මාසෙකට කලින් ආව FirefoxOS Keon Device එක දවසක් දෙක තුනකට කලින් අදාල ලියකියවිලි සකස් කරල දීල නිදහස් කරගත්ත. IIT වැඩ නිසා ලියකියවිලි හදන්න වෙලාවක් තිබ්බෙ නෑනෙ. දුරකථනය මගේ ප්‍රධාන දුරකථනය විදිහට දවස් කීපයක් භාවිතා කලා. බැටරිය හොදා. වේගයත් නරකම නෑ. ඒත් හුගක් දේවල් හැදෙන්න තියනව. ඒකටනේ Dveloper Preview කියල තාම තියෙන්නෙ

අද වැඩට ආව මුල් දවසෙ නිසා ලොකු වැඩක් තිබුනෙ නෑ. අලුතෙන් ගත්ත ලැප් එකත් අවුල් ගිය නිසා අද තමා හෙන දවසකින් පරිගණකයක් සෙට් උනේ. මුලින්ම කලේ ෆයර්ෆොක් දුරකථනයට සිංහල දාපු එක. ඒක හරි ලේසි

මුලිමන්ම USB Debug සක්‍රිය කරගන්න. ඒකට Settings > Device Information > More Information > Developer වල Remote Debugging සක්‍රිය කරන්න.

දැන් USB ගහන්න. ගහල Drivers දාගන්න ඕනෙ.
* Drivers දාද්දි Windows 8 වල පොඩ්ඩක් වෙනස් ක්‍රමයක් තියෙන්නෙ.
Drivers මම පහල දාල තියන Share Folder එකෙන් හරි http://downloads.geeksphone.com/drivers/usb_driver.zip හරි බාගත කරගන්න

sinhala.ttf ගොනුවත් ADB තියන තැනට දාගන්න (වෙන තැනක ඒක තියනවනම් path එක හරියට දෙන්න)

ඊට පස්සෙ ADB (Android SDK එක තියනවනම් ඒක). නැත්තම් ADB විතරක් මගෙ Folder එකෙන් බාගන්න
ඒක තියන තැනට console එකෙන් යන්න

දැන් බලන්න ඔයාගෙ Keon එක අරගෙනද කියල. ඒකට
adb devices
කියල ගහන්න. ඒකෙ ඔයාගෙ Device එක පෙන්වන්න ඕනෙ

දැන් පහත ලයින් තුන එකෙන් එක ගහන්න

adb remount
adb push sinhala.ttf /system/fonts/
adb reboot

එපමණයි. දුරකථනය රිබූට් උනාම බලන්න වැඩඩ කියල

සිංහල මම ටයිප් කලේ
unicode.malindaprasad.com/mobile
එකෙන්. හෝම් එකට ශෝට්කට් එකක් දාගත්තනම් ලේසි

මම කලින් හදල තිබ්බ Rail schedule එකත් පරික්ෂා කලා. හොදට වැඩ (slr.malindaprasad.com)

බාගත කිරීම් සියල්ල ඇති ෆෝල්ඩරය
https://www.dropbox.com/sh/jvbt3y86w3jk84a/-XZVxZMmY7

Type and Install Sinhala on FirefoxOS Keon Device, FirefoxOS Train Sri Lanka Schedule