VoLTE on OnePlus 6
දැකල ඇති VoLTE කියල තාක්ෂණය හුගක් දුරකථන ජාල හා දුරකථන නිශ්පාදකයන් විසින් ප්‍රචාරය කරනව. මුලින්ම බලමු ම‌ොකක්ද මේ VoLTE කියන්න‌ෙ කියල.
දැන්ට දුරකථන 2G සිට 4G දක්වා වැඩිදියුන් වෙලා තියනව. මෙහිදි data වැඩ කරන ආකාරය හා වේගය ඉතා සීග්‍රයෙන් වැඩි උනත් ඇමතුම් වල voice වැඩ කරන්න‌ෙ එකම ආකාරයකට. ඔබ ඇමතුමක් ගද්දි 4G තිබෙන දුරකථනය ස්වයංක්‍රියව 3G හ‌ෝ HSPA වෙත මාරු වී ඇමතුම අවසන් වු විට නැවත 4G වෙත මාරු වෙනව දැක ඇත
මෙම ඇමතුමේ සිටිද්දි බොහ‌ෝ දුරකථන වල අන්තර්ජාලය වැඩ කරන්න‌ේ නැ. (දුරකථනයේ  විශේෂ මොඩයන් වල හා ජාලයෝ විශේෂ මොඩයන් වල සමහර දුකරථන වල වැඩකරනව) එයට හේතුව දුරකථනය ඇමතුම ගනිද්දි ඇමතුමට මුලිකත්වය දී 3G වෙත මාරු වීමයි. දුරකථන පරම්පරා කෙතරම් වෙනස් උනත් ඇමතුම් සදහා යොදාගත්ත‌ේ එකම තාක්ෂණයයි. ඒ සාමාන්‍යය 2G/3G භාවිතා කර ඇමතුම ලබාගැනීමයි

4G අධි වේගී අන්තර්ජාලය සමග අලුත් ඇමතුම් ක්‍රමයක් භාවිතයට පැමිණය. මේය නමින් VoLTE. Voice over LTE . එනම් ඇමතුම 4G භාවිතා කර data උඩ ක්‍රියාත්මක වීමයි. මේ සමග ඇමතුම HD පහසුකම සමග ලබාගත හැකිි අතර අන්තර්ජාලයද ඇමතුම සමග භාවිතා කල හැකිය. එනම් ඇමතුම වැඩි දත්ත ප්‍රමාණයක් ලබාගෙන් ජාලය හරහා ගමන් කිරීමයි). සමහර ජාල 3G උඩ HD ඇමතුම් හදුන්වා දුන්නත් එයද ඊට වඩා හ‌ොද සහයකින් VoLTE මත ක්‍රියාත්මක වේ. එමෙන්ම ඉතා වේගයෙන් ඇමතුම සම්බන්ධ වේ. එනම් අප තවත් VoLTE පහසුකම ඇති දුරකතනයකට ඇමතුම ගැනීමේදී ඉතා වේගයෙන් දුරකථන දෙක හා සම්බන්ධ වේ. ඩයල් කල විගස රින්ග් වේ

නමුත් LTE/4G ඇති සියලු දුරකථන වල VoLTE පහසුකම නැත. හ‌ේතුව වන්න‌ේ අපි දුරකථනයට අන්තර්ජාල සැකසුම් දානවා ස‌ේම මෙම VoLTE පහසුකමටද ඔබග‌ේ ජාලයට ආවේනික සැකසුම් තිබීමයි . ‌‌‌ ‌එය IMS සැකසුම් ලෙසත් සමහරු හදුන්වනව. අන්තර්ජාල සැකසුම් මෙන් මෙම VoLTE සැකසුම් පාරිභෝගිකයාට සැකසිය න‌ොහැකිය. පාරි‌භෝගික අපට කල හැක්ක‌ේ දුරකථනයේ පහසුම සක්‍රිය හ‌ෝ අක්‍රිය කිරීම පමණි. අප දුරකථනයද හා ජාලය ඊට සහය තිබිය යුතුය

 

VoLTE ලබාගැනීමට තිබිය යුතු පහසුකම්

  • 4G සක්‍රිය කල සිම්පතක්
  • ජාලය මගින් ඔබග‌ේ සිම්පතට VoLTE සක්‍රිය කර තිබීම
  • VoLTE සහය දක්වන දුරකථනයක්
  • 4G ආවරණ කලාපයක සිටිය යුතුය

දැනට ලංකාව‌ෙ ඩයල‌ොග් ආයතනය පමණක් VoLTE ලබාදෙයි. ඔබ ඩයල‌ොග් පාරිභ‌ෝගිකයෙක්නම් ඉහත සුදුසුකම් තුනක්ම ඉතා පහසුවෙන් සකසාගත හැකි අතර දුරකථනය‌ේ සහය ගැන ගැටලුවක් බ‌ොහ‌ෝ දෙනාට ඇතිවේ. එම නිසා පහසුකම ලබාගැනීමට ගැටලු ඇතිවේ

