බොහෝ‍ දෙනෙක්ට තියන ගැටලුවක් තමා වෙබ්කෑම් එක. සමහරු මොගාපික්සල් ගණම් වල කැමරා හොයනව, හොයල අරගෙනත් යනව. ඒත් ටික දවසකින් අහපහු එනව වීඩියෝ කොලිටි නෑ කියල. මේක සාමාන්‍යය දෙයක්. ඒත් මේකට හේතුව බොහෝ දුරට කැමරා‍ව නෙවේ.

නියමාකාරයෙන් පෙනිය යුතු අයුරු
නියමාකාරයෙන් පෙනිය යුතු අයුරු
වේගය අඩු නිසා පෙනෙන අයුරු
වේගය අඩු නිසා පෙනෙන අයුරු (මෙහි ගුණාත්මක භාවය වේගය අනුව අඩුවැඩි විය හැක)

මේ විදිහට ගේන අය හුගක්දෙනෙක් කියන්නෙ අපිට අපේ වීඩියෝ එක හොදට පේනව, ඒත් අනිත් පැත්තෙ ඉන්න එක්කෙනාට අපිව පේන්නෙ බොද වෙලා. ඒත් ඒ කෙනාව අපිට හොදට පේනව.  මේකට හේතුව කැමරාව නෙවේ. සාමාන්‍යය වෙලද පොලේ ඇති කැමරා ‍වලින් අපිට අපගේ පරිගණකයේ පේන විදිහටම ඒ අයට යන්නෙ නෑ. ඒක‍ට හේතුව තමා අපගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය. මේ ගැටලුව හුගක් තියෙන්නෙ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා (ටෙලිකොම් ADSL, Dialog WiMax, Lankabell WiMax)  භාවිතා කරන අයට. ඒක‍ට හේතුව මේ සම්බන්ධතා වල( සාමාන්‍යය ගෙදරට දෙන සම්බන්ධතාවයක) උඩුගත කිරීමේ උපරිම වේගය 128kbps වෙනව. මේ වේගයෙන් තමා අපගේ කටහඩත්, වීඩියෝත් අනෙක් කෙනාට යන්නෙ. ඒත් සාමාන්‍යය වීඩියෝ එකක් යන්න ගුණාත්මක භාවයෙන් යන්න මේ වේගය මදි. ඒත් ඒ අයගෙ වීඩියෝ අපිට හොදට එනව. මේ කථා කරන අ‍යගෙන් බොහෝ දෙනා ඉන්නෙ විදේශ රටවල. ඒ රටවල බොහෝ සම්බන්ධතාවල උඩුගත කිරීමේ වේගය හොද මට්ටමක තියනව (සමහර රටවල අපේ තරම්වත් නෑ), ඒක නිසා එයාලගෙ වීඩියෝ හොද ගුණාත්මක භාවයෙන් උඩුගත වෙලා අපගේ පරිගණකයට අප යවනවාට වඩා හොද ගුණාත්මක භායකින් අපිට ලැ‍බෙනව. මොකද අපගේ බාගත කිරීමේ වේගය 512kbps නිසා

සරලව කිව්වොත් අපි අනෙක් පාර්ශවයේ Download හා Upload Speed එක 512kbps ට වඩා වැඩි සිතමු
ඒත් අපේ

Download – 512kbps
Upload – 128kbps
අපි යවන්නෙ 128kbps ගුණාත්මක භාවයෙන් යුතු වීඩියෝ. ඒ අය අපිට එවන්නෙ 512kbps ගුණාත්මක භාවයෙන් යුතු වීඩියෝ (වීඩියෝ හා හඬ එකතුව)

