මේව මටමමද දන්නෙ නෑ වෙන්නෙ. එත් එකපාරකට වඩා මේ වගේ අවස්ථා වලට මුහුණ දුන්න නිසා මේ ගැන ලියන්න හිතුන. කවුරුත් දන්න සේවාවක් තමා eZ Cash. ඩයලොග් මගින් හදුන්වල දුන්න මේ සේවාව ඇත්තටම හරියට තියනවනම් මාරම ලේසි හොද සේවාවක්. ඒක නිසා මාත් ආව දවස් වලම සක්‍රිය කරගත්ත. රීලෝඩ් දාන්න, බිල් ගෙවන්න වගේ ඒවට භාවිතා කලේ සමහර කාල වල මේ සේවාවට දාපු සල්ලි.
හරි මුල ඉදල උන ඒව කියමුකො. මම මගෙ සක්‍රිය කරන ගමන් මගෙ මිතුරන් කීප දෙනෙක්ගෙම සක්‍රිය කලා. ඉන් කීප දෙනෙක් සල්ලිත් දාගත්ත. එහෙම තියෙද්දි ගංගාරාමය පෙරහැර බලද්දි ඩයලොග් එකේ කට්ටියක් ඇවිත් යාලුවගෙ සක්‍රිය කරන්න හදනව. යාලුවත් මේක ගානක් නෑ. ෆෝන් එක දීල බලන් ඉන්නව. අර ඩයලොග් එකේ කෙනා ගහනව ගහනව. හරියන්නෙ නෑ. ඒ පාර එතන හිටිය අපේ කවුරු හරි කීව ඕකෙ සක්‍රිය කරල තියෙන්නෙ කියල. එහෙමත් කාලයක් සක්‍රිය කිරීම් කලා. හරි ඒව කරන්නෙ ඒ පාරිභෝගිකයගෙ හොදටයි කියමුකො.
මේකට සල්ලි දාන්න ගියා. මුල්ම දවස් වල නිසා හිතට බයත් නිසා අපි රු 100/- හෝ 200දාන්න ගියෙ. තැනක් හොයල හොයල හොයාගත්ත. හොයන් රු 100 -200 ක් කිව්වම අපේ මූන දිහා අමුතුවට බලන්නෙ ඒ කොමියුනිකේෂන් එකේ අය. පොඩි ගනම් දාන්න බෑ කියල. ඒ පාර මොනව කරන්නද, හිත හදන් ඉද්දි කොහෙ හරි දැක්ක Foodcity එකේ තියනව කියල. ගිහින් දැම්ම. වැඩේ ගොඩ. තප්පර කීපයයි, සල්ලි සමග බෝනස් එකක් ආව. ඒ අයට කීය දැම්මත් අවුලක් නෑ. පස්සෙ ආයෙ ආයෙ සල්ලි දැම්ම, ඒවගෙන් බිල් ගෙව්ව, රීලෝඩ් දැම්ම යාලුවන්ට හිටන්. ඇත්තමයි ඒවටනම් පට්ටම සේවාව
හරි දැන් ඔහොම ඉද්දි දැක්ක Pizzahut එකේ 50% හෝ 25% වගේ ටිකක් ඇගට තේරෙන ගානක වට්ටමක් eZ Cash වලට දෙනව කියල. පඩිත් ගත්ත ගමන් නිසා ගියා යාලුවත් එකක්. ඊට කලින් සල්ලි දාගන්න ඕනෙ නිසා ගියා ෆුඩි සිටියට. දැම්ම රු 2500 – 3000 ට ආසන්න ගානක්. දාල බලන් ඉන්නව ඉන්නව, කෙටිපණිවිඩයක් නෑ. විනාඩි 20ක් විතර ඉදල බැරිම තැන කිව්ව ෆුඩ් සිටියට. ඒ අය බලල සර් que එකේ තියෙන්නෙ කිව්ව. හරි හිත හදන් බලන් හිටිය. සලිලි නැතිව ගුටිකන්න බෑනෙ. ඔන්න පැයබාගයක් පැයක් යද්දි සල්ලි ආව. ගිහින් දෙපාරක් eZ cash තියනවද අහල පීසා හට් එකෙන් ඇතිවෙන්න කෑව දෙන්නම. ගානත් හදල eZ cash කිව්වම ඔන්න හොද වට්ටමකුත් දුන්න. මම හිතන්නෙ මේ අය ජීවිතේට මේ සේවාව භාවිතා කරල නැද්ද කොහෙද. දුරකථනයක් හොයන් ආව eZ Cash වලට. මොනව කරන්නද කට්ටයම එකතු වෙලා චාජරය හොයනව. හොයල හොයල ඔන් කරල පොතක් බලන් ගහනව ගහනව. හරියන්නෙ නෑ. මේක කරන්න මේ අයට පැයක් විතර ගියා. පස්සෙ Waiting for customer respond වෙලා, No responding කියනව. මට කිසිම එකක් එන්නෙ නෑ. එහාට කෝල් කරනව, මෙහාට කෝල් කරනව. වැඩේ අල.