 

ඇයි හැම දුරකථනයකම VoLTE නැත්ත‌ෙ
ඉහත සදහන් කල පරිදි ජාලයට අදාල සැකසුම් නැති නිසා

 

එයට ගතහැකි පියවර
හුගක් දුරට ජාලය මගින් දුරකථන නිශ්පාදකයාගෙන් දුරකථනයට අදාල සැකසුම් ය‌ොදා වෙනම අදාල මාදිලියෙන්  දුරකථන කීපයක් ලබාගනෙ VoLTE පහසුකම පරීක්ෂා කරබැලීමෙන් පසුව දුරකථනය‌ේ අප්ඩේට් එකක් ලෙස අදාල සැකසුම් සියලු දෙනාට නිකුත්කරයි. මෙම හේතුව නිසායි ලංකාව‌ෙ දුරකථන නිශ්පාදන වර්ග කීපයකට පමණක් VoLTE පහසුකම ලැබේ.

VoLTE Update
පසුව එම නිශ්පාදාකය දුරකථන චිපයටම අදාල සැකසුම් පෙරනිමියෙන් ඒන ‌‌ලෙස සකසා ඒවනු ඇත. එවිට එම චිපය භාවිතා කරන සියලු දුරකථන වල OS හි සැකසුම් වලින් තොරව VoLTE පහසුකම වැඩකරයි.

මිතුරෙකු පැවසුවේ ඒක් ප්‍රසිද්ධ දුරකථන නිශ්පාදකයකේ ‌‌‌ම‌ෙසේ සැකසුම් ලබාදී අදාල දුරකථන සමාගමෙන් පරික්ෂා කරනවා ‌වෙනුවට ඔව්න්ගේ කණ්ඩායමක් ලංකාවට පැමිණ ඒම ආයතනයේ නියමයන්ට අනුව පරික්ෂාකර බලා අදාල පහසුකම ප‌ොදු ජාතාවට නිකුත්කල බවයි. ඒ දුරකථනය‌ේ ඇමුතුම් වලට අමතරව බැටරි හා අනිකුත් ක්‍රියාවන් පරික්ෂාකිරීමෙන් අමතරවය.

දුරකථන සමාගමකට මෙසේ සිදුකිරීමට අදාල දුරකථන නිශ්පාදකයාග‌ේ බලයලත් නියෝජිතයෙක් ලංකාවේ හ‌ෝ අදාල සමාගම සමග නිල සංන්නිවේදන ක්‍රමයක් තිබිය යුතුය. මෙම නිසා දැනට ලංකාවේ නිලවශයෙන් අලෙවියට නැති oneplus වැනි දුරකථන වලට මෙම VoLTE පහසුකම ලබාගැනීම ගැටලු මතුවේ

 

VoLTE ලංකාවට සහය
පුද්ගලිකව Oneplus සමාගමෙන් විමසීම් කල විට ඔව්න් පැවසුවේ ඉදිරි අනාගතය‌ේ ලංකාවේ ඔව්න්ග‌ේ උපකරණ නිලවශයෙන් අලවිය පටන්ගත්විට මෙම සැකසුම් සිදුකරන බවයි
දුරකථන ජාලය ඒ වෙනුවෙන් සියල්ල සූදානම් උවත් නිශ්පාදකයාගේ සහය නැතිව කිරීම අපහසුය

 

‌දීර්ග කාලීන පිලියමක්
දැනට සාර්ථකව අත්හදා බලන ජාලයන් විිවිධ දුරකථන හා දුරකතන චිප් නිශ්පාදකයන් තම නිශ්පාදන වලට ඇතුලත් කරනවා සේම GSMA ආයතනය මෙම සැකසුම් ලබාදීමට හා යාවත්කාලීන කිරීමට ප‌ොදු පද්ධතියක් එලිදැක්වීමට අවශ්‍යය කටයුත් කරගෙන යන බවටත් ආරන්චි තිබේ. එවිට දුරකථන අදාල සර්වර් වලින් මෙම සැකසුම් ඉදිරියේදී ලබාගැනීමට හැකිවනු ඇත

 

VOIP හා VoLTE
සාමාන්‍යය Data භාවිතා කර VOIP ඇමතුමක් ගැනීම හා VoLTE අතර බ‌ොහෝ දරට සමානකම් ඇති අතර විශ‌ේෂ වෙනසකට ඇත්ත‌ේ මෙහිදි VoLTE ඇමතුමට අදාල data සදහා ජලයේ හිමිවන මූලිකත්වය වැඩි වීමයි. නමුත් සාමාන්‍යය SIP ඇමතුම් Data හා අනෙකුත් Data වලට සමාන මුලිකත්වයක් හිමිවේ