එතකොට වෙනස වටහාගන්න පුලුවන්නෙ. මේකට කැමරාවට බැනල වැඩක් නෑ. කැමරවෙ preview එකෙන් අපිට හොදට පේනවනම් අවුල තියෙන්නෙ අන්තර්ජාල සම්බන්ධතාවයෙ. සාමාන්‍යයෙන් ටෙලිකොම් වල 128kbps කීව‍ට සමහරුන්ට ලැබෙන්නෙ 110kbps ට ආසන්න වේගයක්. ඒකෙ‍නුත් මුලු වේගයම ස්කයිප් භාවිතා කරන්නෙ නෑ. භාගත කිරීමේ වේගයත් ඒ වගේමයි. මේ වෙලාවට වෙන ටොරන්ට් වගේ යනවනම් තවත් අඩුයි.
නමුත් කැමරාවෙ ගුළණාත්මක භාවයත් යම්තාක් දුරට බල නොපානව නෙවේ. ඒත් අපේ සම්බන්ධතා අනුව වැඩිපුර බලපාන්නෙ අන්තර්ජාල වේගය. අපි වැඩිපුර හිතන්න ඕනෙ ඒ ගැනයි. අපි කැමරාවට හොද ආලෝක කරනයක් ඇතිව මුහුණ දෙනවනම්, Preview එක හරියට එනවනම් ඒච්චරයි. ඒත් තව දෙයක්, සාමාන්‍යය එක එක නම් ගහල එන ලෝකල් කැමරා වලට වඩා ලැප්ටොප් වල එන ඒව, නියම නම් වලින් එන කැමරාවල Preview එකෙත් යම් හොද ගුණාත්මකභායක් තියනව, ලෝකල් ඒව‍ට වඩා.

කැමරාව ගුණ සැකනම් Manycam වැනි නොමිලේ ලබාදෙන මෘදුකාංගය් ආධාරයෙන් කැමරාව වෙනුවට Video එකක් දාල අනෙක් කෙනාට ඇමතුමක් අරන් පරික්ෂා කරල බලල තේරුම් ගන්න පුලුවන්‍

සාමාන්‍යයෙන් ස්ථාවර සම්බන්ධතාව වල එහෙම උනාට හැමදාම බයින මොබිටෙල් වල මේකෙ අනිත් පැත්ත.‍ මොබිටෙල් එකේ භාගත කිරීමේ වේගය බොහෝ වෙලාවට අඩු උනාට හොද උඩුගත කිරීමේ වේගයක් ලැබෙනව. සාමාන්‍යයෙන් 350Kbps ට ආසන්නව එනව. එතකොට ඒ අයට අපගේ හොද ‍වීඩියෝ එකක් බලාගන්න පුලුවන්. ඒත් බොහෝ වෙලාවට අපිට බලන්න වෙන්නෙ කැඩි කැඩි, නැතිනම් බොද වෙලා. සමහර වෙලා‍වඩ හඩත් කැඩෙනව. හැබැයි ඩයාලොග් HSDPA වල මේ ‍දෙකම යම්තාක් දුරට සමබරයි. ඒත් HSDPA සම්බන්ධතා ADSL තරම් ස්ථායි නැ. වේගය නිතරම වෙනස් වෙනව.

අපිට සාමාන්‍යයෙන් ගෙවල් වලට දෙන සම්බන්ධතා වල ‍වේගය 128kbps, නමුත් ටෙලිකොම් වල 2Mbps/512kbps සම්බන්ධතාවයනුත් තියනව. ඒක රු 6000කට ආසන්නයි. ඩයලොග් වල 1mbps දක්වා උඩුගත් වේගයක් ලබාගන්න පුලුවන්. ඒක‍ට මාසිකව රු 12500කට වැඩි මුදලක් ගෙවන්න වෙනව.

දැනට අලුතින් එන Skype සංස්කරන HD (High Definitions)  වීඩියෝ ඇමතුම් සඳහා සහය දක්වනව. ඒ කියන්නෙ ඉතා ඉහල ගුණාත්මක භායකින් යුතුව අපිට වීඩියෝ ඇමතුම් ගන්න පුලුවන්. ඒකට අපිට 1Mbps ට වඩා Upload/Download වේගයක් ඇති අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන්න ඕනෙ. ඊට අමතරව HD වෙබ්කෑම් එකක් අවශ්‍යයි. අපගේ පරිගණකයත් හොද වේගයක් තිබිය යුතු අතර හොදින්ම නැරබීමටනම් HD සහය දක්වන මොනිටරයක් අවශ්‍යය වෙනව.

HD Camera
HD Web Camera
HD Webcam
HD Web Camera

Skype ‍HD ගැන – http://blogs.skype.com/en/2010/01/hd_video_calls.html
HD Webcam – http://www.skype.com/go/shop.accessories.front?cm_mmc=socialm|skypeblogs-_-global|intl|en-_-bigblog-_-hd
තමන්ගේ වේගය පරික්ෂා කරගන්න Speedtest – www.speedtest.net
Manycam මෘදුකාංගය – www.manycam.com

Skype video quality drop by our Internet speed, 90% Its not a webcam issue

3 thoughts on “Skype video quality drop by our Internet speed, 90% Its not a webcam issue

Leave a Reply to රොෂාන් එරංග Cancel reply

Your email address will not be published. Required fields are marked *