තව වෙලා දැගලුව. ඒ පාර මම කිව්ව අයියෙ අපිට පුලුවන් ඔයාලට සල්ලි එවන්න, එවන්නද කියල. ඒකටත් ඒ පොත ද කොලයක්ද බලන් කිව්ව ක්‍රමයක්. වැඩේ අවුල්. හරියන්නෙ නෑ.ඒ මෙනූ පිලිවෙලට ගියාම වෙන මොනවද එන්නෙ. Institte වලට ගෙවන්නයි, ඒවගෙ Code එකකුයි අහන්නෙ. ඒපාර ඔක්කොම පැත්තකින් තියල අපිට තේරෙන විදිහට මුල ඉදන් පටන් ගත්ත. කොහොම හරි ටක් ගාල ඒකට සල්ලි දාගන්න අපිට පුලුවන් උනා. පොත් බලන්නෙ නැතුව මෙනූ එකෙන් ගියානම් හරි.
තාම අලුත්නෙ කියල හිත හදන් IIT ආවම තව යාලුවෙක් එයාටත් යන්න ඕනෙ කියල, ආයෙ කන්න කිව්වොත් ඕනෙ එකක්නෙ. ආයෙ අපි 3න් දෙනාම ගියා. අපිව මතක නිසා දැක්ක ගමන් තරහත් යන්න ඇති. ඒත් කොහොම හරි පෙර දිනයේ වගේම සල්ලි අපි යනව ෂේප් වෙලා ආව.
ඊට පස්සෙ බිල් ගෙවනව, රීලෝඩ් දාන්න ඇරෙන්න මේ සේවාව භෘවිතා කලේම නෑ. ඒත් දැන් සතියකට විතර කලින් යාලුවට අසනීප උන වෙලාවෙ ඇන්ටි කාථාකරල කිව්ව සල්ලි එවන්න ක්‍රමයක්. රෑ 7 විතර නිසා මට මතක් උනේ Foodcity එක හරහා eZ cash. යාලුවත් අලුත් සිම් එකක් නිසා මගේ එකට එවන්න කිව්ව. අංකල් සල්ලි දාල, ඒත් ගන්න Foodcity ගියාම බඩුවත්, සල්ලිවත් ගන්න බෑ. දාන්න විතරලු පුලුවන්ත හරි මොනව කරන්න දැන් සල්ලි අතට ගන්න තැනක්වත් නෑ. දවල්ට වැඩ හා සති අන්තයේ ගෙදර නිසා සල්ලි ගන්න තැනක් සෙට් වෙන්නෙම නෑ. මෙ හරි. ඔක්කොම අපි එද්දි වහල.අනික අහන හැම තැනම eZ cash නෑ.