මම මීට කලින් භාවිතා කල ඇපල් දුරථනය‌ේ සිට Oneplus වෙත මාරු උනාට පසුව UX වලට පසුව තිබුන ලොකුම ගැටලුව තමා VoLTE වැඩ නැති එක. ඇමතුමකදි data නෑ. එම නිසා සමහර ඇප් වැඩත් නෑ. ඩයල‌ොග්‌ අයට oneplus සහයක් නැතිව වැඩේ ග‌ොඩ දාන්නත් බෑ. බලන් ඉන්න බැරිම තැන විවිධ අත්හදා බැලීම් කරල වැ‌‌ඩේ ග‌ොඩදාගත්ත

 

දුරකථනයට බලෙන් VoLTE සක්‍රිය කිරීම
1. ඩයල් පෑඩය‌ේ *#800# යොදා සේවා මෙනුව විවෘත කරගන්න (විවෘත කිරීමේදී ලැබෙන පණිවිඩය Enter කරන්න)
2. එහි oneplus Logkit -> Function Switch වෙත යන්න
3. එහි VoLTE Switch සක්‍රිය කර දුරකථනය ප්‍රතිපන ගන්වන්න.

Force Enable VoLTE

දැන් ඔබග‌ේ දුරකථනයේ Settings ->WiFi & Internet -> SIM & Network -> SIM 1/ SIM 2 හි VoLTE බොත්තමක් ඇත

VoLTE in Config

මෙය සිදුකලත් අපග‌ේ ජාලයේ සැකසුම නැතිනිසා දුරකතනයේ VoLTE සක්‍රිය නොවේ. එයට පහත ඉතිරි පියවර සම්පුර්ණ කරන්න

 

සැකසුම් වෙනස් කරන ආකාරය
1. මුලින්ම පහත ඩවුන්ල‌ෝඩ් දෙක බාගන්න

ඉහත ලින්ක් දෙක වෙනුවට වෙනත් ලින්ක් භාවිතා කර ‌හ‌ෝ භාගත කිරීම කල හැකිය
මා භාවිතා කල පිටපත හ‌ෝ ඊට පසු පිටපතක් භාවිතා කල හැකිය. පෙර පිටපත්වල සමහර වි‌ශේෂාංග නොමැත

2. දුරකථනය‌ේ *#801# ඩයල් කර විවෘත වන ඇප් එක‌ේ Serial හා Full-Port switch දෙකම On කරන්න

Enable Serial

3. [1] ලින්කුවේ ඇති Drivers ටික ස්ථාපනය කරගන්න. එහිදි USB Ethernet ආකාරය තෝරාගන්න.

Device Manager

4. ඉනපස් QPST ටූලය ස්ථාපනය කරගන්න

5. දුරකථනය USB හා සම්බන්ධ කරන්න. ඉන්පස් All Programs -> QPST -> Software Download ඇප් එක Administrator විදිහට විවීත කරන්න.

QPST

6. ඇප් එක මගින් දුරකථනය හදුනාගන්නා අතර එහි MCFG_PDC ටැබයට ග‌ොස Dropdown menu හි දුරකතය තෝරන්න. ඉන්පසු දුරකථනයේ ඇති සැකසුම් පහල ලැයිස්තුවේ දිස්වේ.

MCFG

7. එම ලැයිස්තුවේ Oversea-Commercial_DS සොයාගන්න. එය right click කර Deactivate හි Sub0 හා Sub1 වෙන වෙනම තෝරන්න..

Overseas
8. ඉන්පස් Oversea-Commercial_DS නැවත තෝරා පැත්තෙන් ඇති Remove බටනය මගින් ලැයිස්තුවෙන් එය අයින් කරන්න

9. දැන් ඇප් එක වසා 5,6 පියවර උපය‌ෝගීකරගෙන නැව එම ලැයිස්තුවටම යන්න

10. එහි Telefonica_UK_Commercial මත Right Click කර එහි SetSelectedConfig හි Sub0 හා Sub1 වෙන වෙනම සිදුකරන්න

Act

 

Act-Pending

11. ඉන්පසු ඉහත Telefonica_UK_Commercial තෝරා Activate බොත්තම මගින් එය සක්‍රිය කර මෘදුකාංගය වසා දමා දුරකථනය ප්‍රතිපන ගන්වන්න.

Activated

 

පරික්ෂා කිරීම
දැන් දුරකථනයෝ VoLTE පහසුකම වැඩ කල යුුතුය. එය පරික්ෂා කිරීමට
1. *#*#4636#*#* ඩයල් කර Phone Information වෙත යන්න
2. ඔබට 4G Signal තිබේනම් එහි Voice Network එක LTE ලෙස තිබිය යුතුය.

