙක්ගෙ දුරකථනයෙන්. We Care Always කිව්වට කිසිම Care එකක් නෑ පාරිභෝගිකය ගැන. ඉතින් පාරිභෝගිකයිනුත් තියන් ඉන්නව. මේක ගැටලුව මිතුරන්ට දුරකථනය දීමෙදි වගේම වැඩිහිටි අයට. ඒ අය ගැන ඔච්චර හිතනව, විශ්‍රාමික පැකේජ දානව, ඒත් තැකීමක් කරන්නෙ නෑ කිව්වොත් මම හරි. ඒ අය ඔය සංකීර්ණ ක්‍රම වලට කැමති නෑ. ඒ අයට ඕනෙ දුරකථයෙන් ඇමතුමක් ගන්න, නම්බරයක් හොයාගන්න. ඉතින් මේ දුරකථනයක් නැදෑයෙක්ගෙ හරි වෙන කෙනෙක් අතට ගත්තමා මුලක් දාගන්න බැරි කමක් නෑ. ඒ අය එහෙම දෙයක් කලාද කියලවත් දන්නෙ නෑ. අඩුගානෙ ඒසම්බන්ධව පාරිභෝගික සේවයෙන් අහන්න තරම් දැනුමක් ඒ අයට නෑ. ඒක නිසා බලන් ඉන්නව. මේක මොබිටෙල් එකට කීවහම දුරකථනයට Keylock දාන්නලු. ඒක තමා මම අහපු හොදම විසදුම. එකක් තමා හැම දුරකථනයෙම Keylock නෑ. වැඩි හිටි අයට මේකත් කරදරයක්. එහෙවත් තේරුම් ගන්න බැරි ඇයි. ඒත් පාරිභෝගික සේවයට කථා කලාම, මොබිටෙල් හරි සරලයි, අපෙ අත්අම්මටත් තේරෙයි කියල තමා කියන්නෙ

තව එක අවස්ථාවක් තමා * ලකුණ මගින් රින්ග්ඉන් ටෝන කොපි කිරීම. සමහරුන්ගේ අතපසු වීමකින් මේක සිද්ද වෙනව. කවුරු හරි කියනකන් දන්නෙ නෑ. දැනගත්තත් අයින් කරගන්න දන්නෙ නෑ. මාස් පතා ගෙවනව. අයින් කරගන්න හිටියට සමහරු මාස ගානක් තියන් ඉදල අවස්ථාවක් හමුඋනා අයින් කරගන්නව.
මේ සේවා පාරිභෝගිකයන්ගේ පහසුවට යෙදුවට, ඒ අයට කරදරයක් වෙන අවස්ථා වගේම ඒ අය නිකරුනේ මුදල් ගෙවන අවස්තා තියනව. මොකද ඒ අය සිම් එකක් ගත්තට, මේව දාගන්නෙ, අයින් කරන්නෙ කොහොමද දන්නෙ නෑ. ඒක සාදාරයනයි. මේ තරම් කෝඩ් ගෙඩක් මතක තියන් ඉන්නෙ කොහොමද.

කියවද්දි හිතෙන්න ඇති මේ ලිපියෙන් මන් බයිනව විතරයි කියල. නෑ. මම මුල ඉදල කියන්න හැදුවෙ අපේ දුරකථනය, අන්තර්ජාල සේවා ලබාගන්නා අයගෙ තියන දැනුව මදිකම නිසා නිකරුනේ මුදල් නාස්ත් කරනව වගේම, ආයතන වල තියන උපක්‍රම නිසා පාරිභෝගිකය නොදැනුවත්ම මුදල් ගෙවනව කියන එකයි. අපි අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී හෝ දුරකථවයක්, සිම් පතකි ලබාගැනීමේදී ඒවගේ මුදල් අයවෙන හැටි, හරි හැටි භාවිතා කරන හැටි, ගැටලුවකදී කථා කරන්න ඕනෙ අය දැනුවත් කලානම් නරකද. සිම් එකක් හරි අන්තර්ජාල සම්බන්ධතාවයක් හරි ගද්දි කීයෙන් කීදෙනාද ඒකෙ හරියට භාවිතා කරන හැටි, මුදල් අය වෙන විදිහ, අවුලක් උනොත් කථා කරන්න ඒනෙ විදිහ කියල දෙන්නෙ. ඒවගේම පාරිභෝගිකයට සරිලන පැකේජයක් අහල බලල දෙන්නෙ. බොහෝ දෙනා කරන්නෙ මේක එක සම්බන්ධතාවයක් පමණයි. කොහොම හරි ඇගේ ගහන්න ඕනෙ කියන පරමාර්ථයෙන් ඒක කරන්නෙ. අනිත් දේ තමා ගැටලුවක් උනාම හරි බිදවැටුමක් උනාම හරියාකාරව පාරිභෝගිකයන් දැනුවත් කරනවද, ඒ වගේම ඒ අය පැමිණිල්ලක් දැම්මාම ඒක හරියට හොයල බලනවද කියන එකයි. ජංගම දුරකථනව සම්බන්ධතාව වලනම් හුගක් වෙලාවට අප්ඩේට් කලා, හරියයි, ඉස්සරහට කිරන අප්ඩේට් වලින් ඕක හරියයි වගේ කථා තමා හුගක් වෙලාවට අහන්න වෙන්නෙ. සමහර දෝශ වලට ප්ලාස්ටර අලවල ගිහින් දවසෙන් දෙකෙන් ආයෙ ඒ ලෙඩේ. ඒත් පාරිභෝගිකයට ඒක ගානක් නෑ. ඒ අයත් හිතන්නෙ හදන්න බැරිව ඇති හරි ඒ හැටි කියලනෙ. ඒත් බිලනම් හරියට අය කරනව

As i think, Another ISP & Network Provides Responsible and We Care always Mobitel