මේ සතිය වෙද්දිත් වඩේ හරියන්නෙ නැති නිසා යාලුව කිව්ව එයාටත් පඩි නිසා pizzahut යමු කියල. දෙපාරක් අහල කෑව. ආව මුල් දවස් වල අවුල් තිබ්බට දැන් නැතිව ඇති කියල හිතල තමා අයියල දෙන්න වගේ ගියෙ. දැන් සල්ලි ගෙවන්න ගියාම සුපුරුදු පරිදි විනාඩි 10කින් විතර චාජරයක් හා දුරකථනයක් හොයල ගෙනල්ල, ටිකක් චාජ් කරල Dialog Voucher #122# කියල තිබ්බ කෝඩ් එක ගහනව දාගෙන. වැඩේ හරියන්නෙ නෑ. ඒ පාර මල්ලි අද Credit Card Machine වැඩත් නෑ. නෙට්වර්ක් අවුලක් කියනව. එහාට ගත්ත මෙහාට ගත්ත වැඩේ අවුල්. ඒ පාර පැයබාගයකට වඩා බලන් ඉදල කිව්ව අයියෙ ඔයාලගෙ නබ්මරයක් දෙන්න අපි සල්ලි දාන්නම් කියල. ඒත් ඒක ඒක දන්නෙ නෑ. කථෘ කලා මැනේජර් වගේ පොරට, මෑන් ඇවිත් බලද්දි ගහල තියෙන්නෙ Voucher කෝඩ් එකක්. ඒපාර අනික ගහන්න ගත්ත. මම හිතන්නෙ මිනිහ වැරදි විදිහට ගැහුවෙ. ගහන ඔක්කොම අවුල්. ඒ පාර මැනේජර් වගේ කෙනා වැඩේට බැස්ස,කලින් පාර වගේම Waiting for my repond කියල එනව. මට මොනවත් එන්නෙ නෑ. එයාටත් අර පටියම දැම්ම. මම සල්ලි එවන්නද කියල, ඒ පාර මෑන් කොහාටද කථා කරල නම්බරයක් ඉල්ල දුන්න. මම ඒකට සල්ලි දැම්ම. වැඩේ හරි. පැයක් විතර ඉදල, බිල ගෙවල අවාව
ඉතින් මෙච්චර හොද සේවාවක්, මේ වගේ භාවිතා කරන අයගෙ අඩු දුනුම හා හරියට ප්‍රායෝගිකව භාවිතා නර්න්න බැරි තත්වයට ආවාම කොච්චර අවුල්ද. කන්න පැය බාගයක් විතර, සල්ලි ගෙවන්න පැයක් විතර. එක පාරක් කාලිංග අයියත් කිව්ව මතකයි, සල්ලි වගයක් යාලුවෙක් එවද්දි හොද කට්ටක් කෑව, හරියට වගකීමක් කවුරුවත් ගන්නෙ නෑ කියල. මේක මූල්‍ය සමාගමක් විදිහට කරන වැඩක් නිසා මීට වඩා වගකීමක් තියෙන්න ඕනෙ. මොකද අපි eZ Cash වලින් ගෙවන්න කෑවට පස්සෙ ගෙවාගන්න බැරි උනොත් ලොකු අවුලක් වෙනව.
මම කාඩ් එකෙන් ගෙවන්න ගිහින් හා සල්ලි ගද්දි කීප සැරයක් මේ වගේ අවුල් වෙලා වෙලා තියනව. ඒත් ඒ හැම අවස්ථාවෙම බැංකුවෙන් හොද ප්‍රතිචාරයක් හා පැය බාගයක්, පැයක් යද්දි ගැටලුව විසදල දීල තියනව.
අනිත් එක තමා හදිස්සියට සල්ලි ගෙන්න ගන්න වගේම යවන්න පුලුවන් උනාට ඒව එලියට ගන්න තැනක් හොයන්න අමාරුයි. ඉතින් ඒ සල්ලි ATM එකකින් ගන්න බැයිනම් බැංකු ගිණුමකට හා බැංකු ගිණුමකින් දාගන්න පුලුවන්නම් මීට වඩා ලේසී. ඕනෙ තැනක ATM තියන නිසා. මොකද සම්පත් විශ්ව වල හුගක් වානිජ සේවා වගේම, මුදල් ගෙවන, බිල් ගෙවන සේවා තියන නිසා.
* මේව මට අද්විදින්න සිද්දඋන දේවල් හා මගේ අදහස් පමණයි. කාටවත් මඩ ගහන්න හෝ කඩේ යන්න හිතන් ලියපු එකක් නෙවේ.

Issues that I faced when using Dialog eZcash