මම බොහෝකල සිට පිටරටට පාර්සල යැවීමේදී තැපැල්දෙපාර්ථමේන්තුවේ EMS හා ලියාපදිංචි තැපෑල භාවිතා කරයි. නමුත් මෙමගින් හෝ, තැපැල් දෙපාර්ථමේන්තුව හරහා යනව බොහෝ දේවල් වලට tracking කෝඩ් ලබාදේ. එහෙත් එමගින් track කිරීමට තැපැල් දෙපාර්ථමේන්තු වෙබ් අඩවිය මගින් යොමුකරවන අඩවිය, දැනට තැපැල් දෙපාර්ථමේන්තුව භාවිතා කරන මෘදුකාංගය වේ. එය භාවිතා කරීමට ලොග් විය යුතු අතර එසේ ලොග් වීමට තැපැල්දෙපාර්ථමේන්තු වෙබ්අඩවියේ පරිශීලක නාමයක් හා රහස් පදයක් ඇත. නමුත් මෙම පරිශීලක නාමයකින් වරකට ලොග් විය හැක්කේ එකෙකුට පමණි.
ප්‍රායෝගිකව මෙම අඩවියට ලොග් වී පියවර කීපකින් පසු අපගේ tracking code හි විස්තර ලබාගත හැකි අතර, එසේ ලබාගැනීමේදී එම පියවරයන් හරහා යාමට යම් කාලයක් (අවම තප්පර 4-5, සාමාන්‍යයෙන් තප්පර 30 -60 ක් ) ගතවේ. එම අතර තුර වෙනකෙකු ලොග් වුවහොත් අපට නැවත ලොග්වී මුලසිට ආරම්භ කිරීමට සිදුවේ.
රටක මහජනතාවක් පරික්ෂා කරන මෙවැනි අඩවියක් වරකට එකෙකුට වඩා පරිශීලනයට තිබෙන ඉඩකට බොහෝ වැඩිය. මා භාවිතයේදී, සමහර අවස්ථා වලදි පමණක් එකවරම විස්තර ලබාගත හැකි උවත්, බොහෝ අවස්ථා වල බොහෝවාරයක් ලොග් වීමට සිදුවේ.
මෙම ගැටලුව සම්බන්ධව යම් පිලියමක් හෝ සහයක් අරමුණින් මා තැපැල් දෙපාර්ථමේන්තුව වෙත මීට වසරකට වඩා වැඩි කලකට පෙර මේ සම්බන්ධව දැනුම්දෙන ලද අතර, එයට පිලිතරක් වශයෙන් තවත් පරිශීලක නාමයක් එක් කරන ලදී. එහෙත් එම දිනයන්ගේ එම දෙක භාවිතා කලත් විස්තර ලබාගැනීමට බොහෝ වරක් උත්සහ කිරීමට සිදුවිය.
අවාසනාවකට දැන් එම පරිශීලක නාමය භාවිතයේ නැති අතර තවද මීට වසරකට වඩා දැන් එම අඩවිය භාවිතා කරන පිරිස එයින් ඈත් වී ඇති බව හැගේ.

මෙයට විසදුමක් ලෙස මා යම් සේවාවක් නිර්මානය කරන ලද අතර, එමගින් DHL, UPS හා විදේශ තැපැල් සේවා වල මෙන්ම tracking code එක පමණක් ඇතුලත් කර එක පියවරකින් විස්තර ලබාගත හැකිය.
මෙම මෘදුකාංගය අන්තර්ජාලය හරහා පරිගණකයෙන් හා දුරකථයෙන් භාවිතා කල හැකි ඇතර, ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහා ස්ථාපනය කරගත හැකිය.
අන්තර්ජාලය නොමැත් අයට SMS හෝ USSD සේවාව මගින් භාවිතා කල හැකිය (SMS/USSD සේවාව තවම සක්‍රිය කර නොමැත)

මා මෙසේ බොහෝ කලකට පෙර මුහුණ පෑ ගැටලුවක් නිසා ඕනෑම දුරකථනයකින් පරික්ෂා කල හැකි ආකාරයේ දුම්රිය කාලසටහනක් නිර්මාණය කල අතර, දැනට එය දෛනිකව 1500 කට වැඩි පිරිසක් භාවිතා කරයි

Tracking අඩවිය [පරිගණක] : https://postal.malindaprasad.com/site/
Tracking අඩවිය [දුරකථන] : https://postal.malindaprasad.com/m/
Android මෘදුකාංගය : https://play.google.com/store/apps/details?id=com.malindaprasad.android.postal
USSD/SMS භාවිතා කරන අයුරු : https://postal.malindaprasad.com/site/#app

මීට පෙර දුරකථන සදහා නිරිමාණය කල දුම්රිය කාල සටහන : http://slr.malindaprasad.com/

Mobile
Desktop_1
Desktop2

New Sri Lanka Postal Service One Click Tracking Service