LTE Status
3. තවද උඩ ඇත … මෙනු අයිකනයෙන් IMS Service Status හි Voice over LTE : Available විය යුතුය

IMS Status
4. 4G සිග්නල් ඇති තැනක සිට ඇමතුමක් ගැනීමේදී 4G වලම සිටිය යුතුය

VoLTE on OnePlus 6
5. VoLTE සලකුන දිස්විය යුතුය

Status

* VoLTE වැඩ කරන්න‌ෙ නැතිනම් දුරකථනය ප්‍රතිපන ගන්වා බලන්න

APN සැකසුම්
නිසියාකාරව වැඩකිරීමට ඔබගෝ APN සැකසුම් නිසියාකාරව තිබිය යුතුය
Settings ->WiFi & Internet -> SIM & Network -> SIM 1/ SIM 2 -> Access Point Names හි තෝරා ඇති Profile එකෙහි

APN : dialogbb
APN Type : default,supl,mms,ims,xcap

APN

 

VoLTE ලකුණ

Settings -> Display -> Status Bar -> Icon Manager හි VoLTE අයිකනය සක්‍රිය කර තිබිය යුතුය

වැඩි විස්තර

  • මෙම වෙනස්කම සිදුකිරීමේදි දුරකථනයට හානියක් වීමට අවදානමක් ඇති අතර ඔබ අවදානම බාරගත යුතුය
  • මෙහි විස්තර හෝ සැකසුම් කිසිවක් oneplus හෝ Dialog Axiata සමාගම ලබාදුන් ඒව නොවන අතර අත්හදාබැලීම් හා අන්තර්ජාලයෙන් සොයාගත් කරුණු වේ
  • මෙම ක්‍රමය Qualcomm සමාගමෙ Processor මත නිශ්පාදිත බොහෝ Android දුරකථන වලට ක්‍රියා කල හැකිය
  • මෙම ක්‍රමය VoLTE සක්‍රිය කිරීමට ඇති එක ක්‍රිමයක් පමණක් වන අතර තවත් විවිධ ක්‍රම ඇත. ඉන් ප්‍රධානතම ක්‍රමය වනුයේ Root කර BUILD PROPERTIES (build.prop) වෙනස් කිරීම හෝ එය වෙනස් කල යාවත්කාලීනක් බලෙන් දැමීමයි. එහි මෙම ක්‍රමයට වඩා අවධානමක් හා root කර තිබිය යුතු නිසා මෙය සාර්ථකව ඕනෑම Root නොකල දුරකථනයක කල හැකිය
  • විශේෂ ස්තූතිය කරුණු සෙවීමට උදව් කල Crishane Perera ‌ට
  • මෙම පහසුකම මගින් ඇමතුම් ගැනීමේදී සමහර අවස්ථාවල 4G Signal  අඩු අවස්තාවල 3G වෙත මාරුවීමේදී හරි හැටි ඇමතුම බාර නොදුන්නහ‌ොත් ඇමතුම විසන්ධි වේ. එම නිසා සාමාන්‍යය ඇමතුම් වලට වඩා ඇමතුම් අතරමග විසන්දිවීම් වැඩිවිය හැකිය
  • VoLTE ‌හෝ 4G හි ගුනාත්මක භාවයට ජාලය හා දුරකථනය යන‌ දෙකෙහිම මනා සහයෝගය ඉතා වැදගත්ය. විශේෂයෙන් ඇපල් දුරකථන නිතර නිතර 4G 3G අතර වෙනස් වන නිසා සමහර අනික් දුරකථන වලට වඩා වැඩි වශයෙන් ඇමතුම් බිදවැටිය හැකිය (මෙම බිදවැටීම් මෙම සේවාව ලංකාව තුල සිට දියත් කල කාලට සාප‌ේක්ෂව ඉතා අඩු මට්ටමක දැන් පවතී)
  • VoLTE පහසුකම සමග ඔබ ජාලය  සමග සම්බන්ධ වනවා සේම අනික් පාර්ෂවයද VoLTE සහිතව සම්බන්ධනොවුවහ‌ොත් සමහර විශ‌ේෂාන්ග පහසුකම් අත්විදිය නොහැකිය

ඇසුර
https://forum.xda-developers.com/oneplus-5t/how-to/guide-volte-vowifi-german-carriers-t3817542

Enable Dialog Sri Lanka VoLTE on Oneplus 6 [Qualcomm Phones] Without Root

2 thoughts on “Enable Dialog Sri Lanka VoLTE on Oneplus 6 [Qualcomm Phones] Without Root

Leave a Reply

Your email address will not be published. Required fields are marked *